රනිල් ගේ කේන්දරේ How?

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මම අනුමාන කරන විදියට රනිල්ගේ;
    ලග්නය - මේෂ
    නවාංශකය - ධනු
    උපන් නැකත - සුවන.

    ග්‍රහ පිහිටීම්;
    • රවි - මීන (12)
    • චන්ද්‍ර - මකර (10)
    • කුජ - මීන (12)
    • බුධ - කුම්භ (11)
    • ගුරු - මකර (10)
    • ශුක්‍ර - මීන (12)
    • ශනි - සිංහ (5)
    • රාහු - මේෂ (1)
    • කේතු - තුලා (7)
    DvxJbUO.png

    --
    රාහු ලග්නයේ නම් පුද්ගලයා අතිශය ප්‍රකට බවට පමුණුවයි. කරන සුළු දේ වුවත් මහත්කොට ලොවට පෙන්වයි. විවේක සුවයෙන් පසෙකට වී සිටීමට සූදානම් නැත. නිතර ගමනේ යෙදෙයි. අධ්‍යාත්මික ගතියක් නැත. දුක-සතුට, ජය-පරාජය කියා අමුතු වෙනසක් නොදැනෙන අසංවේදී අයෙකි. දශාවේදී හෝ අතුරු දශාවේදී ගින්නෙන් හෝ සතුරු උවදුරු හේතුවෙන් ගේදොර වස්තු විනාශ වෙයි. එහෙත් හොඳින් හෝ දාමරික කමින් හෝ හදිසි ධනය උපයයි. රාහු මේෂයේ මේ ගතිගුණ වඩාත් තීව්‍ර කරයි.
    කේතුගේ ස්වභාව රාහුට ප්‍රතිවිරුද්ධ වේ. සිටි ස්ථානයට අදාළ දේ හකුළුවා වසන් කරන්නට හෝ අප්‍රකටව තබන්නට පෙළඹෙයි. නියම ඵලය සඟවා විකෘති දේ පෙන්වයි. එහෙත් ඥාන යෝගී වේ. උගත්කමට හිතවත් වේ. රනිල්ගේ කේතු 7 එනම් විවාහ ස්ථානයේ ය. ලොවට පෙන්වන අන්දමේ සාර්ථක විවාහ ජීවිතයක් නොවේ. සහකාරිය බොහෝ උගත් තැනැත්තියකි.

    රාහු ගේ 🐍 |🪐| වැඩකිඩ සහ පැටිකිරිය මෙන්න. Rahu - Astrology

    රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology 🪐

    --
    දෙවැන්නේ ග්‍රහයකු නැතත් දෙවන්නාධිපති සිකුරු උච්ච බලයෙන් සිටීම හා ගුරුගේ දෘෂ්ටිය දෙවැන්නට වැටීම හේතුවෙන් විශාල තැන්පත් ධනයකට උරුමකම් කියයි. මේ කේන්ද්‍රයේ වඩාත්ම බලවත් ග්‍රහයා වන්නේද සිකුරුය. සිහින් ලෙළදෙන කටහඬ වේ.

    බන්ධුස්ථානය වන 3 වැන්නාධිපති අයස්ථානයේ බලවත් බැවින් සහෝදර බැම්ම ශක්තිමත් ය. ඔවුනගේ ඇප උපකාර නොමඳව ලැබේ.
    මාතෘස්ථානය මෙන්ම ගෘහස්ථානය වන සිවුවැන්නාධිපති සඳු ගුරු සමඟ සංයෝගව කේන්ද්‍රස්ථානයේ බැවින් මවු පාර්ශවයේ සහයෝගය මෙන්ම විශාල ගෘහය ද ඉඩකඩම් යාන වාහන ආදිය හිමිවේ.

    පුත්‍රස්ථානය මෙන්ම විද්‍යාස්ථානය වන 5 වැන්නේ පාපී ශනි සිටියි. එහෙත් 5 අධිපති වූ රවි උච්ච සිකුරු හා කුජ සමඟ සංයෝගව 12 වැන්නේ සිටියි. දරුඵල හීනවේ. නීති කටයුතු 12න් නියෝජනය වන බැවින් ලැබූ අධ්‍යාපනය ඒ ක්ෂේත්‍රයට අදාලවේ.

    සතුරු, රෝග ස්ථානය වන 6 අධිපති බුධ නෛසර්ගික නපුංසක ග්‍රහයෙකි. හේ බලයෙන් යුතුව 11 වැන්නේ සිටියි. සතුරු බලවේග අධික වුවත් හානියක් කිරීමට අසමත්ය. වාග් චාතුර්යය දුර්වල කරයි.

    කාලත්‍රය වන 7 වැන්නෙ කේතු සිටියි. 7 වැන්න අධිපති සිකුරු උච්චව 12 වැන්නේ ය. ඵලය ඉහතින් කියා ඇත. විවාහ බැම්ම ශක්තිමත් නොවේ.

    දුෂ්ටස්ථානය වන 8 වැන්නාධිපති කුජ 12 සිටීමෙන් විපරිත රාජ යෝගයක් උදාකර ඇත. දීර්ඝායුෂ ය.

    🪐 ඔබටත් විපරීත රාජ යෝග තිබේද? 👑

    හෘදය හෝ රුධිරය සම්බන්ධ දුර්වලතාවක් හේතුවෙන් විදේශයකදී මරණය සිදුවීමට ඉඩ තිබේ.

    භාග්‍යස්ථානය, පුණ්‍යස්ථානය අධිපති ගුරු බලවත් කේන්ද්‍රස්ථානය වූ 10 වැන්නේ සඳු සමඟ සංයෝගව සිටියි. පෙර පින් ඇත්තෙකි.

    බලවත් කේන්ද්‍රස්ථානය වන 10 වැන්න හෙවත් කර්මස්ථානයේ ගුරු සහ සඳු සංයෝගව ඉතා බලවත් ගුරු හංස යෝගය යෙදී තිබීමෙන් ඉතා ඉහළ තනතුරු ආදිය හිමිවීම ශාස්ත්‍ර නියමයි. ඕනෑකමින් වීර්යය දරා ලබාගන්නවාට වඩා නිරායාශයෙන් ලැබෙන දේට හේතු තිබේ. ඇමති, අගමැති, විපක්‍ෂ නායක ආදී තනතුරු දරමින් සිට අවසානයේ රටේ ඉහළම තනතුර වන ජනාධිපති තනතුරට පත්විය. ඒවාද මහත් පරිශ්‍රමයක් නොදරා අනපේක්ෂිත අවස්ථාවේ නිරායාශයෙන් ලැබූ දේය. පියාද පිය පාර්ශවය ද ධනයෙන් හා බලයෙන් යුතුය. පිය උරුමය නොඅඩුව හිමිවේ.

    අයස්ථානය වන 11 වැන්නේ 3, 6 අධිපති බුධ බලයෙන් යුතුව සිටියි. සහෝදරයන් සහ හිතමිත්‍රාදින්ගෙන් මිල මුදල් හා ඇප උපකාරද නොඅඩුව ලැබෙයි. කොටස් ආයෝජන හා වෙනත් නානා ප්‍රකාරයෙන් ධනය ලැබේ. ධනවත් බලවත් උගත් සීමිත මිතුරු සමාගම වේ.

    වැයස්ථානය වන 12 දුෂ්ටස්ථානයේ කුජ, සිකුරු කාම යෝගය යෙදී ඇත. බලවත් පුරුෂ ග්‍රහයා වන රවි ද 12 සිටියි. කුජ ලග්නාධිපති මෙන්ම 8 දුෂ්ටස්ථානාධිපති හිස ද විකෘතිය ද නියෝජනය කරයි. සිකුරු 7 අධිපති ව කාමය නියෝජනය කරයි. 5 අධිපති පුරුෂ රවි කුජ හා සිකුරු සමඟ දුෂ්ටස්ථානය වන 12 යෙදීමෙන් අති ධාවනකාරී විකෘති කාමය කුළුගන්වයි. විදෙස් සම්බන්ධතා ඇතිකරයි. නිතර යෙදෙන දුර ගමන් වේ. ඇතැම් විට ඒ ගමන් වලදී කරදරයට පත්විය හැකිය. 12 සිටි කුජ බොහෝ විට නීතිමය ගැටළු ඇතිකරතත් සංයෝගව සිටින සිකුරු උච්ච් බලයෙන් යුතු සෞම්‍ය ග්‍රහයා බැවින් නඩුහබ ආදියෙන් හානියක් නොවී ගැලවී යයි.
    --
    ගතවෙමින් ඇති කාලයේ මේ කේන්ද්‍රය බොහෝ සෙයින් බලවත් බව ද, තවමත් ගෙවී නිමනොවූ සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටක තත්වය සැලකිය යුතු බව ද මීට ඉහතින් සඳහන් කර තිබේ.

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (1) 🪐😈

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (2) 🪐😈

    ඔය ටික පොඩි එකෙක්ට උනත් කියන්ඩ පුලුවන්නෙ බං ,😂😂😂
    රනිල්ගෙ අතීතේ පාරේ ඉන්න හිගන්නා උනත් දන්නවනේ,
    අනාගතය කියන්ඩනේ අමාරු,
    හෙන ලොකු හෑල්ලක් ලිව්වට මේකේ කිසි ගතයුත්තකට නෑ 😂😂😂
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ඔය ටික පොඩි එකෙක්ට උනත් කියන්ඩ පුලුවන්නෙ බං ,😂😂😂
    රනිල්ගෙ අතීතේ පාරේ ඉන්න හිගන්නා උනත් දන්නවනේ,
    අනාගතය කියන්ඩනේ අමාරු,
    හෙන ලොකු හෑල්ලක් ලිව්වට මේකේ කිසි ගතයුත්තකට නෑ 😂😂😂
    never read the හෑල්ල!! you never ever read the හෑල්ල :no::no:
    auto assume it's bullshit and post away :lol::lol:
     
    • Haha
    Reactions: jennt and Lovtus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    10 වැන්න කියන්නේ රැකියාවනේ. මෙයාගේ 10 වැන්න හිස් නේද? මම අහලා තියන විදියට හිස් උනොත් හොද රස්සවාක් නැ නේද ? ඒවගේම කේතු, ශනි වගේ අය හිටීයොත් ලැබෙන්න තියන රස්සව පවා අහිමි වෙනවා. නැත්නම් ටික කාලයක් යද්දිඑපා වෙලා අස්වෙනවා වගේ දේවල් වෙනව නේද
    Bro, but he becomes president, out of nothing!
     
    • Haha
    Reactions: jennt

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    never read the හෑල්ල!! you never ever read the හෑල්ල :no::no:
    auto assume it's bullshit and post away :lol::lol:
    මුගේ උපන් ගෙයි මොංගල් ගතියක් පේන්නේ මට විතරද? :eek:
     
    • Haha
    Reactions: jennt and vito

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    dinanavada nadda kiyapan?

    eka wachanayaine
    ඒක ඌ කියන්නෑ ,
    මේ කාලේ ජන්ම්යාට හොදයි කියලා ආයෙත් ජන්ම ඒරාශ්ටක උත්තක් කියනවා,
    දෙකෙන් වඩාත්ම ප්‍රබල මොකදද කියලා ඌ කියන්න දන්නෑ,
    එතනින් එහාට වැඩක් නෑනේ,
    ඉස්සරහට අඩියයි ආයේ පිටිපස්සට අඩියයි විස්තාපනය බින්දුවයි,එකම තැන
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය ටික පොඩි එකෙක්ට උනත් කියන්ඩ පුලුවන්නෙ බං ,😂😂😂
    රනිල්ගෙ අතීතේ පාරේ ඉන්න හිගන්නා උනත් දන්නවනේ,
    අනාගතය කියන්ඩනේ අමාරු,
    හෙන ලොකු හෑල්ලක් ලිව්වට මේකේ කිසි ගතයුත්තකට නෑ 😂😂😂
    අතීත අනාගත මගුලක් නෙමෙයි බන් කේන්දරේ විග්‍රහකරලා තියෙන්නේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රනිල්ගෙ තාත්තා එස්මන්ඩ් ලංකාවේ ඉදපු පොහොසත්ම පුද්ගලයෙක් ඕක ඉතිං අපි දන්නවනෙ.

    අම්මා ගොඩක් උදව් කළා කියලා පොර කියලා තියෙනවා .

    ළමයි නැති එකයි. කසාදෙ ලෝකෙට පේන්න තියෙන එකක් කියලා අපි දන්නවනෙ

    නිතරම රට යන එකත් හරි.

    පොරට සාගලගේ කේස් නිසා විකෘති කියන්නත් පුළුවන් .

    හරි දැන් කියපන් ඉස්සරහට වෙන දෙයක්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ කාලේ ජන්ම්යාට හොදයි කියලා ආයෙත් ජන්ම ඒරාශ්ටක උත්තක් කියනවා,
    දෙකෙන් වඩාත්ම ප්‍රබල මොකදද කියලා ඌ කියන්න දන්නෑ,
    ඇයි බන් ඔහොම බොරු කියන්නේ? ලියලා තියෙන ඒවත් නෑ කියන උබ මනුස්සයෙක් නම් වෙන්න බෑ :dull:

    better to be මොංගල් than believing in horoscope bullshit 🤘
    so is ranil actually going to win this election? or not? 🤔🤔
    actually??? wt da fk u mean by actually?
    ------ Post added on Mar 22, 2024 at 2:01 PM
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඇයි බන් ඔහොම බොරු කියන්නේ? ලියලා තියෙන ඒවත් නෑ කියන උබ මනුස්සයෙක් නම් වෙන්න බෑ :dull:


    actually??? wt da fk u mean by actually?
    ------ Post added on Mar 22, 2024 at 2:01 PM
    Full kiyewwa ban
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Full kiyewwa ban
    එහෙනං device එක යටිකුරුව තියලා ඔලුවෙන් හිටගෙන වෙන්ටෑ කියෙව්වේ :P

    dinanavada nadda kiyapan?

    eka wachanayaine
    උඹලා නම් නියම බයි ජාන වලින් හැදුන සුපිරි යක්ක පුත්තු තමා :ROFLMAO:.
    චන්දයක් ප්‍රකාශයට පත්කරලත් නෑ. අපේක්‍ෂකයෝ නාමයෝජනා භාරදීලත් නෑ. දැන් මගෙන් අහනවා දිනන්නේ කවුද කියලා. :dull:
    ------ Post added on Mar 22, 2024 at 2:19 PM
     
    • Haha
    Reactions: TechnWeb

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    I was asking if ranil will win and become president by an actual election according to his horoscope :unsure:
    That will never happen. Shani's Sade Sati is entering its third phase, indicating that a journey is nearing its end. The influence of other planetary powers and yogas is diminishing.
     
    • Like
    Reactions: jennt