රථවාහන පොලිසිය ගැන අපි දැනගත යුතු ‍දේ......!

hi90

Member
Nov 24, 2007
217
48
0
රථවාහන පොලිසිය ගැන අපි දැනගත යුතු ‍දේ......!

යාලුවනේ මේ මගේ දෙවෙනි post එක. හවස් යාමේ ‍‍ෆෙස් බුකියේ සැරිසරද්දි කියවන්න ලැබුනු ලිපියක් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුනා. කියවලා බලලා හො‍දනම් comment එක්ක හරි bump එකක් හරි දාලා යන්න. Repost නම් සොරි වෙන්න ඕන. :)

1000691_10151703100212147_1485918012_n.jpg


අපි හැමෝම පාරේ ගමනක් යනකොට නිතරම වගේ දකින්න ලැබෙනවනේ පොලිස් මාමලා. එයාලා නිකම්ම නිකන් පොලිස් මාමලා නෙමෙයි traffic පොලිස් මාමලා. ;) :cool: ඉතින් මෙයාලා රැයක් දවාලක් නැතුව රාජකාරි කරනවා දැකලා තියනවනේ ඔයාලා. ඉතින් අපිත් පෞද්ගලික ප්‍රවාහනයේ හරි පොදු ප්‍රවාහනයේ හරි යද්ද මේ රථවාහන පොලිස් නිලධාරි‍න්ගෙන් අත්විදින්න වෙන සිදුවිම් නැතුවාම නෙමෙයිනේ. ඉතින් අපි බලමු රථවාහන පොලිසි‍යෙන් අපට යම් ගැටලුවක් අවම අපි ගන්න ඕන පියවර මොනවද කියලා.

1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12 ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.
:nerd::nerd::nerd:

මේ කරුණු ඔයාලාට‍ වැදගත් වෙයි කියලා හිතුන නිසයි දැන්මේ. කියවලා බලලා comment එකක් දාලම යන්න.
 

hi90

Member
Nov 24, 2007
217
48
0
මචන් ඕක කවුද උඹට කිව්වේ ?? උඹ පොලීසියෙන් ඇහුවද ඕක ගැන...

meke thiyana godak karunu apita hamadama ahanna dakinna labena dewal mchn. paththara walin tv eken mey wage dewal danuwath karala thiyanawa.
 

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    meke thiyana godak karunu apita hamadama ahanna dakinna labena dewal mchn. paththara walin tv eken mey wage dewal danuwath karala thiyanawa.


    ඕකේ තියන එක පොලීසියට ගිහින් කියලා බලපන් මොකද වෙන්නේ කියලා...

    වැඩිය ඕන නෑ "ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය."....

    අම්මටසිරි උඹ රාජකාරිය අවසන් කරලා හරි ඉන්න යුනිෆොම් ඉන්න එකෙන් නවත්තන්න කියලා උඹ නැවැත්තුවේ නැත්තම්, "පොලිස් අණ නොතකා ගමන් කිරීම"... උසාවි... කෙලින්ම දවස් 14ක් ඇතුලේ...


    උඹට sure නැත්තම් මේ link එක බලපන්, or Police HQ කතා කරලා බලපන්

    http://www.police.lk/index.php/special-events-/685-find-out-the-truth




    අම්මපා මට වෙලා තියන නිසා කියන්නේ, හොඳ වෙලාවට දන්න දන්න එවුන් නිසා ගොඩ ගියා
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අනේ පල යන්න පොලිස් කාරයන්ට ඕව කියන්න ගිහින් කුඩුවේ ලගින්නේ නැතුව 100 200 දීල මාරු වෙන්න බලපල්ලා
     

    thanujaka

    Well-known member
  • පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.



    මේ වනවිට ත්‍රස්ථවාදය වැළැක්වීමේ පණත ක්‍රියාත්මක වෙන නිසා මේක දැන් වලංගු වෙන්නෙ නෑ...:)