රනිල් වෙනුවට දයාසිරි...

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රනිල් වෙනුවට දයාසිරි...

    මාතර පට්ට වලිය... ඒ ගැන වැඩිය කතා කල යුතු නැත.. මේ අප හැමදාමත් දකිනා නියම යූ ඇන් පී කාරයින්ගේ කෙරුවාවය... බලය නැති කල කෙසේ වෙතත් බලයක් ලැබුනු විගස අනිත් පක්ෂවල උන්ට එළව එළවා පහර දෙන ගතිය යූ ඇන් පී ජාන වලින්ම එන දෙයකි.. එය දන්නා නිසා සැමදාමත් යූ ඇන්පිය බලයට ඒම ගැන සාධාරණ බියකින් මා මෙන්ම යූ ඇන් පී අළුගෝසුවාදය දන්නා මිනිසුන් පෙලෙති. බලේ නැතිව මෙහෙමනං බලේ තිබුනු විට ඔය පහරවල් එල්ල වන්නේ කාගේ හිස මතද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

    ඒ කෙසේ වෙතත් මේ පාර වෙනදාට වඩා වැඩේ අමාරු හැඩය... රනිල්ට තව දුරටත් තමන්ගේ හෙංචයියන්ගේ ආරක්ෂාව මැද සිටිම අපහසුවන මට්ටමට වැඩේ පත්තු වේගන යයි... එහෙත් රනිල්ගේ විරුද්ධ පක්ෂයට ඇත්තේ රනිල් එළවීමටත් වඩා ඊ ළගට කරන්නේ මොකක්ද කියනා බරපතල පැනයයි... සජිත් කරූ ගැන කියෙව්වාට ඒ දෙකම පණ ඇති චරිත නොවන බව යූ ඇන් පී පාක්ෂිකයින් අත්දැකීමෙන්ම මේ වන විට වටහාගෙන ඇත...

    එසේනම් කල යුත්තේ කුමක්ද..?

    මෙන්න ආණ්ඩුවට කඩේ යන මංතුමාගෙන් හිතේ කහටක් නැතිව හොඳ විසඳුමක්...

    පක්ෂ නායකත්වය වන වන නොසිට දයාසිරිට බාරදීමය...

    දයාසිරි පක්ෂයේ ජේෂ්ඨත්ව අනුපිලිවෙලට අනුව සිටිනා තැන ගැන සිත සිතා සිටීම ඔවුන් විසින් කරගන්නා ඓතිහාසික වරදක් විය හැකි හෙයින් හැකි ඉක්මනින් මෙය කිරීම වැදගත්ය...

    අනික රනිල් මේ පාර පැරදුනේ ආණ්ඩුවටත් වඩා දයාසිරිගෙනි... රනිල්ටත් ඔහුගේ නඩයටත් ආණ්ඩුව පැරදවීමට වඩා උවමනා වී තිබුනේ දයාසිරි පැරදවීමය... චන්ද සමයේ යූ ඇන්පී ප්‍රධාන කථීකයින්ගේ කතා වලින් ඒ බව මනාව පැහැදිලි විය... එහෙත් අවසානයේ ඔවුන් සියල්ල පරදා දයාසිරි ගේම දිනුවේ රනිල්ට මදි නොකියන්නට පාඩමක් කියා දෙමිනි... එසේ බැළු කල රනිල්ව අමු අමුවේ පැරදවිමට සජිත්ලාට කරූලාට වඩා දයාසිරිට හැකි විය...


    copyright ctkumara.blogspot.ca/2013/10/blog-post_5.html
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මේ මොහොතේ යූඇන්පීයේ මොලේ තියෙනා උන් සිටිනවා නං කල යුත්තේ නායකත්වය බාරගෙන නැවත පක්ෂයට පැමිණෙන ලෙසින් දයාසිරිට ආරාධනා කිරීමය... පණ ගොස් සිටිනා යූ ඇන්පී පාක්ෂිකයින්ට නැවත හුස්ම පොදක් පිඹීමට එවැනි යමකින් විනා රනිල්/කරු/සජිත් වැනි අස්පට් ජොකියන්ට නොහැකිය.. ඔවුන්ට මහින්ද වැනි අයකු සමග රේස් දුවනවා තබා හොඳ තරගයක් දීමටවත් හැකියාවක් නැත. දයාසිරි නැවත ආවොත් එය ආණ්ඩුවට විශාල පහරක් වීමත්.. පාක්ෂිකයින් පිබිදවීමට මෙන්ම තලතා/සුජීව/බුද්ධික/රෝසී වැනි අයගේ ජවයත් මද්දුම බණ්ඩාරලාගේ හයියත් නැවත ඒක රාශි කර ගැනිමට හැකිය. වැදගත්ම දේ රනිල්ට වඩා මිනිසුන් සමග එක්ව කටයුතු කිරීමේ හැකියාවක් දයාසිරිට තිබීමය... පක්ෂ මාරුවෙන් පසුව වූවත් ජොනී හැර අනිකුත් සංධාන කාරයින් සමඟ හොඳ හිත ආරක්සා කර ගනිමින්ම යූ ඇන් පී කාරයින්ද තමා වටා රදවා ගැනීමට ඔහුට තිබූ හැකියාව පැසසිය යුතුය.. මෙය මහින්ද වටා පක්ෂ විපක්ෂ සියළු දෙනා කැරකෙනවාට සමාන තත්වයකි. ඒ නිසා රනිල් මෙන් පලි ගැනීමේ වැඩ.. කැපිලි නැතිව හරේන්ලට රංජන්ලට වූවද වගකීම් බාර දී වැඩ ගැනීමේ හැකියාව දයාසිරිට ඇත. පක්ෂයකට ඇවසි එවැනි නායකයෙකි... නොදන්නා දේවල් දන්නා අය ලවා කර ගැනීමේ හැකියාව සහිත නායකයෙකි... ප්‍රජාතන්ත්‍රවාදය ගැන සහතික වලට වඩා එය ක්‍රියාවේ යෙදවිය හැකි නායකයෙකි... කොටින්ම නායකයෙකි.. රෑකඩයක් නොවේ...

    දයා සිරිට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැති අඩුව ඒ සම්බන්ධ අංශ රනිල්ට පැවරීමෙන් මග හරවා ගත හැකිය... ගම් මට්ටමින් පක්ෂය නගා සිටුවීම සජිත්ට පැවරිය හැකිය... පැරණි පාක්ෂිකයින් රඳවා ගැනීම ගැන ගාමිණිලට රංජිත්ලට බාර දිය හැකිය... රෝසිට තලතාට වගකීම් වැඩි කොට කාන්තාවන් පක්ෂයට ආකර්ෂණය කර ගැනීමට වැඩ සටහන් සෑදිය හැකිය...

    මෙවැනි දෙයකට අකමැති වනවා නම් ඒ අන් කිසිවකුත් නොව රනිල් සරණං ගච්ඡාමි යැයි උදය සවස පවසමින් තමුන්ගේ බඩ ගෝස්තරවාදය රැක ගැනීමටම දත කකා බලා සිටින අර ගෝතයින් සැට් එකම පමණි...

    රනිල් වන්දනාව කරනා අය තුන් තිස් පැයේ කියනා පරිදි හොඳ මොලයක් සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තිබීම පමණක් පක්ෂයක දියුණුවට හේතු නොවේ... ඒ ඒ හැකියාවන් ඇති අය ඒ ඒ සම්බන්ධව යොදවාගෙන ඒ අයව නියම දිශාවකට මෙහෙයවිය හැකි.. ජනතාවට ගරු කරන..ජනතාවටත් විශ්වාස තැබිය හැකි නායකයෙක් සිටීම රනිල්ගේ උලව් රාජ්‍යතාන්ත්‍රිකත්වයට වඩා මේ මොහොතේ රටට ඇවසිය. නායකයා සියල්ල දැනගෙන සිටිය යුතු නම් කෙදිනකවත් අපේ රටට නායකයින් බිහි වන්නේ නැත. අද මහින්ද දන්නා දේවලුත් ඒ හැටි නැති බව ආණ්ඩු පාක්ෂිකයින් වන අපිදු දනිමු.. එහෙත් මහින්ද තමාට හැකි පරිදි හා.. තමාට විශ්වාසය තැබිය හැකි අයව හැකි මට්ටමින් ඒ ඒ තැන්වලට දමා තරඟය දුවන්නට උත්සහ ගනියි... ඒ සෑම දෙයක්ම සෑම විටම සාර්ථක නොවුනද ඔහු ඒ දේ කරන්නට බලයි.. රනිල් හදන්නේ තනියම දුවා පෙන්වන්නටය... රනිල්ට බැරි වෙන්නට හේතුවත් එයමය... කැබිනට් එකවත් නොදන්නා සාම ගිවිසුමක් ගෙනවිත් ඔහු ඔප්පු කරනු ලැබුවේත් එකී වන් මෑන් ෂෝ එකේ අපූරුවය... අඩුම තරමේ ජේආර් මාමා කොරපු ටිකවත් මේකාට මතක නැත. ප්‍රේමදාසට කොටසකුත්..ගාමිණිට ලලිත්ට තව කොටසකුත්.. රොනීට තවත් කොටසකුත් ආදී වශයෙන් ආණ්ඩුව ඇතුලේම බලතල බෙදා පාලනයක් ගෙන ගිය අන්දම තේරුම් ගත්තා නම් රනිල්ට මෙවැනි දුකක් අත් වන්නේ නැත. එහෙත් දැන් රනිල්ට හැදෙන්නට කාලයක් නැත... රනිල්ට කාලයක් දෙන්නට ගියහොත් පරාද වන්නේ රටය...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ආණ්ඩු පාක්ෂිකයෙක් හැටියට දයාසිරි එවැනි තීරණයක් ගතහොත් ඒ ගැන කණගාටුවක් ඇති වන්නට ඉඩ ඇතත්.. ආණ්ඩුවට එක් අයකු නැතිවනවාට වඩා රටට යහපත් විපක්ෂයක් ලැබීමේ සතුට ලැබිමේ හැකියාව ඇති බවද කිව යුතුය... වැදගත්ම දේ හැම දේටම බටහිර සරණ නොපතන.. කොළඹින් පිටතත් ලංකාවක් තියෙනවා සහ එහි ජනයාටත් ඡන්ද අයිතිය තිබෙනවා යැයි දන්නා නායකයකු විපක්ෂයේ සිටීම ගැන සිතා සතුටු විය හැකිය. බිස්නස් කාරයින්ගේ උවමනාවට පොඩි මිනිහා හූරාගන කන ප්‍රතිපත්තියෙන් තොර වූ පක්ෂයක් හා නායකයෙක් සිටිනවා නම් හා විරුද්ධ පාක්ෂිකයින්ට එළව එළවා ගසනා ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නම් යූ ඇන් පීය සමඟ මටද ඇති ආරෝවක් නැත... අද වී ඇත්තේ වැරදීමකින්වත් මහින්දගෙන් බලය විපක්ෂයට ගියහොත් එය පත් වන්නේ කුමණ කණ්ඩායමක් අතටදැයි.. කුමන ආකාරයේ නායකයකුටදැයි දන්නා නිසා ආණ්ඩුවේ වැරදි නිසාවත් විපක්ෂයට ඡන්දය දීමට හිත හදාගත නොහැකි තත්වයකි. මූණත් එක්ක තරහට නහය කපා ගන්නා උන් දැන් හිගය...

    හැමදාමත් ආණ්ඩුවට බැන බැන සිටිනවාට වඩා ආණ්ඩුව ආණ්ඩු මට්ටු කර හරි මගක යැවීමේ හැකියාව සහිත විපක්ෂයක අඩුව පුරවා ලීමට ඇවසි ඥාණ ශක්තිය යූ ඇන්පී පාක්ෂිකයින්ට පහල වේවා.. ලොකු කම් නැතිව දයාසිරිව නැවත කැඳවා පක්ෂයත්.. විපක්ෂයත්.. පොදුවේ ඒ හරහා රටත් ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇත්තේ යූ ඇන් පී පාක්ෂිකයින්ටය... ඒක කරන්නට කැමති නම් එසේය.. නැතහොත් තව දුරටත් රනිල් කරේ තබාගෙන ගොස් පක්ෂයත් රටත් අඳුරේ හෙලීමට උවමනා නම් ඒක කරන්නට හැක්කේත් ඔබටමය...

    සුදුස්සක් කරනු මැනවි...
    මේක ලියනකොට මාරයාගේ හෝරාව හරියටම 18:19


    copyright http://ctkumara.blogspot.ca/2013/10/blog-post_5.html
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    api kochra kaghuwath uda pannath minisunta oana widiyta mea dewal siddawen na ne aiye.. ape thathala unp eka wenuwen maragathu hati mathkai eth dan eke unma maragnawa... api aluth paramprawa hatiyta aluthin hithala ratata hoda deyk kran nayakayek gena chande dunnath ea chande gil matt lu.. kawada api wiswasa krana oaneee sedddaaaa tamaiii.. ita wada mea inna ratema citizen aran shp eke inna tamai wenne
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,258
    12,301
    113
    Ohio, USA
    කිලී,සජිත්,ශිරාල්,මෛතීලාට වඩා ඔබ තුමාට මාර කැක්කුමක්නේ තියෙන්නේ රනිල් ගැන... ඔබ තිමා නිදහස් පක්ශේට චන්දේ දෙනවානම් යූඇන්පියට අකමැතිනම් අයි මේ පස්චාත්බාගේරුදාවෙන් වගේ කෑගහගෙන ත්‍රෙඩ්ස් දදා අඬන්නේ? යූ ඇන්පීසාමාජිකයෝ එයාලගේ පක්ශේ ගැන බලාගනීවි... ඔබතුමා කරදරවෙන්න එපා ඒ ගැන
     
    • Like
    Reactions: darshana3g

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    කිලී,සජිත්,ශිරාල්,මෛතීලාට වඩා ඔබ තුමාට මාර කැක්කුමක්නේ තියෙන්නේ රනිල් ගැන... ඔබ තිමා නිදහස් පක්ශේට චන්දේ දෙනවානම් යූඇන්පියට අකමැතිනම් අයි මේ පස්චාත්බාගේරුදාවෙන් වගේ කෑගහගෙන ත්‍රෙඩ්ස් දදා අඬන්නේ? යූ ඇන්පීසාමාජිකයෝ එයාලගේ පක්ශේ ගැන බලාගනීවි... ඔබතුමා කරදරවෙන්න එපා ඒ ගැන

    මේ මාගේ අදහස් නෙවෙයි. "මාරයාගේ හෝරාව" එකේ පලවෙච්ච එකක්. එත් හොද අදහස් ටිකක් නිසා මේකේ දැම්මේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    :lol: unp ya iwarai kurusa karayo hinda ekata kela wuna,,

    ඔව්. හුගක් දෙනා රනිල් විවේචනය කරනවා විතරයි. එත් ප්‍රතිපත්තිය ගැන නො කතා.
    තව 13+ දෙන්න බොක්කෙන්ම කැමති පක්ෂයනේ.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Dayasiri ochchara porak da? ane manda

    oyala Dayasiri leader karanna kiwwata MTV MBC ekata kemathi da kawda danne..
    MTV MBC kemathi nathnam eka wena deyak newei neda

    Sajith ganath kisima pehadeemak naha...man ge history dannawane ethin...
    anika kisima vision ekak naha..president kenekta sudusu madi..

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ubath ara maha rajagen kuttiyak aran wage mata penne.lol

    දයාසිරි UNP එකට අරගෙන විපක්ෂය ශක්තිමත් කරලා මහින්දට ගේම දෙන එක ගැන ලිපියක් මේ.

    :rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Dayasiri ochchara porak da? ane manda

    oyala Dayasiri leader karanna kiwwata MTV MBC ekata kemathi da kawda danne..
    MTV MBC kemathi nathnam eka wena deyak newei neda

    Sajith ganath kisima pehadeemak naha...man ge history dannawane ethin...
    anika kisima vision ekak naha..president kenekta sudusu madi..


    සජිත් කියපුව කරපුව පහුගිය අවුරුදු 10, 15 ගැන හැමෝම දන්නවනේ. පරිනත බව කියල නාමයක් නැහැ. අඩුමගානේ වටේ ඉන්නේ අය වත් තේරුම් කරලා දෙන්න ඕනේ.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කිලී,සජිත්,ශිරාල්,මෛතීලාට වඩා ඔබ තුමාට මාර කැක්කුමක්නේ තියෙන්නේ රනිල් ගැන... ඔබ තිමා නිදහස් පක්ශේට චන්දේ දෙනවානම් යූඇන්පියට අකමැතිනම් අයි මේ පස්චාත්බාගේරුදාවෙන් වගේ කෑගහගෙන ත්‍රෙඩ්ස් දදා අඬන්නේ? යූ ඇන්පීසාමාජිකයෝ එයාලගේ පක්ශේ ගැන බලාගනීවි... ඔබතුමා කරදරවෙන්න එපා ඒ ගැන
    :yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    chande illanna education qualifications illanna ona. Mea wage gon wali ibema nathara venawa ethakota.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    chande illanna education qualifications illanna ona. Mea wage gon wali ibema nathara venawa ethakota.

    ඔකේ දෙපැත්තක් තියෙනවා. දැන් බලන්න උගත්තු යි කියාගන්න කට්ටිය තමයි දෙමල බෙදුම්වාදයට උදව් කරන්නේ