රතු රත්තරං (කුංකුම) හදන හැටි

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    රතු රත්තරං (කුංකුම) හදන හැටි

    කුංකුම සියවස් ගණනාවක සිට ප්‍රධාන කුළුබඩුවක්, සුවඳ ද්‍රව්‍යක්, සායම් ද්‍රව්‍යක් සහ ඖෂධිය ද්‍රව්‍යක් ලෙස ප්‍රචලිතව ඇත. මෙය බර අනුව ලොව මිල අධිකම කුළු බඩු අතුරින් එකකි. එය කුංකුම නමින් හැඳින්වෙන කාබේරිය ගස් වර්ගයක් වන, වඳ කුඩා මල් සහිත සහ පැලෑටියකින් බෝ වන ශාකයකින් නෙලාගත් කලංක වලින් සමන්විත වේ. රතු රත්තරං ලෙසද අන්වර්ථ නාමයෙන් මෙම කුඑබඩුව හදුන්වයි.

    එසේ ලබා ගත් කලංක වියලීමෙන් ලැබෙන කෙඳි ඒවායේ කහට රසය, සුවඳ සහ සුළු ලෝහක ගතියට අනුව වර්ගීකරණයට ලක් කෙරේ.

    හදන හැටි බලන්න...






    වනාන්තරයේ කුංකුම ශාකය අප්‍රකටය; එය ක්‍රීට් හෝ මධ්‍යම ආසියාවේ ජනිත වුණු පුර්වග කාබේරිය වර්ගයකි. කුංකුම ශාකයේ නිජ භූමිය නිරිත දිග ආසියාව වන අතර ප්‍රථම වරට වර්තමානයේ ග්‍රීසිය නමින් හැදින්වෙන ප්‍රදේශයේ කුංකුම වගා කොට ඇත.

    පුරාණයේ සිට නූතන කාලය දක්වා කුංකුම වල ඉතිහාසය සලකා බැලීමේදී එය ආහාර, පාන, සහ සාම්ප්‍රදායික ශාකමය ඖෂධ සඳහා බහුලව යොදගෙන ඇත.

    අප්‍රිකාව සහ ආසියාවේ සිට යුරෝපය සහ ඇමරිකාව වෙත එවන දීප්තිමත් රතු පැහැති කුංකුම කෙඳි ආහාර පිළිස්සීම්, ව්‍යංජන සහ මත්පැන් වලට යොදා ගැනීමේදි ප්‍රමුක ස්ථානයක් ලබා ගෙන ඇත. ඒවා රෙදිපිලි සහ අනෙකුත් භාණ්ඩ වර්ණ ගැන්වීම සදහා යොදා ගන්නා අතර දේශපාලන ප්‍රභූන්ට සහ ආගමික ප්‍රවීණයන්ට සමාජයේ උසස් බවක් පිරිනැමීමට උපකාරී වේ.

    ආදි මිනිසුන් උදරාබාධ, කුද්දෙටි නිසා ඇති වන වේදනාව, මසූරිය වැනි රෝග සදහා ප්‍රතිකාර කිරීමට කුංකුම යොදාගෙන ඇත. නවීන පර්යේෂණාත්මක අධ්‍යනයන්ට අනුව එය සතුව පිළිකා නිෂේධනය, ආසාත්මිකතා මර්දනය, මානසික අවපාතයට එරෙහිව සටන් කල හැකි බව හා තෘප්තිමත් භාවය වැඩි දියුණු කළ හැකි බව වැනි සෞඛ්‍යමය වාසි ‍රැසක් පවතින බව හෙලි වී ඇත.

    කුංකුම ශාකයේ වගාව දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දියාවට නිරිත දෙසින් හා චීනයට ඊශාන දෙසින් වූ මධ්‍යධරණී මුහුදෙන් මායිම් වූ පුළුල් යුරෝ- ආසියානු කලාපයට මධ්‍යගතව පවතී. ඉරාණය, ස්පාඤ්ඤය, ඉන්දියාව සහ ග්‍රීසිය පුරාණ කාලයේ සිටම කුංකුම නිෂ්පාදනයේ ප්‍රමුඛත්වයක් ඉසිලූ අතර වර්තමානය වන විටද ලෝක වෙළඳ පොල අභිභවා සිටී.

    එක්සත් රාජධානියේ “සැෆ්‍රන් වෝල්ඩන්” හිද සාර්ථක ලෙස කුංකුම වගා කර ඇත. ඇමෙරිකාවේ කුංකුම වගා කිරීම ආරම්භ කරන ලද්දේ පෙනිසිල්වේනියාවේ ස්වෙන්ක්ෆෙල්ඩර් පල්ලියේ සාමාජිකයින් විසිනි. මෑත කාලීන දශක වන විට නවසීලන්තය, ටැස්මේනියාව සහ කැලිෆෝනියාව පුරා ද කුංකුම වගාව පැතිරී ඇත. මෑත කාලිනව වාර්ෂික ලෝක නිෂ්පාදනයෙන් 90-93% අතර ප්‍රමාණයක් ඉරාණය සතුව පවතී.

    ජය.......:love::love:

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    84.gif

    රෙප් දුන්නා