රන්ජන් රාමනායක
මාතර සුනිල්‘ නිසා මළ පැන්න මහින්දානන්ද ‘රත්මලානේ දිනේෂ්‘ නමින් පෙර වාද පිටියකදී ඔහුගේම ලේකම් ලවා අර්ජුනට කෝල් දැමූ හැටි
2014.දෙසැ.06, ප.ව.9.30
පසුගිය බදාදා වාදපිටිය වැඩසටහනට රන්ජන් රාමනායක මාතර සුනිල් කියා නමකින් කෝල් දැමුවේ යයි චෝදනා කරන මහින්දානන්ද අලුත්ගමගේ ඊට පෙර වාද පිටියකදී තම ලේකම්වරයා ලවා වාදපිටියට සහභාගී වූ අර්ජුන රණතුංගට කෝල් දැමු හැටි හෙළි වී තිබේ
දිනය - 24-01-2012
වාදපිටිය සහභාගිවූවන් - අර්ජුන රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ හා නිශාන්ත රණතුංග
මෙම වැඩසටහනට රත්මලානේ දිනේෂ් ලෙස කතාකොට ලෝක ක්‍රිකට් කුසලාන දිනාගත් නායක අර්ජුන රණතුංග ක්‍රිකට් පාලක මණ්ඩලයේදී සිටියදී රක්ෂණ වංචාවක් සිදුකළ බවට චෝදනා කළේ අන්කවුරුවත් නොව අමාත්‍ය මහින්දානන්දගේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් නමැත්තාය.
මෙසේ අර්ජුනට චෝදනා කළේ අමාත්‍ය මහින්දානන්දගේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් බව හඳුනාගත් දිවයින පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී චමිල කරවිට හා අර්ජුනගේ සොහොයුරු සංජිව රණතුංග ඒ සම්බන්ධයෙන් හර්ෂ අබේකෝන්ගෙන් ප්‍රශ්න කළ විට එම ප්‍රශ්න කිරීම ජීවිත තර්ජනයක් ලෙස සලකා හර්ෂ අබේකෝන් පොලිසියට පැමිණිලි කර තිබුණි.
එම අවස්ථාවේ පොලිසියට කට උත්තර ලබාදුන් ක්‍රීඩා මාධ්‍යවේදී චමිල කරවිට හා අර්ජුනගේ සොහොයුරු සංජීව රණතුංග පවසා සිටියේ මෙම වැඩසටහනට රත්මලානේ දිනේෂ් නමින් කතා කෙළේ අමාත්‍ය මහින්දානන්දගේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් බවයි. පසුව අදාළ සිද්ධිය හෙළිවේ යැයි බියෙන් ඇමති මහින්දානන්ද අදාළ පැමිණිල්ල ඉවත්කරගන්නා ලෙස හර්ෂ අබේකෝන්ට පැවසීය.
රක්ෂණ චෝදනාව පිලිබඳව සමාගම්වල නම් පවා ප්‍රකාශ කිරීමෙන් පෙන්නුම්කරන්නේ මෙය මහින්දානදගේම වැඩක් බවයි. නමුත් පසුගිය සතියේ ඇතිවූ සිද්ධියේදී මහින්දානන්ද වාද පිටියට චෝදනා කෙලේ ‘දැන් අපි දාන කෝල් දාන්නේ‘ නැති බව කියමිනි.
එදා මහින්දානන්දගේ ලේකම්වරයා අභූත චෝදනා නගද්දී අර්ජුණ රණතුංග මහත්මයෙකුසේ ඊට පිළිතුරු ලබාදුන්නේ එයට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නැති නිසා, නමුත් මාතර සුනිල් ඉදිරිපත් කළ ප්‍රශ්නයට මහින්දානද කඩා පැන්නේ එය සත්‍ය නිසාය.
මාතර සුනිල්ට විනාඩි දෙකක කාලයක් ලබාදීම පිලිබඳව දෙරණට අද චෝදනා කරන මහින්දානන්ද, එදා තමාගේ ගැත්තාද එවැනිම කාලයක් ලබාගෙන ලෝක කුසලානය දිනාගත් නායකයාට චෝදනා කරද්දී උඩ බලාගෙන සිටි ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වේ.
මහින්දානන්ද ලේකම් ලවා ප්‍රශ්න අසා ඇති වූ සිද්ධියට සම්බන්ධ ලේකම්ගේ පොලිස් පැමිණිල්ල කුරුඳුවත්ත පොලිස් පොතේ සටහන්වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් 2012 ජනවාරි 27 වැනිදා මහ්ස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා වී තිබේ.