රනිල්, රාජිත, චම්පික, ෆොන්සේකා, අනුර ප‍්‍රජා අයිතිය අහෝසි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිස්සුද අර ජොනී ඉන්නෙ මහින්ද මරන්න හදපු එකා ඔය එලියේ, බය කරලා බ්ලැක්මේල් කරාවී (ඔව් ඉතිනේ එහෙම කරන්නත් වැරැද්දක් තියෙන්න ඕනෙ)
    සරත් ෆෝන්සේකා නම් ඉතින් කවදාවත් තර්ජන වලට කොන්ද නවපු මිනිහෙක් නෙමේ. හිරේ හිටියා නේ ඈති තරම් කල් ඈඩුවේ නෑනේ.. මිනිහාට හරි තෑන සිරා සහා රනිල් නොදුන්න එක තමා වුනේ..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සරත් ෆෝන්සේකා නම් ඉතින් කවදාවත් තර්ජන වලට කොන්ද නවපු මිනිහෙක් නෙමේ. හිරේ හිටියා නේ ඈති තරම් කල් ඈඩුවේ නෑනේ.. මිනිහාට හරි තෑන සිරා සහා රනිල් නොදුන්න එක තමා වුනේ..
    ඔව් එයා ඒ අතින් හොදයි, හැබැයි පොලිටීශන් කෙනෙක් වශයෙන් නම් එච්චර හොද කෙනෙක් නෙමෙයි.
     
    • Like
    Reactions: malakadss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    මරු විපක්ශේ උන් ටික ගෙදරට කරා , රජප්ක්ශලා ඉතුරු ටිකත් කෑවම් මේක මෙතනින් ඉවරයි නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා වර්ථමාන රජය විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී.

    ජනාධිපතිවරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරණය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවන ලදී.

    උපාලි අබේරත්න නිගමන මගින් යහපාලන ආණ්ඩුව යටතේ පිහිටුවා තිබුන දූෂණ විමර්ශන කොමිටුව හා එහි සාමාජිකයන්ගේ තින්දු තීරණ මගින් දේශපාලන පලිගැනීම් සිදුව ඇති බව නිගමනය කොට තිබේ.

    එම කමිටුවේ සාමාජිකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාශල් ෆොන්සේකා, රාජිත සේනාරත්න, මංගල සමරවීර ප්‍රධාන චුදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

    විශේෂ ජනාධිපති කොමිසම මගින් යම් පුද්ගලයකු වරදකරු ලෙස නිගමනය කරයි නම් ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට බලය ලබා දී තිබේ.

    පාඨලි චම්පික රණවක මහතා උපාලි අබේරත්න කොමිසමේ නිගමන අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝග කරන ලද අතර 14දා අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

    පාඨලී චම්පික රණවක මහතා පෙත්සම්කරු ලෙස ආයාචනය කරන ලද්ෙද් උපාලි අබේරත්න මහතා සභාපතිත්වය දැරැ ජනාධිපති කොමිසම විසින් එලඹෙන ලද නිගමන සියල්ල සර්ශෝරාරී රිට් ආඥාවක් මගින් බලරහිත කරන ලෙසත් එකී කොමිශන් සභා නිගමන ක්‍රියාත්මක කිරීම තුලින් පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසියම් හෝ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කරනු ලබන ප්‍රොහිබිශන් ආඥාවක් නිකුත් කරන මෙන්ද ඉහත නිර්දේශ පදනම් කොට ගෙන දැනට පෙත්සම්කරුට එරෙහිව ගන්නා සියලු ක්‍රියාකාරකම් වාරනයට ලක් කරන ලෙස ඉල්ලා තිබේ.
    දූෂණ මොනවත් කරල නෑලුද? @NiyamaSinhalaya

    මේන් @2osama @N A K A M U R A @netudara
    රාජපස්සලා මුන් එක්ක ඩීල් එකක් දාලද? නැත්තං දූෂන නෑලුද?
     
    • Like
    Reactions: kasun090354t

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඕකුන්ට හොරු කියපු එවුන්ට මල් තියල වැඳපන්

    ලිස්ට් එකේ මුලටම අපේ රනිල් මහත්තයගෙ නම දාන්න තරම් හිතේ තරහක් තිබිලා නේද. තමන් නන්දසේනයට දුන්න වටිනා ඡන්දය පික් පොකට් ගහල, රනිල් මහත්තය විධායක ජනාදිපති සැප ගන්නකොට බයියොන්ගෙ හිත්වල කොච්චර නම් වේදනාවක් ඇතිද.