රතු මරණය සහ අවසන් බාල් නැටුම - 8

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 8

    ===========================================
    කතෘ: එඩ්ගර් ඇලන් පෝ
    පරිවර්තනය: කසුන් ලියනගේ (Dark_soul_of_the_night)
    ===========================================

    ඔරලෝසුවෙහි රෑ දොලහේ කණිසම වදින තුරැ ගාලගෝට්ටිය පැවැතීගෙන ගියේ ය. එවිට සියල්ල පෙර මෙන්ම නිශ්චල විය. මෙම නිශ්චලත්වය හේතුවෙන් කලබලය පහව ගිය අතර, බොහෝ දෙනෙකුට පෙර නොදුටු විරෑ දෙයක් පෙනී ගියේය. එනම්, පෙර කිසිවෙක් නොදුටු වෙස් මුහුණු ලා ගත් රැවක් ආගාරය තුළට ඇතුළු වී ඇති බවයි. මෙම අළුත් සොයා ගැනීමෙහි රාවය කොතරම් පැතිර ගියාද කිවහොත්, අවසානයෙහි පිරිස තුළින් විශ්මයාර්ථය හගවන-සුළු මුණු මුණුවක් පැතිර යන්නට පටන් ගත්තේ ය. එහෙත් වැඩි වේලා යන්නට පෙර පැතිර ගියේ භීතිය සහ පිළිකුලයි.

    එතැන සිටි පිරිසද අවතාර හොල්මන් සේ ඇද පැළද සිටි හෙයින් මේ අළුත් අවතාරය දැකීමෙන් භීතියක් පහළ වීමට නම් එහි කිසියම් විශේෂත්වයක් තිබිය යුතු ය. හේතුව වූයේ, මෙම අළුත් පුද්ගලයා එතැන සිටි එවුනටද වඩා භයංකර විලාශයක් දැරීමයි. ඔහු කුමරැ පිරිස වෙත සැපයූ අස්භාවික ඇදුම් පැළදුම් සහ වෙස් මුහුණු වලට ද වඩා වැඩි අස්වාභාවික බවකින් යුතු ඇගළුම් ඇග ලා සිටියේ ය. ඔහු අනෙකුන් ගේ අස්වාභාවිකත්වය පැරදූ අතර, ඔහු අනෙකුන් අතර වැජඹුනේ ය.

    නිර්භය සල්ලාලයින් ගේ හදවත් තුළ ඇති ස්වර තන්තු වැයීමට ප්‍රභල කම්පණයක් මිස වෙන මගක් නොමැති ය. එමෙන්ම, ජීවිතය මෙන්ම මරණයද එකසේ විසුළුවක් වූ, ව්‍යාකූල වූ ජීවිතයකින් යුතු අයවළුනට පවා, විසිළුවක් නොවන කාරණා තිබෙන්නේ ය. පිරිස මේ මොහොතේ වටහා ගත් කරැණක් වූයේ, අළුත් අමුත්තා හෝ ඔහුගේ ඇදුම් පැළදුම්, පෙර, ආගාරයන් තුළ කොතැනවත් නොතිබුනු දෑ වූ බවයි.

    කෙසේ වෙතත්, මෙම අමුත්තා ලෙඩෙකු මෙන් ඇද පළුදු වී සිටි අතර, එමෙන්ම ඔහු උසැති විය. ඔහු හිසෙහි සිට පාදාන්තය දක්වා හැද සිටියේ, මළ මිනියකට අන්දවන්නාක් බදු ඇදුම් පැළදුම්ය. ඔහු ගේ වෙස් මුහුණ නිරෑපණය කළේ ගල් ව ගිය මළ මිනියක මුහුණයි. ලං වී සූක්ෂමව බලන්නෙකුට පවා, එම වෙස් මුහුණ සැබැවින්ම වෙස් මුහුණක් බවට හදුනාගත නොහැකි විය!

    To Be Continued..