රනිල් ගේ කේන්දරේ How?

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    මම අනුමාන කරන විදියට රනිල්ගේ;
    ලග්නය - මේෂ
    නවාංශකය - ධනු
    උපන් නැකත - සුවන.

    ග්‍රහ පිහිටීම්;
    • රවි - මීන (12)
    • චන්ද්‍ර - මකර (10)
    • කුජ - මීන (12)
    • බුධ - කුම්භ (11)
    • ගුරු - මකර (10)
    • ශුක්‍ර - මීන (12)
    • ශනි - සිංහ (5)
    • රාහු - මේෂ (1)
    • කේතු - තුලා (7)
    DvxJbUO.png

    --
    රාහු ලග්නයේ නම් පුද්ගලයා අතිශය ප්‍රකට බවට පමුණුවයි. කරන සුළු දේ වුවත් මහත්කොට ලොවට පෙන්වයි. විවේක සුවයෙන් පසෙකට වී සිටීමට සූදානම් නැත. නිතර ගමනේ යෙදෙයි. අධ්‍යාත්මික ගතියක් නැත. දුක-සතුට, ජය-පරාජය කියා අමුතු වෙනසක් නොදැනෙන අසංවේදී අයෙකි. දශාවේදී හෝ අතුරු දශාවේදී ගින්නෙන් හෝ සතුරු උවදුරු හේතුවෙන් ගේදොර වස්තු විනාශ වෙයි. එහෙත් හොඳින් හෝ දාමරික කමින් හෝ හදිසි ධනය උපයයි. රාහු මේෂයේ මේ ගතිගුණ වඩාත් තීව්‍ර කරයි.
    කේතුගේ ස්වභාව රාහුට ප්‍රතිවිරුද්ධ වේ. සිටි ස්ථානයට අදාළ දේ හකුළුවා වසන් කරන්නට හෝ අප්‍රකටව තබන්නට පෙළඹෙයි. නියම ඵලය සඟවා විකෘති දේ පෙන්වයි. එහෙත් ඥාන යෝගී වේ. උගත්කමට හිතවත් වේ. රනිල්ගේ කේතු 7 එනම් විවාහ ස්ථානයේ ය. ලොවට පෙන්වන අන්දමේ සාර්ථක විවාහ ජීවිතයක් නොවේ. සහකාරිය බොහෝ උගත් තැනැත්තියකි.

    රාහු ගේ 🐍 |🪐| වැඩකිඩ සහ පැටිකිරිය මෙන්න. Rahu - Astrology

    රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology 🪐

    --
    දෙවැන්නේ ග්‍රහයකු නැතත් දෙවන්නාධිපති සිකුරු උච්ච බලයෙන් සිටීම හා ගුරුගේ දෘෂ්ටිය දෙවැන්නට වැටීම හේතුවෙන් විශාල තැන්පත් ධනයකට උරුමකම් කියයි. මේ කේන්ද්‍රයේ වඩාත්ම බලවත් ග්‍රහයා වන්නේද සිකුරුය. සිහින් ලෙළදෙන කටහඬ වේ.

    බන්ධුස්ථානය වන 3 වැන්නාධිපති අයස්ථානයේ බලවත් බැවින් සහෝදර බැම්ම ශක්තිමත් ය. ඔවුනගේ ඇප උපකාර නොමඳව ලැබේ.
    මාතෘස්ථානය මෙන්ම ගෘහස්ථානය වන සිවුවැන්නාධිපති සඳු ගුරු සමඟ සංයෝගව කේන්ද්‍රස්ථානයේ බැවින් මවු පාර්ශවයේ සහයෝගය මෙන්ම විශාල ගෘහය ද ඉඩකඩම් යාන වාහන ආදිය හිමිවේ.

    පුත්‍රස්ථානය මෙන්ම විද්‍යාස්ථානය වන 5 වැන්නේ පාපී ශනි සිටියි. එහෙත් 5 අධිපති වූ රවි උච්ච සිකුරු හා කුජ සමඟ සංයෝගව 12 වැන්නේ සිටියි. දරුඵල හීනවේ. නීති කටයුතු 12න් නියෝජනය වන බැවින් ලැබූ අධ්‍යාපනය ඒ ක්ෂේත්‍රයට අදාලවේ.

    සතුරු, රෝග ස්ථානය වන 6 අධිපති බුධ නෛසර්ගික නපුංසක ග්‍රහයෙකි. හේ බලයෙන් යුතුව 11 වැන්නේ සිටියි. සතුරු බලවේග අධික වුවත් හානියක් කිරීමට අසමත්ය. වාග් චාතුර්යය දුර්වල කරයි.

    කාලත්‍රය වන 7 වැන්නෙ කේතු සිටියි. 7 වැන්න අධිපති සිකුරු උච්චව 12 වැන්නේ ය. ඵලය ඉහතින් කියා ඇත. විවාහ බැම්ම ශක්තිමත් නොවේ.

    දුෂ්ටස්ථානය වන 8 වැන්නාධිපති කුජ 12 සිටීමෙන් විපරිත රාජ යෝගයක් උදාකර ඇත. දීර්ඝායුෂ ය.

    🪐 ඔබටත් විපරීත රාජ යෝග තිබේද? 👑

    හෘදය හෝ රුධිරය සම්බන්ධ දුර්වලතාවක් හේතුවෙන් විදේශයකදී මරණය සිදුවීමට ඉඩ තිබේ.

    භාග්‍යස්ථානය, පුණ්‍යස්ථානය අධිපති ගුරු බලවත් කේන්ද්‍රස්ථානය වූ 10 වැන්නේ සඳු සමඟ සංයෝගව සිටියි. පෙර පින් ඇත්තෙකි.

    බලවත් කේන්ද්‍රස්ථානය වන 10 වැන්න හෙවත් කර්මස්ථානයේ ගුරු සහ සඳු සංයෝගව ඉතා බලවත් ගුරු හංස යෝගය යෙදී තිබීමෙන් ඉතා ඉහළ තනතුරු ආදිය හිමිවීම ශාස්ත්‍ර නියමයි. ඕනෑකමින් වීර්යය දරා ලබාගන්නවාට වඩා නිරායාශයෙන් ලැබෙන දේට හේතු තිබේ. ඇමති, අගමැති, විපක්‍ෂ නායක ආදී තනතුරු දරමින් සිට අවසානයේ රටේ ඉහළම තනතුර වන ජනාධිපති තනතුරට පත්විය. ඒවාද මහත් පරිශ්‍රමයක් නොදරා අනපේක්ෂිත අවස්ථාවේ නිරායාශයෙන් ලැබූ දේය. පියාද පිය පාර්ශවය ද ධනයෙන් හා බලයෙන් යුතුය. පිය උරුමය නොඅඩුව හිමිවේ.

    අයස්ථානය වන 11 වැන්නේ 3, 6 අධිපති බුධ බලයෙන් යුතුව සිටියි. සහෝදරයන් සහ හිතමිත්‍රාදින්ගෙන් මිල මුදල් හා ඇප උපකාරද නොඅඩුව ලැබෙයි. කොටස් ආයෝජන හා වෙනත් නානා ප්‍රකාරයෙන් ධනය ලැබේ. ධනවත් බලවත් උගත් සීමිත මිතුරු සමාගම වේ.

    වැයස්ථානය වන 12 දුෂ්ටස්ථානයේ කුජ, සිකුරු කාම යෝගය යෙදී ඇත. බලවත් පුරුෂ ග්‍රහයා වන රවි ද 12 සිටියි. කුජ ලග්නාධිපති මෙන්ම 8 දුෂ්ටස්ථානාධිපති හිස ද විකෘතිය ද නියෝජනය කරයි. සිකුරු 7 අධිපති ව කාමය නියෝජනය කරයි. 5 අධිපති පුරුෂ රවි කුජ හා සිකුරු සමඟ දුෂ්ටස්ථානය වන 12 යෙදීමෙන් අති ධාවනකාරී විකෘති කාමය කුළුගන්වයි. විදෙස් සම්බන්ධතා ඇතිකරයි. නිතර යෙදෙන දුර ගමන් වේ. ඇතැම් විට ඒ ගමන් වලදී කරදරයට පත්විය හැකිය. 12 සිටි කුජ බොහෝ විට නීතිමය ගැටළු ඇතිකරතත් සංයෝගව සිටින සිකුරු උච්ච් බලයෙන් යුතු සෞම්‍ය ග්‍රහයා බැවින් නඩුහබ ආදියෙන් හානියක් නොවී ගැලවී යයි.
    --
    ගතවෙමින් ඇති කාලයේ මේ කේන්ද්‍රය බොහෝ සෙයින් බලවත් බව ද, තවමත් ගෙවී නිමනොවූ සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටක තත්වය සැලකිය යුතු බව ද මීට ඉහතින් සඳහන් කර තිබේ.

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (1) 🪐😈

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (2) 🪐😈

    එළකිරි 🙏🏻 නියමයි මචෝ👍
     
    • Love
    Reactions: Lovtus

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් ලග්නය වශයෙන් බොහෝදෙනා සලකන්නේ "මීන" ලග්නය යි. "1949 වසරේ මාර්තු 24 වන දින බ්‍රහස්පතින්දා උදෑසන කාලයේදී මීන ලග්නයෙන් තුලා නවාංශකයෙන්, උත්‍රසල නැකතේ 4වන පාදය සම්භව උප්පත්තිය ලැබූ රනිල්... Source.
    ඊට අනුරූපව ඔහුගේ දල කේන්ද්‍රය මෙසේය;
    --
    o5f1g4z.png

    --
    තවත් සමහරු ඔහුගේ ලග්නය "මේෂ" බව සඳහන් කරලා තිබුණත් ඒ කිසිදු තැනක විශ්වසනීයත්වය තහවුරු කර නැහැ. ලග්නය මේෂ නම් දල කේන්ද්‍රය මෙසේ විය යුතුයි;
    --
    DvxJbUO.png

    --
    මේ දෙකෙන් සත්‍ය කේන්ද්‍රය මොකක්ද කියලා කොහෙවත් නිල වශයෙන් සනාතකරලා නැහැ. මෙන්න මේ වගේ වෙලාවක තමයි ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත පිළිබඳ දැනුම වැදගත් වෙන්නේ. බහුතර මතයට අනුව කියැවෙන මීන ලග්නය මුල්කරගෙන කේන්ද්‍රය විග්‍රහ කර පසුව මේෂ ලග්නය ආදේශ කර සංසන්දනය කර බැලීමේදී කිවහැකි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි උපන් ලග්නය වියයුත්තේ "මේෂ" ලග්නය බවය. නවාංශකය "ධනු" වීමට බොහෝ ඉඩ තිබේ. උපන් නැකත සුවන වේ.
    2000 පෙබරවාරි සිට 2019 පෙබරවාරි දක්වා සෙනසුරුගේ මහදශාව විය. උපතේදී ශනි සිටියේ සිංහ රාශිය වූ පස්වැන්නේ ය. අන්‍යන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වන බවද, විශ්වාසවන්ත මිතුරන් ඉතා අඩු බවද කියා ඇත. දැඩි හිතකි. දරුඵල හීනකරයි. සිකුරුගේ ඍජු දෘෂ්ටිය නිසා ඉඳහිට යමක් ලැබුනද චන්ද්‍රයාගෙන් අටවැන්නේ බැවින් ඒවා තාවකාලික වේ. සෙනසුරු දුන් දේ සෙනසුරුම ආපිට ගනියි යනු මේ ශාස්ත්‍රයේ ප්‍රචලිත මතයකි.
    ඉදිරි මැතිවරණ කාලය වෙද්දී මෙයාගේ දශාව බලවත්. ඒත් ජන්ම ඒරාෂ්ටකය ඉවර නැහැ
    '' ඉදිරි මැතිවරණ කාලය වෙද්දී මෙයාගේ දශාව බලවත්. ''😂😂

    මොනාද Lovtus මේ කරන වැඩ පක්ෂේකුත් එක්ක බිමට පතබෑවෙලා කුනු බක්කියටම වැටුනු එකා ගැන නේ මේ කියන්නේ
    පොනිලා කුනු බක්කියේම හිටියනම් ලොවෙත් දකින්න නොලැබෙන ත්‍රෙඩ් මෙව්වා.🤭😂
    පොනිල් පිම්පි ජනපති වෙනකම්ම හිටියනේ මේ ටික කියන්න. 🤣🤣🤣
     
    • Haha
    • Like
    Reactions: vito and Lovtus

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    එහෙනං device එක යටිකුරුව තියලා ඔලුවෙන් හිටගෙන වෙන්ටෑ කියෙව්වේ :P


    උඹලා නම් නියම බයි ජාන වලින් හැදුන සුපිරි යක්ක පුත්තු තමා :ROFLMAO:.
    චන්දයක් ප්‍රකාශයට පත්කරලත් නෑ. අපේක්‍ෂකයෝ නාමයෝජනා භාරදීලත් නෑ. දැන් මගෙන් අහනවා දිනන්නේ කවුද කියලා. :dull:
    ------ Post added on Mar 22, 2024 at 2:19 PM
    off topic dewal kiyala penala yanna epa. uba kiyanna dan ne ne :ROFLMAO:

    mama kiyannam Ranil paradinawa idiriye mona chande thibbath


    ඒක ඌ කියන්නෑ ,
    මේ කාලේ ජන්ම්යාට හොදයි කියලා ආයෙත් ජන්ම ඒරාශ්ටක උත්තක් කියනවා,
    දෙකෙන් වඩාත්ම ප්‍රබල මොකදද කියලා ඌ කියන්න දන්නෑ,
    එතනින් එහාට වැඩක් නෑනේ,
    ඉස්සරහට අඩියයි ආයේ පිටිපස්සට අඩියයි විස්තාපනය බින්දුවයි,එකම තැන
    ow.. paw mugen welava balana un
    ------ Post added on Mar 22, 2024 at 6:39 PM
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    off topic dewal kiyala penala yanna epa. uba kiyanna dan ne ne :ROFLMAO:

    mama kiyannam Ranil paradinawa idiriye mona chande thibbath



    ow.. paw mugen welava balana un
    ------ Post added on Mar 22, 2024 at 6:39 PM
    මෝඩයා හැමදාම කරේ තර්කයක් එද්දි ඒකට මඩ බාල්දියකින් ගහන එක
    උබට තේරෙනවනේ මුගේ ටැක්ටික් එක.
    මම කතා කරපු ටෝන් එකයි ඌ කතාකරන ටෝන් එකයියත් උබට තේරෙනවනේ
     
    • Like
    • Haha
    Reactions: Lovtus and TechnWeb

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    '' ඉදිරි මැතිවරණ කාලය වෙද්දී මෙයාගේ දශාව බලවත්. ''😂😂

    මොනාද Lovtus මේ කරන වැඩ පක්ෂේකුත් එක්ක බිමට පතබෑවෙලා කුනු බක්කියටම වැටුනු එකා ගැන නේ මේ කියන්නේ
    පොනිලා කුනු බක්කියේම හිටියනම් ලොවෙත් දකින්න නොලැබෙන ත්‍රෙඩ් මෙව්වා.🤭😂
    පොනිල් පිම්පි ජනපති වෙනකම්ම හිටියනේ මේ ටික කියන්න. 🤣🤣🤣
    අනාගත්ත රාජපස්ස කෙනෙක් පිනට ජනාදිපතිකම දෙනව කියල කේන්දරේ ලියවිල නැත්තං වැඩක් නෑ.

    කලින් වතාවෙ අනාගත්ත රාජපස්සත් ජනේලෙක එල්ලෙනව කියල කවුරුත් කියල තිබ්බෙ නෑනෙ නේද @weer 11
     
    • Haha
    Reactions: vito and Lovtus

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    මෝඩයා හැමදාම කරේ තර්කයක් එද්දි ඒකට මඩ බාල්දියකින් ගහන එක
    උබට තේරෙනවනේ මුගේ ටැක්ටික් එක.
    මම කතා කරපු ටෝන් එකයි ඌ කතාකරන ටෝන් එකයියත් උබට තේරෙනවනේ
    deshapalana karayo wage depattatama kiyanawa u :ROFLMAO: uge thread balana ekath aparade
     
    • Haha
    Reactions: negombokollo

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    off topic dewal kiyala penala yanna epa. uba kiyanna dan ne ne :ROFLMAO:

    mama kiyannam Ranil paradinawa idiriye mona chande thibbath



    ow.. paw mugen welava balana un
    ------ Post added on Mar 22, 2024 at 6:39 PM
    Thread එකේ comments කියවපන් නිකන් ගොං ආතල් දෙන්නේ නැතුව 🤭🤭
    viWNTJC.png


    '' ඉදිරි මැතිවරණ කාලය වෙද්දී මෙයාගේ දශාව බලවත්. ''😂😂

    මොනාද Lovtus මේ කරන වැඩ පක්ෂේකුත් එක්ක බිමට පතබෑවෙලා කුනු බක්කියටම වැටුනු එකා ගැන නේ මේ කියන්නේ
    පොනිලා කුනු බක්කියේම හිටියනම් ලොවෙත් දකින්න නොලැබෙන ත්‍රෙඩ් මෙව්වා.🤭😂
    පොනිල් පිම්පි ජනපති වෙනකම්ම හිටියනේ මේ ටික කියන්න. 🤣🤣🤣
    ඇත්තනේ බන්. කුණු බක්කියක ඉන්න එකෙක් ගැන සාමාන්‍යයෙන් threads වැටෙන්නේ නැහැ තමයි. රටට වැදගත් එකෙක් ගැන නේ කවුරුත් කතාකරන්නේ
    ------ Post added on Mar 22, 2024 at 8:36 PM

    මෝඩයා හැමදාම කරේ තර්කයක් එද්දි ඒකට මඩ බාල්දියකින් ගහන එක
    උබට තේරෙනවනේ මුගේ ටැක්ටික් එක.
    මම කතා කරපු ටෝන් එකයි ඌ කතාකරන ටෝන් එකයියත් උබට තේරෙනවනේ
    උබ දාපු තර්කෙ මොකක්ද? මම ගහපු මඩ බාල්දිය මොකක්ද?
    ------ Post added on Mar 22, 2024 at 8:37 PM

    දාපු thread එකවත් හරියට කියවන්නේ නැතුව පැත්තෙන් පුප දීලා දැන් වැළපෙන්න එපා ෆ්‍රෙන්ස් :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Mar 22, 2024 at 8:41 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මොන ග්‍රහ මාරුවක් නිසා ද මූ ජාත්‍යන්තරව නෑවේ