පස්වැනි පටුමගේ සිට ලියමි
ක්‍රේම්බිජ් ටෙරසයේ වෙනදා මෙන් විශාල වාහන නවතා නැත. පරිවාර දේසපාලකයින් එකා දෙන්නා හැරෙන්න ඔහුට සුභපතන්න එන්නන්ද දැකිය නොහැක. ලිබරල් නායකයාගේ ප්‍රොපගැන්ඩා ජුන්ටාවක් රට වටේ ඇලවූ පෝස්ටර දෙකතුනක් පටුමගට හැරෙන තාප්ප වලද අවැසියි අවැසියි කියමින් හිනා වෙමින් ඇත. ඒ හිනාව තමන්ටම හිනාවෙන සෙයක් පෙන්නුම් කරයි. තාප්පය අසල වැටකෙයියා පදුර ළග ශරීරාරක්ෂකයෝ වාහන කිහිපයක පාපිසි සුද්ද කරමින් ඇත. තාප්පයෙන් ඇතුලේ ආදි රාජකීයෙකු දියවන්නාවට යෑමට සැරසේ. ඉතින්
ඔබ යන්න
තනිපුටුවේ හොදින් ඉදගන්න
මේ සැරේ වත් පරිණත යැයි පෙන්නන්න
අර ඩීල් කතා හිතමිත්රාදී සේවන කතා බොරු කියලා පෙන්නන්න
දෙනියාය අමතක කරන්න
ඩී.එස් හැදූ බණ්ඩාරනායක කැඩූ පක්ෂය නැවත හදන ඩී.එස් කෙනෙක් වන්න
එහා පැත්තේ මෙහා පැත්තේ චේම්බරියේ ඉදගෙන ඉන්නේ ඔබගේ දරුවන් යැයි සිතන්න. එයාලට දග නොකරන්න උපදෙස් දෙන්න
කොළපාට ලේ තියන උභයජීවියා නොවී මිනිසුන්ගේ උණුවට දුවන රතු ලේ වල ගැසම හදුනාගන්න
මොනා කලත් කලයුතු දේ කරලා හවසට ගෙදර එන්න
එහෙනම් ඔබ යන්න. ගිහින් මේ සැරේවත් රටට දෙයක් කරන්න
Nuwan Nirodha Alwis(moo mona naminda danne nah kiriye inne)