ඔයා මොතන බුරනවා දවස් ගානකට කලින් අහපු ප්‍රශ්නෙට තවම උත්තර දුන්නේ නෑ![]()
isurueka is ignored....



ඔයා මොතන බුරනවා දවස් ගානකට කලින් අහපු ප්‍රශ්නෙට තවම උත්තර දුන්නේ නෑ![]()



isurueka is ignored....![]()




උත්තර නැති නිසාද?
පව් අප්පා කාගේ උනත් දරුවෙක්නේ![]()


මෛත්‍රිපාලගේ සැලසුම් ජන බලයට යටයිමෛත්රිපාල හැකි කමක් ඇත්නම් ජනවාරි 9 වැනි දා කළ දේ අගොස්තු 18/19 වැනි දා ද කරනු ඇත. ඔහු හැකිනම් රනිල් පික්පොකට් අගමැති කරනු ඇත. එසේ නොහැකි නම් ශ්‍රී ල නි පක්ෂයේ මහින්ද නොවන අයකු අගමැති කරනු ඇත. එහි දී මුදල් ලබාදීම් ශ්‍රී ල නි පක්‍ෂයෙන්් මන්ත්‍රීන් බා ගැනීම්, ආදිය සැලසුම් කෙරෙන බව රහසක් විය නො හැකි ය.
පික්පොකට් ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස සේවය කළ ශ්‍රී ල නි පාක්ෂිකයන් කිහිප දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන අතින් තහනම් වීම ගැන ප්රමෝදයට පත්විය යුතු නො වේ. මෛත්‍රිපාල සිරිසේන එසේ කෙළේ එමගින් ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව රැස් නොකර සිටීමට ඔහුට අවස්ථාව ලැබෙන බැවිනි. යථාකාලයේ දී මේ සියළු දෙනා පික්පොකට් ආණ්ඩුවක සාමාජිකයන් වීමට නියමිත ය.
ජනතාවට මෛත්‍රිපාල සිරිසේනගේ හා ඔහුගේ විජාතික උපදේශකයන්ගේ සැලසුම් පැරදවිය හැකි ය. පළමුවෙන් ම කළ යුත්තේ සංධානයට මන්ත්‍රීවරුන් 125 දෙනකුට වැඩි සංඛ්‍යාවක් ලබා දී මන්ත්‍රින් බා ගැනීමට ඇති ඉඩකඩ අවම කිරීම ය. එවිට බොහෝ විට මෛත්‍රිපාල සිරිසේනට සංධානයෙන් අගමැති කෙනකු පත් නොකර සිටීමට නොහැකි වනු ඇත. දෙවනුව මනාප සටනේ දී මහින්ද සමග නොසැලී සිටින අයට පමණක් මනාප දීමට ඉටාගත යුතු ය. චන්ද්‍රිකා, මෛත්‍රිපාල ආදීන් සමග හොර රහසේ කටයුතු කරන සංධානයේ අපේක්ෂකයන්ට මනාපයක් නොදිය යුතු ය. ඔවුන්ට මනාප දී ඔවුන් මන්ත්‍රීවරුන් වුවහොත් ඔවුන් සමග ද එකතු වී මහින්ද රාජපක්ෂ අගමැති නොවන බවට මෛත්‍රිපාල සිරිසේන වග බලා ගනු ඇත. අද බටහිරයන්ට හා ඉන්දීයයන්ට අප රට ලේ විලක් බවට පත්කිරීමේ අවශ්‍යතාව ඇත. රට අස්ථාවර කිරීම ඔවුන්ගේ අරමුණ වෙයි. එහෙත් අපට කරුණු තේරුම් ගෙන කටයුතු කිරීමෙන් ඔවුන් පරාජය කළ හැකි ය.
මෙය ශ්‍රී ල නි පක්ෂය කැඩීමක් නො වේ. පක්ෂයට ද්‍රොහිකම් කර පක්ෂය ඝාතනය කළ සෝමාරාම පරදවා ශී්රී ල නි පක්ෂය ශක්තිමත්ව යළි බිහිකර ගැනීමකි. එහි දී පක්ෂය යළි ඉපදෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂ සමග මිස ඝාතකයන් සමග නො වේ. මෛත්‍රිපාල සිරිසේන හා ඔහුගේ උපදේශකයන් සැලසුම් කෙළේ මහින්ද රාජපක්ෂට නාම යෝජනා නොදී සිටීමට ය. එහෙත් මහජන බලය හමුවේ මෛත්‍රිපාල සිරිසේනට එසේ නොදී සිටිමට නො හැකි විය.
ජනතා අවශ්‍යතාව නිසා ම මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංධාන නායකත්වයට පත් විය. එය ද මෛත්‍රිපාල සිරිසේනගේ කැමැත්ත නිසා සිදු වූවක් නො වීය. මෛත්‍රිපාල සිරිසේනගේ අකමැත්ත තිබිය දීම ජනතාව මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංධාන ලැයිස්තුවේ නායකත්වයට පත් කර ගත්හ.
සංධානයට ආසන 125ක් පමණ ලැබුණහොත් මෛත්‍රිපාලට ජනබලයට පිටුපා මහින්ද රාජපක්ෂ අගමැති නොකර සිටීමට නො හැකි වනු ඇත. අද කළ යුත්තේ මෛත්‍රිපාලලාගේ සැලසුම් ගැන කල්පනා කර ඔවුන්ට තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට අවස්ථාව ලබා නො දීම ය. ජනතා බලයට අවසානයේ දී මෛත්‍රිපාලට යටවීමට සිදුවනු ඇත. එහෙත් එතෙක් ඔහු බටහිර හා ඉන්දීය සැලසුම් ක්‍රියාත්මක කර රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද නොවන වෙනත් ශ්‍රී ල නායකයකු හෝ අගමැති ලෙස පත්කිරීමට හැකි සෑම උත්සාහයක් ම දරණු ඇත.
අප සැම විට ම සතුරාගේ සැලසුම් අධ්‍යයනය කර ඒ පරාජය කිරීමට ක්‍රියා කළ යුතු ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස කටයුතු කරනතාක් මහින්ද රාජපක්ෂට විවිධ බාධක ඇති කරනු ඇත. අද කළ යුත්තේ අගොස්තු 19 වැනි දාට පසු මෛත්‍රිපාල සිරිසේන ආපසු පුලස්තිපුරයට යැවීමට ක්‍රමයක් කල්පනා කිරීම ය.
නලින් ද සිල්වා
2015 ජූලි 30
දැන් ඕවා කරලා මයිත්රීපාල වෙන කෙනෙක් අගමැති කරන එක නවත්තන්නේ කොහොමද?
මයිත්රීපාල වෙන පුද්ගලයෙක් අගමැති කරොත් උඹල මොකක්ද ඒකට කරන්නේ?


රනිල්ගේ පොරොන්දු
1980 දී රනිල්ගේ වයස අවුරුදු තිහක් පමණ වී යැයි සිතමි. එකල තිබුණේ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනගේ ආණ්ඩුවකි. 1977 දී බලයට පත්වූ ජේ ආර් ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමට පොනේදු විය. මාමා පොරෙන්දු ඉටු කිරීමේ දක්ෂයෙක් විය. ඔහු අධර්මිෂ්ඨ භීෂණ රජයක් පිහිටුවී ය. අද යහපාලනය ගැන මැත දොඩන කුලියට කහින ධර්මසිරි බණ්ඩාරනායක එදා ජේ ආර්ට විරුද්ධව නාට්‍යයක් නිෂ්පාදනය කර ගැනීමට තරම් කොන්දක් නොමැතිව පරිවර්තන කෘතියක් ලෙස මකරාක්ෂයා නිෂ්පාදනය කෙළේ හොරණ විද්‍යාරත්නයෙන් ලැබුණු තුට්ටු දෙකේ මාක්ස්වාදී ආභාසයෙන් විය යුතු ය. පොතේගුරු කසිකබල් මාක්ස්වාදීන් වූ ඔවුහු කිසි දිනෙක ජාතිකත්වයක් සහිතව යටත්විජිත විරෝධී කලාකරුවෝ නොවූහ. ඔවුහු ද අවසාන විග්රහයේ දී බටහිර ගැත්තෝ වූහ. අද ඔවුන් රනිල් වැනි බටහිර ගැත්තකු සමග යම් ජාතිකත්වයක් ඇති මහින්ද රාජපක්ෂට විරුද්ධව දීිග කන්නේ ඔවුන්ගේ ජාතිකත්වයක් නැති කසිකබල් මාක්ස්වාදයේ හෙළුව ද ප්‍රදර්ශනය කරමිනි.
එ ජා ප ඊයේ උපන් පක්ෂයක් නො වේ. ගොන් කතා කීමෙහි ප්‍රසිද්ධ කිරඇල්ලලාට, තමන් විසින් මෙරටට ගෙන්වන ලද පාතාල කුඩ්ඩන් ට වෙනත් පාතාලයන් කරන වෙඩි තැබීම් සංධානයට පැටවීමට වෑයම් කරන රවිලාට මතක නැති වුවත් 1977 සිට 1994 දක්වා මෙරට පාලනය කෙළේ රනිල්ගේ මාමා ජේ ආර් හා වෙන්ඩ උපාධිධාරී සජිත්ගේ පියා ආර් ප්‍රේමදාස හා ටික කලකට මෙලෝ රහක් නැති විජේතුංග ය. එකල රනිල් යම් කාලයක අධ්‍යාපන ඇමති පදවිය දැරී ය. අපකීර්තිමත් ධවල පත්‍රිකාව ගෙන ආවේ එකල බව චම්පකට හා අනුර දිසානායකට අමතක වීමට හේතුවක් නැත. ඔවුහු අද රනිල්ගේ චුවිං ගම් හප හපා සිටිති. රනිල්ලා අනුරලා 87 -92 භීෂණය ගැන වගකිවයුත්තෝ වෙති. පාතාලය සමග එ ජා ප නායකයන්ගේ සම්බන්ධය ඉතා ඇත අතීතයට යයි. මැතක දී වුවත් ගෝනවල සුනිල් සමාව හා රනිල් අතර සම්බන්ධය මැදි වයසේ අය ද දනිති.
ධවල පත්‍රිකාවට අමතරව දිනකට රුපියල් දහයක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා වැඩ වර්ජනය කළ ජූලි වර්ජකයන් මහපාරට ඇද දැමුවේ ජේ ආර් ය. ජූලි වැඩවර්ජකයන් කී දෙනෙක් සිය දිවි නසා ගත්තෝ ද? ඔවුන්ගෙන් කී දෙනකුගේ දරුවන්ගේ අනාගතය ජේ ආර් කා දැමුවේ ද? රාජ්‍ය සේවය කප්පාදු කරන ලද්දේ රනිල්ලාගේ ආණ්ඩු විසිනි. පොදුවේ ගත්කල එ ජා ප ආණ්ඩු රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බැඳී සිටියි. නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක උපාධිධාරීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙහි උපාධි ප්රදානය කිරීමට තීරණය කෙළේ රනිල්ලාගේ ආණ්ඩුවකිනි. අනුර දිසානායකට හා චම්පකට ත්රීමාවිතාන මතක ද? අඩුම තරමෙන් රතන හිමියන්ට මතක ද? කරු පරණවිතානට මතක ද?
රනිල්ගේ පොරොන්දු තවත් ව්‍යාජ පොරොන්දු පමණ ය. රාජ්‍ය සේවය කප්පාදු කිරීමට, රාජ්‍ය වැය අඩු කිරීමට, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමට බටහිර යටත්විජිතවාදීන් සමග එකඟත්වයනට පැමිණ සිටින පක්ෂයක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් ගැන කතාකරන විට නිදහස් අධ්‍යාපනය නගා සිටුවීමට කතාකරන විට ඔවුන් කරන රැවටිල්ල අපට තේරුම් ගත හැකි ය. ඇතැම් තරුණ තරුණියන් මේ කිසිවක් නොදන්නවා විය හැකි ය. එහෙත් ඔවුන්ට වුව ද දැනුවත් වීමට තවත් සති දෙකක පමණ කාලයක් ඉතිරි වී ඇත.
1977 -– 1994 කාලය හඳුන්වනු ලැබුයේ දහහත් අවුරුදු ශාපය ලෙස ය. රනිල් ඉල්ලන්නේ ශාපය අඩු තරමෙන් මාස හැටකින් දිර්ඝ කර රට දෙමළ ජාතිවාදීීන්ට පාවාදීමට ය. අප ඔහුගේ බොරු පොරොන්දූවලට රැවටිය යුතු නො වේ. රනිල්, අනුර, චම්පක එකතු වී තවත් භීෂණයකට මුල පුරනු ඇත.
නලින් ද සිල්වා
2015 ජූලි 31
ඔයා කියන්නේ ලොලිපොප් අකිල සහ මංගල ගැන වෙන්න ඇති... ඔයා දේදුනු පාටට ගොඩාක් ආසයි වගේ....![]()

ignored...![]()
