රන්ජන්-පරිස්සමෙන්

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    රන්ජන්-පරිස්සමෙන්

    "අහෝ! දූෂිත මුඛයක් ඇති තැනැත්ත,
    ළාමක මිනිස, පවිටු තැනැත්ත, තම ගුණද වනසා ගෙන
    පව් කරමින් සිටින, අවජාත අසත්පුරුෂය
    වළකිනු! බොහෝ දෙඩවිල්ලෙන්
    වළකිනු! නිරය ගමනින්"
    ~ භාග්‍යවතුන් වහන්සේ(කෝකාලික සූත්‍රය)

    මේ දිනවල ඔබට අසන්නට ලැ‍‍බෙනවා ඇති පාපී දේශපාලකයන් විසින් සඟ පරපුරට නොයෙකුත් අපහාසාත්මක චෝදනා සිදුකරනවා. ලිංගික අපචාර සම්බන්ධයෙන් පවා චෝදනා සිදු කරනවා. ඇතැම් විටෙක ස්වාමීන් වහන්සේලා දෙනමක් තුන්නමක් අතින් මෙවැනි දෙයක් වන්නට පුළුවනි. එනමුදු සමස්ථ සංඝරත්නයට මෙවැනි චෝදනා කිරීම කල්ප ගණනක් දුගතියෙහි ඉපදීමට හේතුවන අකුසල කර්මයකි. බුද්ධ දේශනාවෙහි ඇත්තේ උපසම්පදා භික්ෂුවකට කාන්තාවකගේ කෙස්ගසක්වත් රාග සිතකින් ස්පර්ශ කිරීම බරපතල ආපත්තියක් ලෙසිනි. මෙවැනි උතුම් සිල්පද සුරකින සංඝරත්නය අදපවා දහස් ගණනකින් වැඩසිටිද්දී මෙවන් නීච දේශපාලකයන් විසින් මේ සිදු කරනු ලබන්නේ සමස්ථ සංඝ සමාජය කෙරෙහිම සැදැහැවතුන්ගේ සිත් තුළ අපහැදීමක් ඇති කොට ඔවුන් අවශ්‍ය අයුරින් රටේ පාලන තන්ත්‍රය හසුරුවාගැනීමටයි.

    හොර මැරකම් වලින් සහ‍ අසික්කිත වැඩ වලින් දූෂිත වී ඇති දේශපාලකයන් කවරෙක්ද පිරිසිදු සංඝරත්නයට මෙවන් අයුරින් චෝදනා කරන්නට. ඔවුන්ගේ වැරදි සංඝරත්නය පිට පැටවීම ඔවුන්ගේ නීච ක්‍රියාවක් බව සියළූ දෙනාගේ සිත්තුළ පිහිටාවා. ඔබ කිසි කලෙකත් සංඝරත්නය කෙරෙහි සිත් අපහදවා නොගනිත්වා.....

    අතීතයේ වැඩසිටි මොහොට්ටි වත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ සුමංගල හිමි, ගංගොඩවිල සෝම හිමි, වාරියපොල සුමංගල හිමි ආදී සඟ පරපුර මේ ලෙසින් රටදැය වෙනුවෙන් කෑගැසුවේ ලිංගික අපචාර වලට හසුවී සමාජය කෙරෙහි උපන් වෛරයකින් කියා චෝදනා කළ හැකිද? මෙවන්දූෂිත මිනිසුන් චෝදනා කරන කල්හීත් මේ සිංහල බෞද්ධයින් නිහඬව සිටීම බෞද්ධ සමාජයේ බිඳවැටීමකි. ඒ නිසා සියළු දෙනා සිහිනුවණ උපදවාගනිත්වා!

    බලන්න මේ බුද්ධ දේශනාව.....

    කෝකාලික භික්ෂුව සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට ගරහා නිරයෙහි ඉපදීම මුල්කොටගෙන භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

    "පුරිසස්ස හි ජාතස්ස - කුඨාරි ජායතේ මුඛේ
    යාය ඡින්දති අත්තානං බාලෝ දුබ්භාසිතං භණං"

    අඥාන තැනැත්තා - කුරිරු බස් නිති දොඩමින්
    තමාවත් නසා ගන්නා - ඒ භයානක “කෙටේරිය”
    උපදින විටම ඔහුගේ - කටෙහි හට ගන්නේමය

    "මුඛදුග්ගවිභූත අනරිය
    භූනහු පාපක දුක්කතකාරී
    පුරිසන්ත කලි අවජාත
    මා බහුභාණිධ නේරයිකෝසි"

    අහෝ! දූෂිත මුඛයක් ඇති තැනැත්ත,
    ළාමක මිනිස, පවිටු තැනැත්ත, තම ගුණද වනසා ගෙන
    පව් කරමින් සිටින, අවජාත අසත්පුරුෂය
    වළකිනු! බොහෝ දෙඩවිල්ලෙන්
    වළකිනු! නිරය ගමනින්

    උපුටා ගැනීම - කෝකාලික සූත්‍රය

    තෙරුවන් සරණයි!!!

    උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.

    Coppied from
    :::::: ශ්‍රාවක :::::::

    වෙබ් අඩවිය : www.shrawaka.com
     
    Last edited:

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    බලන්න මේ බුද්ධ දේශනාව.....

    කෝකාලික භික්ෂුව සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට ගරහා නිරයෙහි ඉපදීම මුල්කොටගෙන භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

    සාරිපුත්තයි මොග්ගල්ලානයි ඡේතවනාරාමෙට එන ගෑනුන්ට අරින්න ගියේ නෑ. බිම්බිසාරගෙන් බෙන්ස් එකක් අරගෙන කොසොල් රජාට රජකමින් අයින් වෙලා ඒ රාජ්‍ය බිම්බිසාරට පවරන්න කිව්වෙ නෑ. බීලා වාහන එලවලා හප්පලා පොලිස් පොතේ නම ලියවිලා නෑ. ඉතින් එහෙම භික්ෂූන්ට බනින එක වැරදී තමයි.

    මිහින්තලේ නායක හාමුදුරු කාරයා පන්සලට දානේ අරන් එන පවුලක අවුරුදු 14 ක කෙල්ලෙක් දූෂණය කරලා නඩු වැටුනම ඌ නිකන්ම නඩුවෙන් නිදහස් උනා. තව එකෙක් ඉන්නවා ගම්පහ ශාසනාරක්ෂක බල මන්ඩලයේ එකෙක් ඌ එන්ගලන්තේ ඉන්න කාලේ පන්සලට ආපු අවුරුදු 8 ක පොඩි කෙල්ලෙක් දූෂණය කරලා එහේ අවුරුදු ගානක් හිරේ ඉඳලා ලංකාවට ආපු එකෙක්. ඕවා ගැන කතා කලොත් සංගරත්නයට අපහාස කලා කියලා රෙද්ද උස්සන් කෑ ගහනවා.

    භික්ෂූන්ව විවේචනය කිරීම ගිහියන්ට සුදුසු නෑ කියන මරිමෝඩ මතය සමාජගතවෙලා තියෙනකන් බුද්ධ ධර්මය විනාශ වෙන එක වලක්වන්න බෑ. පිලිම හැදෙයි පන්සල් හැදෙයි හැබැයි ධර්මයේ හැසිරෙන එක ගිහියෙක්වත් භික්ෂුවක්වත් ඉතුරුවෙන එකක් නෑ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    67235273_2463305090395245_1156323041395867648_n.jpg