රනිල් මහනුවරට- මාධ්‍යයට දොර වැසෙයි

  • Dec 18, 2013
    535
    98
    28
    රනිල් මහනුවරට- මාධ්‍යයට දොර වැසෙයි

    1575354916-Ranil_In_Kandy_L.jpg


    හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පෙරවරුවේ දී මහනුවර පැමිණ මල්වතු අස්ගිරි මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

    පළමුව මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව හිටපු අගමැතිවරයා අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇත.

    රනිල් වික්‍රමසිංහ මහතා මහානායක හිමිවරුන් බැහැදකින අවස්ථා ආවරණ කිරීමට මාධ්‍යයට අවස්ථාව හිමි නොවිය.

    රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි මහාවිහාරයෙන් එළියට පැමිණෙන විට මාධ්‍යවේදීන් විසින් විශේෂ කරුණක් නිසාවෙන් පැමිණියේ ද යන්න විමසා ඇත.

    ස්තූති කිරීම සඳහා පැමිණි බව සඳහන් කරමින් හිටපු අගමැතිවරයා පිටව ගොස් තිබේ.

    රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මන්ත්‍රීවරු කිසිවෙකු පැමිණ නොසිටි අතර, මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක වන චානක අයිලලප්පෙරුම, තිලිණ බංඩාර තෙන්නකොන් හා ශාන්තිනි කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් සහභාගී වී ඇත.

    -අද දෙරණ-


    තාම මූ හැදිලා නෑ .......