රන්ජන් ජාතික රෝහලට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113


    අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා අද (11) කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

    ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනයට ඉදිරිපත් කළ ඒ මහතා, වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු නැවත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

    එම වෛද්‍ය සානයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා නැවතත් රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කරන ලෙසට එහි වෛද්‍යවරු සදහන් කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

    ඒ හේතුවෙන් ඔහු කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.

    රන්ජන් රාමනායක මහතාට දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඉකුත් ජුලි මස 10 වැනිදා සිට සතියකට ආසන්න කාලයක් ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය විසින් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගනු ලැබ තිබුණේ ඉකුත් ජුනි මස 26 වැනිදාය.

    රන්ජන් රාමණායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම සිර දඩුවම නියම කෙරුණේ ඉකුත් ජුනි මස 12 වැනිදාය. පසුව, මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායනය අවසන් කිරීමෙන් පසු ඒ මහතාව බන්ධනාගාරය අගුණකොළපැලැස්ස බන්ධානාගරය වෙත රැගෙන ගොස් තිබිණී.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    හොද වැඩේ ඕකට මෝඩ ගොන් අනුන්ගේ ගෑනුත් එක්ක නිදිය ගෙන පවුල් පිටින් විනාශ කරපු වල් බල්ලා
    සෙකස් පාපයක් නම් , තොපිලව අමු අමුවේ විකුණපු රාජපක්ෂලාට මල් තියලා වැදපන්