"කොළුවට රථ ගාය" පට්ටම පට්ට ඇඩ් එකකි. බැලුවේ නැත්නම් දවසක්ම රූපවතී දිහා බලාගෙන ඉඳලා බැලුවත් පාඩූ නැත. ඉන්නේත් පට්ටම පට්ට නළු නිළි සැට් එකොකි. මටත් පොඩි කාළේ රථ ගාය තදටම තිබිනි. තාත්තාගේ ඇන්ජිම නැති පුස්සගන් එක තාප්පයට ඇන හොඳටම බැනුම් අසා ගත්තෙමි. මල්ලිගේ රථ ගායට, රතු පාට ලී කෑල්ලක් දෙහි ඇඹුලෙන් ඌරච්චි කර ගෑ බවත් මතක ඇත. ඒවා ගෑ විට තවත් රතුවේ. ඒත් දෙසරයක් තුන් සැරයක් ගාන විට අර රථ ගාය නැතිවේ.
මදන විසෙත් එක්කම තවත් රථ ගායක් ආවේය. ඒ බයික් ගායයි. අස්වයා වගේ කකුල බිම තියාගන්නත් බැරි ට්‍රේල් බයික් පිස්සුව තදින්ම තිබුනේය. හැම්ලට් උවමනා නැත. ගමටම ඇහෙන්න සද්දේ දාගෙන යන කොට බඩු වැටෙනවාය. ඊළගට බඩුවත් දාගෙන පදිනවාය. හරි ජොලිය. බඩුව ඇඟටම එනවාය. ඒ බයිසිකොල් වල හැටිය. හදපු එකාට පින් අයිති වෙනවාය. වැටුනු බඩුවත් එක්කම, දෙන්නම වැටෙනවාය. එතකොට හොන්ඩා වාට්ටුවට දමනවාය. ඒ කියන්නේ ඇක්සිඩොන්ට් වෝඩ් එකය. ඒ තරමට පුටුං බුංම් හැප්පිලාය.
හොන්ඩා, යමහාට අමතර කෑව හැකි ද වැහි වැහැලා තිබුනේය. මොකක්ද වර්ගේ කියලා ඇහුවාම නොසන්ඩාල එවුන් කියන්නේ හොන්ඩා ජුලෝලා කියාය. අනිත් පැත්තට හැරෙව්වාම කුණුහබ්බයක්ය. බෙල්ල අනික් පැත්තට හරවපු කතාවක්ද ඇත. දන්නෙ නැති උන්ට පස්සේ කියන්නේය. ඊට පස්සේ රෝද හතරේ ගාය ආවෙය. දැන් නම් රථ ගාය නැත. එළවන එකත් මළ වදයක්ය. ඒත් අපට තිබුනු ගාය තියෙන් එවුන් තවමත් පාරේ යන්නේය. හොඳම රියදුරු සම්මානය ත්‍රී වීල් මල්ලිලාටය. පට්ට රියදුරන්ය. හිතෙන තැන යූ ටර්න් ගහනවාය. මල්ලි පමනක් නොව සියල්ලන්ම නිවන් යනවාය.
අනෙක් කෂ්ඨිය බයිසිකල් මල්ලිලාය, ලීස් දමා ගන්නවාය. ලූස් වගේ මැද්දෙන්ම යනවාය. අනෙක් රථ අයින් කරන් යනවාය. මහාචාර්ය පදවිය බස් රථාචාර්යටය. කන ගෑවෙන්න වංගු ගත්තේ නැත්නම් හිතට මදි වගේය. උපරිම වේගය හැටය. වංගුව ගන්නේ අසූවටය. ඉස්සරහ බේරූනත් පුක මූනේ වදිනවාමය. හැමෝටම රථ ගායය. ලීසීන් පහසුවෙන් දෙනවාය. ඇප කරුවන් අනවශ්‍යය. ඇල්ටෝවක් ගන්නවාය. බරභාගේ වගේ කොට කොටා යනවාය. අත් දෙකෙන්ම ස්ටියරින් එක බදා ගත්ත ගමන්ය. සීට් කවරත් කඩා නැත. නම පෙරුම් පුරාය.
පොස්ට් එක ලිව්වේ මේ බයිලා කියන්නට නොවේය. හොඳම රථ ගාය ගැන ලියන්නටය. ඒක අමුතුම එකක්ය. යුද්ධය සඳහා කැප වී සිටී බැවින් හා කැප කර සිටි බැවින් ඉවසාගෙන සිටියේය. මහා එකාත් නන්දිකඩාල්වලදි විමුක්තිය ලබාගත්තේය. එත් ගොන් ඇ.මැට්ටලා තවමත් කාටදෝ බයය. යන්නේ ආරක්ෂක රථ පිරිවරාගෙනය. යනවා නොවේය ඉගිලෙනවාය. ඇ.මැට්ටායි ආරක්ෂකයොයි සන් ග්ලාස් දමාගෙනය. ඒ නිසා දවල්ටත් පේන්නේ නැත. උන්ට කොහොමත් ජනතාව පේන්නේ නැත. ඒ නිසා පට්ට දවල්ටත් හෙඩ් ලයිට් දමාගෙනය.ඇ.මැට්ටා ඇතුලේය, ජනතාවට දැකීම අප්පිරියය. ඒ නිසා ආරක්ෂක කෂ්ඨිය අත වනනවාය. අපි නැමෙනවාය. මාරම ආතල්ය. හෝන් ගහනවාය. අත වනනවාය. අපි මැරෙනවාය.
ඊයේ පෙරේදාත් එකෙක් හැප්පුවේය. බබා ගේන්න එයාපෝට් යන ගමන්ය. ඇ.මැට්ටා ගේන්න නෙමේය. ඇ.මැට්ටාට දුකය. අපටත් දුකය. මළ එකාට සැපය. මේ විකාර තවත් දකින්නට නොලැබේය. ලොක්කාත් ගේමක් ඇද්දේය. ඒත් තවමත් යනවාය. ඇති වැඩකුත් නැත්තේය. කරන මළදානයකුත් නැත්තේය. නාන්න යනවා වෙන්නැතිය. ඒ වගත් මෙසේය.
ඔබ සැමට සුබ අනාගතයක්ය...!!!
http://maathalan.blogspot.com/
