රන් මාලය කොල්ලකන්න ගිහින් 2ක් වෙඩි කයි

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    රන් මාලය කොල්ලකන්න ගිහින් 2ක් වෙඩි කයි

    ආයුර්වේද වෛද්‍යයවරියක් පැළද සිටි රන් දම්වැලක් කොල්ලකා පළා ගිය යතුරු පැදිකරුවන් දෙදෙනෙකුට හලාවත පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබේ.

    අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

    20 වැනිදා පෙරවරු 8.30 ට පමණ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

    ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ආසන්නයේදී මහ මග ගමන් කරමින් සිටි ආයුර්වේද වෛද්‍යයවරියක් පැළද සිටි රන් දම්වැලක් කඩා ගෙන ඇති යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පළා ගොස් තිබේ.

    ඔවුන් පළා ගොස් ඇත්තේ පුත්තලම දෙසටය.

    එම අවස්ථාවේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි හලාවත පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු පළා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

    යතුරු පැදියේ පළා යමින් සිටි එක් කොල්ලකරුවෙකුට වෙඩි වැදී ඇති නමුත් ඔවුන් නොනවත්වා පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

    පළා යමින් තිබූ යතුරු පැදිය මුන්දලම පොලිස් වසමේ කීරියන්කල්ලිය ප්‍රදේශයේදී තරුණියකගේ ඇගේ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් පෙරළී ගොස් ඇති බවත් සඳහන්ය.

    පෙරළී ගිය යතුරු පැදිය අතහැර දමා ඇති කොල්ලකරුවන් දෙදෙනා මුන්දලම කළපුවට පැන පළා යාමට උත්සාහ කර ඇත.

    නමුත් ඔවුන් දෙදෙනා පසුපස එලවාගෙන පැමිණී පොලිස් නිලධාරීන් විසින් කොල්ලකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    වෙඩි වැදීමෙන් එක් කොල්ලකරුවෙකුට තුවාල සිදුවී ඇති අතර යතුරු පැදිය පෙරළී යාම නිසා අනෙක් කොල්ලකරුටද තුවාල සිදුවී ඇති බව පොලීසිය කියයි.

    අනතුරින් තුවාල ලබා ඇති තරුණිය සහ කොල්ලකරුවන් දෙදෛනාව මුන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හලාවත මහා රෝහලට මාරු කරයවා තිබේ.

    අසාධ්‍යය තත්ත්වයෙන් පසුවන තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර,කොල්ලකරුවන් දෙදෙනා හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


    Source : http://sinhala.adaderana.lk
     
    • Like
    Reactions: DangerMan119

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    4291566.gif
    4291566.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ තියෙන තුවක්කු උන්ඩ හරියන්නෑ වැදුනාම උපරිම වේදනාවක් හානියක් වෙන උණ්ඩ ජාතියක් එක්ක අලුත් තුවක්කු වර්ගයක් හඳුන්වා දෙන්න ඕනෙ :yes: :yes:
    උන් දෙන්නා මිය නොයෑම පිලිබඳ සාතිශය සංවේගය :( :(
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    මාල කඩන පකයො මරන්නම ඔනෙ
    හරියටම අට metro කියන ෆිලුමෙ වගෙම
    බල්ලො
     

    Help_please

    Banned
  • Dec 30, 2015
    105
    10
    18
    මේ තියෙන තුවක්කු උන්ඩ හරියන්නෑ වැදුනාම උපරිම වේදනාවක් හානියක් වෙන උණ්ඩ ජාතියක් එක්ක අලුත් තුවක්කු වර්ගයක් හඳුන්වා දෙන්න ඕනෙ :yes: :yes:
    උන් දෙන්නා මිය නොයෑම පිලිබඳ සාතිශය සංවේගය :( :(

    :yes::yes::yes: