රනිල් මහින්ද මෙත්‍රී සමග හෙට රට ❌

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රනිල් මහින්ද මෙත්‍රී සමග හෙට රට ❌

    images


    1. මහින්ද රාජපක්ෂ 17 පස්සේ රටට කරන දේ

    කොලඹ නැවත වරක් බීජිනය සමඟ සමීප සම්බන්ධකම් ගොඩනඟා ගැනීම නොඉවසන වොෂින්ටනය හා නව දිල්ලිය තුල, රාජපක්ෂ යලි බලයට ඒම පිලිබඳ බලාපොරොත්තුව හමුවේ දැනටමත් අනතුරු ඇඟවීමේ සීනු නාදවී ඇත. රාජපක්ෂ මැතිවරනය තරඟ කරනු ඇති බව නිවේදනය කිරීමත් සමඟ රටේ ලිබරල් හා ව්‍යාජ වාම සංවිධාන විවේචන රැල්ලකින් ඊට ප්‍රතිචාර දැක්වීය. ජනවාරියේදී “ෆැසිස්ට්වාදී රාජපක්ෂ ආඥාදායකත්වය” හෙලා දුටු අය, රාජපක්ෂ යලි බලයට පත්වීම වැලැක්වීමට සිරිසේන සිය ආඥාදායක ජනාධිපති බලතල යොදාගත යුතු යයි බලකිරීමට පසුබට වූයේ නැත.
    මැතිවරනයේදී ශ්‍රීලනිපය හා එහි සහචරයින් ආසන බහුතරයක් දිනාගත්තත් තමා අගමැති ලෙස රාජපක්ෂ පත්කරන්නේ නැති බව සිරිසේන දැනටමත් නිවේදනය කර තිබේ. තරයේම ව්‍යවස්ථා විරෝධී වන එවන් පියවරක් ගත හැක්කේ, මිලිටරියේ පිටුබලය ලබන ආඥාදායක තන්ත්‍රයක් පිහිටුවීම හරහා පමනි.


    2. රනිල්ගේ 17 පස්සේ රටට ඉටු කරන්නට යන දේ

    ඇමරිකාවේ “ආසියාවට හැරීම” හා චීනයට එරෙහි යුද සූදානම තුල, වැදගත් මුහුදු මාර්ගයන්ට මැදිව පිහිටා ඇති දිවයින, වොෂින්ටනයේ අවධානයට ලක්ව ඇත. ජනවාරි 8දා ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් පහකිරීමේ ව්‍යායාමය තුල ඉන්දියාව සමඟ එක්ව ඇමරිකාව, තිරයෙන් පිටුපස වැදගත් ක්‍රියාකලාපයක් ඉටු කලේය. රාජපක්ෂගේ “අපරාධ” පිලිබඳව වොෂින්ටනය හා නව දිල්ලිය දැක්වූ උනන්දුව යොමුවී තිබුනේ, ඔහුගේ ආඥාදායක පාලන ක්‍රමෝපායන් හෝ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධයේ අවසන් අදියරවල සිදුවූ අපරාධ වලට ඔහුගේ ආන්ඩුවේ වගකීම් කෙරෙහි නොව, බීජිනය සමඟ ඔහුට පැවති සමීප බැඳීම් කෙරෙහිය.

    ජනවාරියේ සිටම ශ්‍රී ලංකාව, බීජිනයට එරෙහි වොෂින්ටනයේ “ආසියාවට හැරීම” තුලට වේගයෙන් ඇදගෙන තිබේ. මැතිවරනයෙන් පසුව ඇමරිකානු පාලනයේ හා මිලිටරියේ නියෝජිතයින් පෙලක්ම කොලඹ කරා පැමිනි අතර මැයි මාසයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සංචාරයෙන් එය කුලුගැන්වුනි. “නවීන හා ගතික ඉන්දු-ශාන්තිකර කලාපයක කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රයෝජනවත්” විය හැකි දිවයින, “ඉන්දියාවේ හා මියන්මාරයේ ගැඹුරු මුහුදු වරායන්ට ආසන්නව මූලෝපායාත්මකව පිහිටා තිබීමේ” වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඔහු, “වාර්ෂික හවුල්කාරිත්වයේ සාකච්ඡාවක්” වෙනුවෙන් කැඳවුම් කලේය. බීජිනයට එරෙහි පෙන්ටගනයේ යුද සැලසුම්වල තීරනාත්මක අංඟයක් වන්නේ, අප්‍රිකාවෙන් හා මැද පෙරදිගින් චීනයේ බලශක්ති හා අමුද්‍රව්‍ය ආනයන කරන ඉන්දියානු සාගරය හරහා දිවෙන මුහුදු මාර්ග අවහිර කිරීමේ හැකියාවයි.


    3. මෙත්‍රී පාල විසින් රටට කරන්න යන දේ

    ජීවන තත්වයන් නඟාසිටුවන බවට ද ප්‍රජාතන්ත්‍ර අයිතීන් සහතික කරන බවට ද පොරොන්දු වෙමින් (යන්තම් දින 100ක් තුල) බලයට පත්වූ සිරිසේන ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ද පැවසීය. කෙසේ වෙතත් මේ සැලසුම්, නරක අතට හැරෙන ජාත්‍යන්තර ආර්ථික කඩාවැටීම හා ග්‍රීසියේදී දක්නට ලැබෙන ආකාරයේ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ කුරිරු කප්පාදු ඉල්ලීම් හමුවේ, අඩාල විය. ඉහල යන නය බරකට කරගසා සිටින මෙරට ආර්ථිකය, ගෙවුම් ශේෂ අර්බුදයක අද්දර පැද්දෙමින් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තුවේදී, ඩොලර් බිලියන 4ක ආන්ඩුවේ නය ඉල්ලීම එක පැහැර ප්‍රතික්ෂේප කරමින්, ආන්ඩුවේ ඉතා සීමිත සහන ආපසු හරවන, පුලුල් අයවැය කප්පාදු නිර්දේශ කලේය.

    සිසුන්ගේ නය වැඩිකිරීම ප්‍රමාද කරමින් ද රජයේ සේවකයින්ට පොරොන්දුවූ වැටුප් වැඩිකිරීමෙන් කොටසක් පමනක් ලබා දෙමින් ද සිරිසේන, දැනටමත් සිය “දින 100” පොරොන්දු බොහොමයක් කඩකර ඇත. අත්‍යවශ්‍ය භාන්ඩ මිල සියයට 20 දක්වා පිම්මේ ඉහල යද්දී පෞද්ගලික අංශයේ සේවකයින්ට කිසිදු වැටුප් වැඩිවීමක් ලැබී නැත.

    කුමන පක්ෂ විසින් ඊලඟ ආන්ඩුව පිහිටුවනු ලැබුව ද ඔවුන් ජාමූඅ කප්පාදු නිර්දේශ ක්‍රියාත්මක කරන්ට යෑමේදී, තමන්ගේ සියලු මැතිවරන පොරොන්දු වේගයෙන් ඉවත දමනු ඇත. වැඩකරන ජනතාවගේ අවශ්‍යතා හා අපේක්ෂාවන් ද සමස්ත දේශපාලන සංස්ථාපිතය ද අතර ආගාධය, පොහොසතුන් හා දුප්පතුන් අතර වැඩෙන දැවැන්ත සමාජ බෙදුම්කඩනය හා තියුනු වන පන්ති ප්‍රතිඝතිතාවන්හි අනිවාර්යතාව පිලිබඳ ප්‍රකාශනයකි.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කොලඹ නැවත වරක් බීජිනය සමඟ සමීප සම්බන්ධකම් ගොඩනඟා ගැනීම
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මා විසින් ඔබට ජනාදිපතිවරණයේදී ලබාදුන් චන්දය පිළිබදව මා දහස් වරක් පසුතැවෙමි,

    ඔබ විසින් මෙම ලිපිය පුද්ගලිකව මහින්ද රාජපක්ෂ මැතිතුමාට යොමුකලේ නම් ඔබ පක්ෂය පිළිබදව සිතිනබව සිතිය හැක .

    නමුත් මට සිතෙන්නේ බුද්ධි අංශ සමික්ෂන වාර්තා වල ප්‍රථිපල ඔබට ලැබුන පසු මහින්ද මහතාට ලැබෙන ජයග්‍රහණය වළක්වන්නට ඔබ ගත් කුජිත පියවරක් ලෙසයි .

    ස්තූතියි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇත්තට ඇමරිකාව චීනෙ ඉන්දියාව එහෙම ලංකාව නැත්තං සුනේ සුං නේ බං? ආඩම්බරයි බං

    දඩයක්කාරයෝ කුරුමානාමි අල්ලද්දි නිකන් ඉන්න ඔනෙද බන් අනික පක්ශ සියල්ලගෙන්ම රටට වෙන ප්‍රයෝජන ටිකයි උඩ ලියලා තියෙන්නෙ නැතුව එක එකාව පුම්බන විදිහ ගැන නෙමේ :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;18814533 said:
    දඩයක්කාරයෝ කුරුමානාමි අල්ලද්දි නිකන් ඉන්න ඔනෙද බන් අනික පක්ශ සියල්ලගෙන්ම රටට වෙන ප්‍රයෝජන ටිකයි උඩ ලියලා තියෙන්නෙ නැතුව එක එකාව පුම්බන විදිහ ගැන නෙමේ :rofl:
    ඇත්ත ඇත්ත ඔහොම හිතලා ලබන ස්වයං වින්දනය ඇර වෙන වින්දනයක් ලබන්න ක්‍රමයක් නෑනෙ ලංකාවෙ මිනිස්සුන්ට (මම ඇතුලුව). :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අනාගතයටත් මෛත්‍රී පාලනයක් වේවා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇත්ත ඇත්ත ඔහොම හිතලා ලබන ස්වයං වින්දනය ඇර වෙන වින්දනයක් ලබන්න ක්‍රමයක් නෑනෙ ලංකාවෙ මිනිස්සුන්ට (මම ඇතුලුව)

    මේ ලියලා තියෙන්නෙ ස්වය වින්දනයක් ගන්න හැටි නෙමේ මිත්‍රයා 17 පස්සෙ රට යන්නෙ කොයි පැත්තට ඉට පස්සේ ගන්න වුන් රට කරවන හැටි සහ කවුරුත් පිලිගන්නෙ නැති ඇත්ත 17 පස්සෙ මොකැ වෙන්නෙ කියලා ස්වාදින මත දරන වුන් හිතලා බලපාල්ලා පාට පාට කන්නාඩි වලින් නොබලා :no:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;18814533 said:
    දඩයක්කාරයෝ කුරුමානාමි අල්ලද්දි නිකන් ඉන්න ඔනෙද බන් අනික පක්ශ සියල්ලගෙන්ම රටට වෙන ප්‍රයෝජන ටිකයි උඩ ලියලා තියෙන්නෙ නැතුව එක එකාව පුම්බන විදිහ ගැන නෙමේ :rofl:


    bump
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සිටින මා මේ කරපු පරණ ගොන් කම් වලට කනගාටු වෙමි :lol:


    https://www.wsws.org/sinhala/