රන්ජන් රාමනායක අත්අඩංගුවට .....
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අද(14) පස්වරුවේ අපරාධ විමර්ශන අංශය මගින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹදී අත්අඩංගුවට ගත් බවත්, ඔහු මහනුවර බලා මේ වනවිට රැගෙන එමින් සිටින බවත් මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සඳහන් කරයි. ඔහු හෙට දිනයේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.