රනිල් කපටි නරියෙක් - ප්‍රභාකරන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    රනිල් කපටි නරියෙක් - ප්‍රභාකරන්

    10616014_707842799297594_1759260384411623964_n.jpg



    ෆේස්බුක් හී ශ්‍රිලංකන් මචං පේජ් එකෙන් උපුටාගන්නා ලදී .

    “යූ.ඇන්.පි.ය රට පාවා දුන්නා”, “රනිල්
    දේශද්රෝහියෙක්”, “එක්සත් ජාතික
    පාක්ෂිකයො දේශද්රෝහියො”…. මෙම වදන්
    ඔබ අපමණ අසා ඇතුවාට සැක නැත. එහෙත්
    මේ අවලාද වල ඇත්ත නැත්ත ඔබ
    සොයා බැලුවාද? යමක් සමාජගත වූ පලියට එය
    සත්යය වන්නේද?
    මොහොතක් සිතන්න… නිගමනයන්ට එළඹීමට
    මත්තෙන් මේ ගැනත් සොයා බලන්න.

    * මිනීමරු කොටි ත්රසතවාදයෙන්
    එ.ජා.ප.ය තරම් බැට කෑ පක්ෂයක්
    නොමැත. රන්ජන් විජයරත්න, රණසිංහ
    ප්රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී
    දිසානායක, ජී.ඇම්. ප්රේමචන්ද්ර, ඔසී
    අබේගුණසේකර, ලකී අල්ගම,
    ත්යාගරාජා මහේෂ්වරන්, ජානක
    පෙරේරා වැනි අගනා චරිත ඝාතනය
    කරමින් රටත් එ.ජා.ප.යත් පස්සට ඇද
    දැම්මේ LTTEය නොවේද? ගිරිය
    පුප්පා බෙරිහන් දෙන ජවිපෙ, හෙළ
    උරුමය, විමල් වීරවංශලාට කොටින් අබ
    ඇටයක බඳු හිංසාවක්වත් කර ඇත්ද?

    * 2005 ජනපතිවරණය මතකද? එහිදී
    කොටින් තම අණසකට යටත්
    ප්රදේශවල වැසියන්ගේ ඡන්ද
    නැවැත්විය. කිළිනොච්චි ඡන්ද
    කොට්ඨාශයටම ප්රකාශ වූයේ එක්
    ඡන්දයක් පමණි. රනිල්ට සිය ඡන්දය දුන්
    එම කතට කොටින් කළ දේ අමතකද??
    එජාපයට ඡන්දය දුන් ඇගේ සුරත
    සිඳලීමට තරම් LTTEය ම්ලේච්ඡ විය.
    එදා LTTEය උතුරු නැගෙනහිර ඡන්ද
    නොවැළැක්වුවා නම් අද ජනපති
    රනිල්ය. මක්නිසාදයත් සුඵ ජාතීන්
    කවදත් එජාපය සමගය. එදා ලක්ෂ
    සංඛ්යාත ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය
    සැහැසි ලෙස වළක්වත්දී පවා උතුරු
    නැගෙනහිර සියලු දිස්ත්රික්ක රනිල්
    දිනීය. ඉන් යාපනය, වන්නි සහ
    මඩකලපු දිසාවල 70% ඉක්මවීය.
    ත්රිකුණාමලය 60% සහ දිගාමඩුල්ල
    55% සැපිරීය. එජාපය දේශද්රෝහීන්
    නම් කොටි රනිල් පැරැද්දුවේ ඇයි?
    එජාපයත් රනිලුත් රටට ද්රෝහී
    වුනා යැයි දොඩවන උදවිය ව්යංගයෙන්
    පවසන්නේ LTTEය “දේශහිතෛශී”
    කියා නොවේද? ජවිපෙ, හෙළ උරුම,
    ශ්රීලනිප ඊනියා දේශහිතෛශීන් සමග
    රනිල් පරාජයට මග කැපීමට කොටින්ද
    හවුල් වූ බව සිහියේ තබා ගන්න.

    * විනයාගමූර්ති මුරලිදරන් හෙවත්
    කරුණා අම්මාන් අද ශ්රී ලංකා නිදහස්
    පක්ෂයේ උප සභාපතිවරයෙකි,
    ඇමැතිවරයෙකි, එහෙත්
    කරුණා LTTEයෙන් ඉවත්වීමට පසුබිම
    සැකසුණේ කෙසේද? යුද්ධයේ සහ
    ත්රස්තවාදයේ නිෂ්ඵලභාවය
    තමා වටහාගන්නේ රනිල් පාලන
    සමයේ සාම සාකච්ඡාවලදී බව
    කරුණා පවසයි. එදා කරුණා ප්රභාකරන්
    හා විරසක වීමට මග
    පෑදුවේ යූ.ඇන්.පි.යයි. එතනින් එජාපය
    නොනැවතිණි.
    මඩකලපුවේ කරුණාගේ ආරක්ෂාවට
    තර්ජන එල්ල වෙත්දී LTTEය බිඳලීමට
    ඔහුගේ ඇති වැදගත්කම අවබෝධ
    කරගත් නිසාම කරුණා LTTE සහ
    සන්ධාන පාලනයේ තර්ජන
    මධ්යයේ නිරුපද්රිතව කොළඹට ගෙන
    ආවේ කවුද? ඒ කටයුත්ත කළේ අන්
    කවරකුවත් නොව එකල එජාප
    මඩකලපු දිස්ත්රික් නායක අලී සහීර්
    මවුලානාය . රනිල්ගේ කිට්ටුතමයෙක් වූ
    මවුලානා එජාප ජාතික ලැයිස්තුවෙන්
    පාර්ලිමේන්තුවට එවන්නේ රටම
    දන්නා ටිරෝන් ප්රනාන්දු, තිලක්
    මාරපන, A.H.M. අස්වර්, රොනී ද
    මැල්, වෛද්ය රංජිත් අතපත්තු, රවීන්ද්ර
    රන්දෙණිය, වෛද්ය
    රාජා ජෝන්පුල්ලේ, අජිත් නිවාඩ්
    කබ්රාල් වැන්නන් කපා හරිමිනි.
    බොහෝ දෙනා අසාවත් නැති
    මවුලානාට පක්ෂ නායකත්වය ලබාදුන්
    වැදගත්කම ඉන් නොකියවේද?
    මේ ක්රියාන්විතය
    චන්ද්රිකා පාලනයේ නොමනා
    ක්රියාකලාපය නිසා LTTEයට හෙලි වීම
    නිසා ඇති වූ ජීවිත තර්ජන හා දුර්වල
    ආරක්ෂාව නිසා මවුලානා තම
    පාර්ලිමේන්තු අසුන කැප කර
    ඇමරිකාවට ගියේය.
    එදා කරුණා LTTEයෙන් වෙන් කිරීම
    මෙසේ හෙළා දුටු ඩේලි නිව්ස් නම්
    ආණ්ඩුවේ හොරණෑව ( http://archives.dailynews.lk/2004/06/24/pol01.html)
    අද
    කරුණාගේ ගුණ නිර්ලජ්ජිතව වයයි.
    කරුණා කෙටිකාලීනව උපක්රමික ලෙස
    එජාපයනොසලකා හැරීම නොරිස්සූ
    නිසා අද මහින්දට හේත්තු වී ඇත.
    සැබෑ දේශමාමකයා LTTEය දෙකඩ
    කළ එජාපය සහ මවුලානාද නැත්නම්
    මෙම මෙහෙයුම කොටින්ට පාවාදුන්
    එක්සත් ජනතා නිදහස් සන්ධාන
    රජයදැයි ඔබම තීරණය කරන්න.

    * ලක් ඉතිහාසයේ අද්විතීය රණවිරුවන්
    කීපයක් දේශපාලනයට පිය මැන ඇත.
    ඉන් අතිමහත් බහුතරය එජාපයෙන්
    දේශපාලනයට ඒමෙන්
    යූ.ඇන්.පි.යේ නිදොස් බව හෙලි වෙයි.
    90 දශකයේ නැගෙනහිර මුදා ගනිමින් LTTEය
    දැවැන්ත පරාජයකට ලක් කළ මේජර්
    ජනරාල් ලකී අල්ගම ත්, ලක් යුධ
    ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන
    මේජර් ජනරාල් ජානක පෙරේරාත්
    යන දෙපලම දේශපාලනයට එජාපය
    තෝරගන්නා අතර LTTEය කුරිරු ලෙස
    ඔවුන්ව ඝාතනය කරති. මෙම
    ඝාතනවලට ඊනියා දේශමාමක
    ශ්රිලනිප ආණ්ඩු ආරක්ෂාව කප්පාදු
    කිරීමෙන් පාර කැපූ බව නොරහසකි.
    අදත් ලංවීම, ඛණිජ තෙල් සංස්ථාව
    කාබාසිනියා නොකළ, පළාත්
    සභා ඡන්දවල රණවිරු නම විකිණූ
    දේශපාලන වන්දිභට්ටයන් නොවන, රට
    වෙනුවත් මහත් ධෛර්යයෙන් යුද වැදි
    සැබෑ රණවිරුවන්
    එජාපයේ දේශපාලනය කරති.

    * 2000දී චන්ද්රිකා රජය තම බලය
    රැකගනු වස් පැකේජය එළිදක්වා ඉන්
    ප්රභාකරන්ට වසර 5කට උතුරු
    නැගෙනහිර පාලනය දෙන්නට ගිය විට
    මහින්ද ඇතුඵ
    ඊනියා දේශප්රේමීන් කැබිනට්
    මණ්ඩලයේත් ඉන් පිටත් තම තනතුරු
    හෝ වෙනත් හේතූන් නිසා මුනිවත
    රැක්කාහ. පකේජය
    මහා ගාලගෝට්ටියක් කර
    පැරදවූයේ එජාපයයි.

    * රනිල් සහ එජාපය ගැන කොටින්
    කියන්නේ කුමක්ද?
    පිරභාහරන්ලා බාලසිංහම්ලා රනිල්ව
    හුවා දක්වනුයේ තමන්ව සාම උගුලකට
    හිර කළ කපටි නරියකු ලෙසය. 2005
    ජනපතිවරණයේ රනිල්ව කිසිඳු අනතුරු
    ඇඟවීමකින් තොරව දෂ්ඨ කරන
    පොළඟකු ට LTTEය සමාන කරලීය.
    අදටත් 2005දී රනිල් පැරදවීමට ගත්
    තීරණය LTTEය අනුමත කරයි. ඇයි ඒ?
    අද කොටින් යුදමය අතින් පරාජය වී
    තිබුණත් LTTEයේ බෙදුම්වාදී මතවාදය
    ඔඩුදුවමින් තිබේ. රජය LTTE මතවාදය
    ජාත්යන්තරයේ පැරදවීමට අපොහොසත්
    වීමත් සමඟ අප රටට නොයෙකුත් විදෙස්
    බලපෑම් එල්ල වෙමින් පවතී. යූ.ඇන්.පි.
    රජයක් තිබුණි නම් තමා ජාත්යන්තරවද
    කොටු වන බව කොටින් හොඳාකාරව
    දනිති.

    * ඉතින් රාජ්යය මාධ්යය අප රටවැසියන්ට
    රුධිරගත කර ඇති මුසාවන්ට මුලා නොවන්න.
    දෙනෙත් හැර ඇත්ත ඇති සැටියෙන් දකින්න.
    හැමදේම බුද්ධියෙන් විමසන්න.

    * සැමවිටම ජනප්රිය දේ සත්යයත්, සත්යය
    දේ ජනප්රිය දේත් නොවන්නේය…
    ආයාසයකින් සත්යය යටපත් කළද කෙදිනක
    හෝ සත්යය ජයගනු ඇත… යූ.ඇන්.පී.කාරයාට
    බියවීමට හේතුවක් නැත… කවුරුන් කුමන වහසි
    බස් දෙඩුවත් යූ.ඇන්.පී.කාරයාගේ හෘදසාක්ෂිය
    පිරිසිදුය…
    කාටත් අත නොපා තම දෙපයින් නැගීසිටින
    දිරිය මිනිසුන්ගේ දේශපාලන තීර්ථ යාත්රාව වූ
    එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් රට
    වෙනුවෙන් ඇපකැප වනු නොඅනුමානය…!!!
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    deshapalana washayen asarthak unath,ranilge molen wada ganna puluwannam kora...supiri molayak thiyenne...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    Ranilta Mole thiyanawa Oya Kawuru Ke Gehewwath Hebei President wennanam bari wei Neda ? Parana Hitapu kattiya kiyanavidihata sajith wennath bae neda mokada den inna namal rajapakshata wada hapanlu e dawasa sajith premadasa thaththa president wela iddi
     

    geeth92

    Member
    Sep 5, 2014
    52
    1
    0
    ranil ta lankawe deshapalane karana krame theren ne.e unata ranil kiyanne me wewelawe inna internationa politics gana wadima danumak thiyena kena.me welawe watinneth ehema kenek.oka minissunta theren na.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ranil ta lankawe deshapalane karana krame theren ne.e unata ranil kiyanne me wewelawe inna internationa politics gana wadima danumak thiyena kena.me welawe watinneth ehema kenek.oka minissunta theren na.

    ලංකාවේ මිනිස්සු කැමති මේ වගේ දත් තිස්දෙකම එළියේ දාගත්ත කොන්ඩේ ඩයි කරපු පුබ්බඩයොන්ට..:rofl:


    16259_540.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මාධ්‍ය මගින් මිනිස්සුන්ගෙ ඔලුවලට කවලා තියෙන්නේ..රනිල් කියන්නෙ පොන්නයෙක් ඌට වැඩ බෑ කියලා..ඒකයි මේ හැම මිනිහම කියන්නෙ රනිල්ට රට කරන්න බෑ කියලා..ඒත් ඇත්ත කතාව රනිල්ට චන්ද කරන්න තේරෙන්නෙ නෑ..කපටිකමින් චන්දෙ දිනන්න තේරෙන්නේ නෑ..නැතිනම් රනිල් හොද පාලකයෙක් වෙයි කියලා මාත් හිතනවා...ඒත් කියන්න බෑ හරියටම එහෙමද කියලා..මොකද බලය ලැබුනම මිනිස්සු වෙනස් වෙනවනේ...:rolleyes:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ප්‍රබාකරන් සිය ජීවිත කාලයටම කරගත්ත ප්‍රතම හා අවසාන අවතක්සේරුව තමයි. මහින්දව අවතක්සේරු කිරිම. ටොසී ඔත්තුසේවාව හිතුව මහින්දට බටහිරින් එන බලපෑමට face කරන්න බැරි වෙයි කියල. මොකද මහින්ද ප්‍රමුක ආන්ඩුව සින්හල ජාතිවදී ආන්ඩුවක් විදියට බටහිර ඔත්තු සේවාවන් මගින් එම රටවල රජයන්ට දැනුම් දීල තිබුනෙ. එම ජාතිවාදී හන්වඩුවෙන් LTTE එක ප්‍රොයෝජනය ගන්න තමයි සැලසුම් කරල තිබ්බෙ.

    තමන් නියෝජනය කරන ජාතියට ඉතාම අවාසිදායක් ගිවිසුමක් උනත් බලය රැක ගැනීමට, රනිල් අත්සන් කරන බව LTTE එක දැනගෙන හිටිය. ඔව්න් බය උනේ ඉන්දියාවේ බලපෑම් මත, බටහිර රටවල් වල අනුග්‍රහයෙන් බලය බෙදාහරින පිලිතුරකට රජය එයි කියල. එහෙම උනොත් උන්ගෙ ඊලාම් සිහිනය විනාස වෙනව. මොකද බටහිර රටවල් කැමති උනොත් පූර්න බලය බෙදාහරින විසදුමකට, LTTE එකට ඒකට කැමති වෙන්න වෙනව.

    ඔන්න ඕකයි ඇත්ත ( කෙටියෙන්)..
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    "එජාපයත් රනිලුත් රටට ද්රෝහී
    වුනා යැයි දොඩවන උදවිය ව්යංගයෙන්
    පවසන්නේ LTTEය “දේශහිතෛශී”
    කියා නොවේද?"

    menna me kathawanam waradi :nerd:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අනේ මන්ද බන්.
    රනිල් කපටි නරියෙක් නම් රනිල්ව සාක්කුව දාගේන ඉන්න මහින්ද මොකෙද්ද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ලස්සනට ලියලා මචන් හරියට හිම කුමාරිගෙ කතාව වගෙ ලස්සනයි සහො දිගටම ලියන්න
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ මන්ද බන්.
    රනිල් කපටි නරියෙක් නම් රනිල්ව සාක්කුව දාගේන ඉන්න මහින්ද මොකෙද්ද?
    :yes::yes::yes:

    ප්‍රබාකරන්ට වැරදුනේ ඔතනයි අර මාවිලාරු සොරොව්ව වහපු එකයි තමා .

    :P:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අනේ මන්ද බන්.
    රනිල් කපටි නරියෙක් නම් රනිල්ව සාක්කුව දාගේන ඉන්න මහින්ද මොකෙද්ද?

    රනිල් කපටියෙක් නම් ලක්ශ ගානක් ආණ්ඩුවට එකතු වෙනකොට මොකක්ද කරෙ රනිල් ඉතුරු වෙලා ඉන්න එකා එකා යවන එක ඇරෙන්න මෙ චන්දෙන් පස්සෙත් දෙතුන් දෙනෙක් යයි:P:P
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,571
    1,038
    113
    Negombo paththe thama
    oya koti scene eka nam patta fail raniya waddek wenne koheda lol maru joke eka habai sahenna hina giya

    P.S - mama mahinda maaamage paththe nowemi ohoma kiwwe mata danuna widihata