රනිල් නැති කාලෙක පිහිටුවීමට බලාපොරොත්තු.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    රනිල් නැති කාලෙක පිහිටුවීමට බලාපොරොත්තු.

    :oo::oo: රනිල් නැති කාලෙක පිහිටුවීමට බලාපොරොත්තුවන ධර්මරාජ්‍යය.........!! :oo::oo:


    තුවක්කුවකින් වෙඩි තිබ්බා නම් එතැන සංවෙදී කමක් නැත. යකඩ පොල්ලකින් ගහල මැරුවහම එතැන පුංචි සංවෙදී කමක් තිබෙ.


    පෝස්ටරයක් ඇලවීම දඩුවම් ලැබිය යුතු වරදකි. මක්නිසාද යත් පෝස්ටරයයක් වුව දේශදෙ‍්‍රාහී විය හැකි නිසා ය.


    දේශදෙ‍්‍රාහීන්ට රජකාලේ නම් දුන්දඩුවම වූයේ උල හිටුවීම ය. අපේ රජතුමා සංවෙදී නිසා එවැනි අමානුෂික දඩුවම් එතුමාගේ ගෝලයින් වත් දෙන්නේ නැත.


    අලුගෝසුවනේ මා එල්ලාපන් යයි කියන්නට ගායකයින් හිටියේ ඉස්සර කාලයේ ය. දැන් උන් කලා කාරයින් වෙලා දිවා නොබලා කඩෙ යන නිසා එහෙම ගායක ගායිකාවන් අපට නැත. ඒ නිසා කියන බයිලාවක් දේශදෙ‍්‍රාහීන්වන අපට ම කියා ගැනීමට සිදුව තිබෙ. එල්ලා මැරෙනවා වෙනුවට යකඩ පොලු පහර කන්නට සිදුව ඇත්තේ ඒ නිසා ය.


    වෛරී දේශපාලනයක් රජතුමා නම් කරන්නේ නැත. එතුමා මතු බුදුවනු ඇතැයි බොහෝ අය කියන්නේ නිකම්ම විය නොහැකි ය.


    ඇත්තටම රජතුමා අහිංසක ය. එජාපයෙන් පාගා අරගත් ඊනියා රාජපාක්ෂිකයින් රැලක් මෙවා කරනවා විනා රජතුමාගේ සැබෑ ගෝලයින් මෙවා කරන්නේ නැත. උදාහරණයකට අපට මර්වින්ව ගත හැකි ය. රජතුමාගේ උපදෙස් පරිදි මර්වින් මෙ දවස්වල සිල් අරගෙන ය.


    රනිල් නැති කාලෙක ධර්ම රාජ්‍යය පිහිටුවන්නට පුලුවන. එතෙක් පුංචි අඩුපාඩුකම් තියෙන්නට පුලුවන.


    මතක ඇතිව 26 දා චන්දය දෙන්න. එහෙම දෙනකොට යකඩ පොල්ලකින් පහර දී පව් කාරයෙක් දෙව්ලොව යැවීමෙන් අත් පත් කරගත්තා වූ මෙ පින් ද අනුමෝදන් වෙන්න.



    Source :- http://beyondframe.wordpress.com/2010/01/18/රනිල්-නැති-කාලෙක-පිහිටුව/
     
    • Haha
    Reactions: INCORRECT

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    2i9o8sm.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මේක නං 100% වැරදි
    හදපු කෙනාට සහ ගහන poster එකක් මචං
    උඹලට අමතක වෙලා මහින්දගෙ සෘජු නායකත්වය නොහිටින්න යුද්ධය මග නවතින්න තිබුණු බව
    ඒ විතරක් නෙවෙයි සාමය ගේන යුද්ධයක් කවදාවත් එන්න නොතිබුණු බව

    කාට ඡන්දෙ දුන්නත් මහින්ද රට වෙනුවෙන් කරපු දේවල් එකක් දෙකක් හෝ තියෙන බව මතක තියාගමු :)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක නං 100% වැරදි
    හදපු කෙනාට සහ ගහන poster එකක් මචං
    උඹලට අමතක වෙලා මහින්දගෙ සෘජු නායකත්වය නොහිටින්න යුද්ධය මග නවතින්න තිබුණු බව
    ඒ විතරක් නෙවෙයි සාමය ගේන යුද්ධයක් කවදාවත් එන්න නොතිබුණු බව

    කාට ඡන්දෙ දුන්නත් මහින්ද රට වෙනුවෙන් කරපු දේවල් එකක් දෙකක් හෝ තියෙන බව මතක තියාගමු :)

    Photoshop ne banz aramuna mada gasa votes ganima misak arthayak na!:)