රනිල්ගේ ධනවාදය හරහා සමාජවාදයට සංවාදයක්
source w3lanka
සිද්ධි දෙකක්.
පළමුවැන්න තමයි අපි මෙහි සටහන් කළ උපුල්ගේ කුකුළු කූඩුවට රනිල් යාම.
මෙතනදී අපට ඕනෑ වුණ දේ ඇත්තට ම වුණා. අපට ඕනෑ වී තිබෙන්නේ අපේ ජීවිත නැවත ප්‍රශ්න කරන්නයි. එහෙම ප්‍රශ්න කරමින් ඒවා නැවත සමාජවාදී ලෙස අර්ථකථනය කරන්නයි අපට අවශ්‍ය.
මේක සමාජවාදය ගැන න්‍යාය වපුරනවාට වඩා අමාරු ප්‍රායෝගික වැඩක්.
මහින්දගේ ආණ්ඩුව, ඇමරිකාව, ඊශ්‍රායලය හෝ මුස්ලිම් අන්තවාදය ප්‍රශ්න කළ විට වගේ නෙමෙයි, තමන්ගේ ම ජීවිත ප්‍රශ්න කළ විට වැඩි දෙනෙක් කුපිත වෙනවා.
අපට ඕනෑ වුණේ අධ්‍යාපනය ගැන සමාජවාදී විධියට හිතන්න පොළඹවන්න. සමාජවාදී අධ්‍යාපනය කියන්නේ මොකක් ද?
සමාජවාදී අධ්‍යාපනය කියන්නේ පුළුවන් තරම් උපාධි නම අගට එකතු කර ගැනීම නෙමෙයි. වැඩිපුර ආදායම් ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන උපාධි පසුපස හඹා යාමත් නොවෙයි. කොටින්ම කියනවා නම් ලංකාවේ වර්තමානයේ තිබෙන තරගකාරී අධ්‍යාපනය දේහය ම නොවෙයි.
මම හිතන්නේ සමාජවාදී අධ්‍යාපනයක් විය යුත්තේ මිනිසාගේ නිර්මානශීලිත්වයට ප්‍රමුඛස්ථානය දෙන එකක්. මිනිසුන් අධ්‍යාපනය ලැබිය යුත්තේ පුද්ගලයාගේත්, මිනිස් සමාජයේත්, සොබාදහමේත් යහපැවැත්ම තහවුරු කරන්නත්, ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නත් විය යුතුයි.
මේ තිබෙන අධ්‍යාපනය එවැන්නක් නො වන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
අපි කියන්නේ නැහැ පවතින අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම බැහැර කරන්න ය කියලා. අප කළ යුතුව තිබෙන්නේ එය සමග අරගලයකුයි. කොහොමද එය කරන්නේ?
අංක එක, අපි තේරුම් ගත යුතුයි අපේ ජීවිතයේ අරමුණ මොකක් ද කියලා. මම නම් සිතන්නේ සතුටින් ජීවත් වීම තමයි, අපේ අරමුණ විය යුත්තේ. එතකොට එන ප්රශ්නය සතුට මොකක් ද කියන එකයි. ධනවාදය තුළ නම් සතුට කියන්නේ හැකි තරම් පරිභෝජනයයි. සමාජවාදය තුළත් සතුට නිර්මානය වෙන්න පරිභෝජනය දායක වෙනවා. එහෙත්, එය බුද්ධිමත් පරිභෝජනයක් විය යුතුයි. හැබැයි, සමාජවාදය තුළ සතුට කියන්නේ පරිභෝජනය විතරක් නෙමෙයි. ආදරය, සහකම්පනය, සහෘදත්වය, බෙදාහදාගැනීම වැනි තවත දේත් එහි තිබෙනවා.
ධනවාදය තුළ සමාජවාදී සංකල්ප වුණත් අහුලගෙන අලෙවි කරන්න පුළුවන්.
දුක කියන්නේ සතුටේ ප්‍රතිවිරුද්ධ දෙයකට වඩා එහි ම තවත් පැතිකඩක් ය කියා තේරුම් ගන්න එකත් සමාජවාදය සඳහා වැදගත්. හරියට මරණය කියන්නේ ජීවිතයේ ම කොටසක් වගේ.
මේ අවබෝධයට එන්න පුළුවන් නම්, අපට මහා ආශාවන් පසුපස හඹා යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට උපුල් ශාන්ත සන්නස්ගල තරම් සල්ලි හම්බ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම හරි අනෙක් අය පාගාගෙන දුවලා ගිහින් ලොකු තැනක් අල්ලගන්න අවශ්‍යතාවක් ඇති වන්නේත් නැහැ.
හැබැයි මේ එක්ක ම අපි මිනිස් අයිතිවාසිකම්, ශ්‍රමික හිමිකම්, සමාජ විෂමතා අවම කිරීම, නීතියේ පාලනය, ප්රජාතන්ත්රවාදය, යහපාලනය වෙනුවෙනුත් අරගල කරන්න ඕනැ. මේ දේවලුත් මිළ දී ගන්න සිදු වන පරිසරයක සමාජවාදී ජීවිත වෙනුවෙන් වූ අරගලය අති දුෂ්කර වෙනවා.
දෙවෙනි සිද්ධිය තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා මුහුණ දුන් රිය අනතුර.
සමහරු අනුර සහෝදරයා ගමන් ගත් රිය ගැන කතා කරන්නේ හරිම කුහක විධියටයි. ඔහු ගමන් ගත් රිය අප නම් සිතන ආකාරයට නිතර ගමන් බිමන් යන ඔහු වැනි කෙනෙකුගේ භාවිතයට ප්‍රමාණවත් එකක් මිස, උවමනාවට වැඩි සුඛෝපභෝගී රියක් නෙමෙයි.
සමහරු හිතනවා සමාජවාදය කියන්නේ පරිභෝජනයට විරුද්ධ දෙයක් කියලා. නැහැ. සමාජවාදය බුද්ධිමත් පරිභෝජනයට විරුද්ධ නැහැ. සමාජවාදය විරුද්ධ පරිභෝජනවාදයටයි. ඒ කියන්නේ භාණ්ඩ වන්දනාවටයි.
සමාජවාදියෙක් වුණා ම කාර් එකක යන්න හොඳ නැහැ, කොණ්ඩෙ ජෙල් ගාන්න හොඳ නැහැ, ටයි කෝට් අඳින්න හොඳ නැහැ ආදී වශයෙන් හිතන මෝඩ සමාජවාදයේ යුගය ඉවරයි.
නාලා එන්න.