රන්වලට අචාර්ය උපාධිය තියෙනවා.. නැත්තේ කඩදාසිය විතරයි..🫠🤣

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    රන්වලට අචාර්ය උපාධිය තියෙනවා.. නැත්තේ කඩදාසිය විතරයි.. රන්වලගේ හැකියාව දන්නවා නම් ගල් ගහන අය අඬනවා...

    Source

    🥹🥹🥹🥹🫣🫣🫣🫣🤪🤪🤪🤪

    හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය උපාධිය සඳහා සියලු සුදුසුකම් ඇතත් ඔහු සතුව එම ආචාර්ය උපාධි සහතිකය නොමැති බව
    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි. 😭😭😭😭🤣🤣🤣🤣

    "වැරදි නම් විනය ක්‍රියාමාර්ග ගන්නවා, වැරදි නැති ඒවාට විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෙ නැහැනෙ. ඔය ගන්න උදාහරණ එකක්වත් හරි නෑ. ඕවා බොරු. අපි පිළිගන්නෙ නෑ. හිටපු කථානායවරයාගේ සිද්ධියේ පටන්. මේක දැන් තියෙන්නෙ ඇත්තටම අශෝක රන්වල හෙණ නරක මිනිහෙක් වෙලානෙ තියෙන්නෙ.

    රන්වලට ඔය නරක මිනිහෙක් කරන්න බලපෑවේ ප්‍රධානම කාරණය ඔහු ආචාර්යවරයෙක් කියලා හිටියා, ඒ සහතිකය නෑ. මං අද කියන්නම් ඇත්ත මේ රටේ මිනිස්සුන්ට දැනගන්න. රන්වලට ඔය සිද්ධ වුණ සිදුවීම, ඕක ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේ මේ රටේ ආචාර්යවරයෙක්. ඒ ආචාර්යවරයා දන්නවා රන්වලට ඒ අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ වෙලා තියෙන්නෙ. හැබැයි ඒ ආචාර්යවරයා දන්නවා රන්වල ළඟ කඩදාසිය නෑ. ඇත්ත ඕකයි. රන්වලට තියෙන හැකියාව දන්නවා නම් ඔය ගල් ගහන කට්ටිය අඬනවා."

    ලක්ෂ්මන් නිපුණ ආරච්චි මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.
    මෙන්න ඔබට අපෙන් කඩදාසි රෝලක්ම

    3c12a348f8f0b381e365b85e23904abe.jpg