රන්මා_ලය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ එකම වත්තේ තනා ඇති ධනවත් ව්‍යාපාරිකයකුගේ සහ ඔහුගේ පුතුන් දෙදෙනාට අයත් නිවාස තුනක් කඩා සොරාගෙන ගිය ලක්ෂ 15ක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරින් රුපියල් 40,000ක් පමණ වටිනා රන් මාලයක් කොළඹ මෝදර ප්‍රදේශයේ කෝවිලකට ගොස් එහි ඇති කාලි මෑණියන්ගේ පිළිරුවට පළඳවා බාරයක් ඔප්පු කළ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය පවසයි.

    සොරකම සම්බන්ධයෙන් පොලිසියට කොටුවීමෙන් වළක්වා දෙන මෙන් කාලි මෑණියන්ගෙන් මෙම සැකකරුවන් දෙදෙනා ඉල්ලා ඇති බව පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
    සැකකරුවන් දෙදෙනා විසින් කාලි මෑණියගේ පිළිරුවට පළඳවා ගිය රන් මාලය පසුව දේවාලයේ ආවතේව කරන කාන්තාව (මෑණියෝ) විසින් ගලවා ගෙනගොස් රුපියල් 35,000ක මුදලකට විකුණා තිබිය දී සොයාගත් බව ද පොලිසිය කියයි.