අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 දෙසැම්බර් 16 වැනි දින නවදිල්ලියේ දී නිකුත් කරන ලද
ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායී සහ ශක්තිමත් කරවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දෙරටේ රාජ්‍ය නායකයින්ගේ එම ඒකාබද්ධ නිවේදනය සාදරයෙන් පිළිගත යුතු වර්ධනීය අවස්ථාවක් බව ද හිටපු ජනාධිපතිවරයා කියයි.
එමෙන්ම කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (යිට්කා) [Economic and Technical Cooperation Agreement] සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ට ප්‍රශංසා කරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.