රනිල්ගේ අසභ්‍ය වචනය...

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    රනිල්ගේ අසභ්‍ය වචනය...



    සිරස ප්‍රධාන ප්‍රවෘති විකාශය අතරතුර විටින් විට විකාශය කල දැන්වීමක් විය.එහි දැක්වුයේ
    "රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව තුල අසභ්‍යය වචන ගැබ්ව ඇති හෙයින් ළමුන් රුපවාහිනී යන්ත්‍ර අසලින් ඉවත්කර තබන්නයි කාරුණිකව ඉල්ලා සිටිමු"

    යනුවෙනි.රනිල් කියූ අසභ්‍යය වචනය හා ඒ සම්බන්ධයෙන් සිරස ක්‍රියාකළ ආකාරය ගැන
    විවිධ මත තිබිය හැක.එය අපි ඔබට බාර කරන්නෙමු.

    සිරස මාධ්‍යය ජාලය මෙම ක්‍රියාමාර්ගය ගත්තේ සැබවින්ම ළමා පරපුර ගැන සිතා නම් ඔවුන්ට අපේ කෘතඥාතාවය හිමි විය යුතු වේ.


    නමුත් ළමා මනස දුෂණය කරන අනෙකුත් වැඩසටහන් පිළිබඳවද මේ ආකාරයෙන්ම දෙමාපියන් දැනුවත් කරන්නේනම් එය ඉතාමත් වැදගත් කටයුත්තක් ලෙස අපි දකින්නෙමු.




    රනිල්ගේ අසභ්‍යය වචනය ළමුන්ට ඇසීමෙන් වැළකීමට දෙමාපියන් දැනුවත් කල සිරස රුපවාහිනිය දැන් රනිල්ගේ කියූ අසභ්‍යය වචනය ගැන මහජනතාවගේ අදහස දැක්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

    රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය සමග ගැටළුවක් ලෙස ඔබ නොදකින්නේනම්
    news_1 ලෙසද
    ගැටළුවක් ලෙස ඔබ දකින්නේනම්
    news_2
    යනුවෙන් ටයිප් කොට 7788 යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

    මේ සිරසේ යන දැන්වීමක්
    දැන් සිරස ITN එකටත් වඩා චාටර් වෙලාද?
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අසභ්‍ය වචන කෙසේවෙතත් මහින්දගෙ නම කියනකොට නං සිරසෙ පීප් පීප් ගානවා:P

    හ හා. සිරාවට. මාත් මේ කියන්න හැදුවා විතරයි. උන්නම් මහ පුදුම සත්ව කොට්ටාසයක්. ලැජ්ජයි.

    .
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හ හා. සිරාවට. මාත් මේ කියන්න හැදුවා විතරයි. උන්නම් මහ පුදුම සත්ව කොට්ටාසයක්. ලැජ්ජයි.

    .
    මුන් ලැජ්ජ බිමින් තියලා:angry::angry:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    සිරස තමන්ගේ පහත් තත්වය ප්‍රදර්ශනය කරමින් සිටිනවා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මතවාදිව සටන් කරන්නට නොහැකි තැන ඔවුන් විසින් රනිල් මහතාට වෙන කිසිදු මාධ්‍යක් නොකළ තරමේ පහත් මට්ටමින් මද ගසමින් සිටිනවා

    Shame On you Sirasa
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඊය යකෝ තාමත් උඹල ඔය සිරසයි,ITN එකයි බලනවද??
    වැඩක් නැත්නම් පොරවගෙන නිදාගනිල්ලකො........