රනිල් වෙනුවට දයාසිරි...
මාතර පට්ට වලිය... ඒ ගැන වැඩිය කතා කල යුතු නැත.. මේ අප හැමදාමත් දකිනා නියම යූ ඇන් පී කාරයින්ගේ කෙරුවාවය... බලය නැති කල කෙසේ වෙතත් බලයක් ලැබුනු විගස අනිත් පක්ෂවල උන්ට එළව එළවා පහර දෙන ගතිය යූ ඇන් පී ජාන වලින්ම එන දෙයකි.. එය දන්නා නිසා සැමදාමත් යූ ඇන්පිය බලයට ඒම ගැන සාධාරණ බියකින් මා මෙන්ම යූ ඇන් පී අළුගෝසුවාදය දන්නා මිනිසුන් පෙලෙති. බලේ නැතිව මෙහෙමනං බලේ තිබුනු විට ඔය පහරවල් එල්ල වන්නේ කාගේ හිස මතද යන්න අමුතුවෙන් කිව යුතු නැත.
ඒ කෙසේ වෙතත් මේ පාර වෙනදාට වඩා වැඩේ අමාරු හැඩය... රනිල්ට තව දුරටත් තමන්ගේ හෙංචයියන්ගේ ආරක්ෂාව මැද සිටිම අපහසුවන මට්ටමට වැඩේ පත්තු වේගන යයි... එහෙත් රනිල්ගේ විරුද්ධ පක්ෂයට ඇත්තේ රනිල් එළවීමටත් වඩා ඊ ළගට කරන්නේ මොකක්ද කියනා බරපතල පැනයයි... සජිත් කරූ ගැන කියෙව්වාට ඒ දෙකම පණ ඇති චරිත නොවන බව යූ ඇන් පී පාක්ෂිකයින් අත්දැකීමෙන්ම මේ වන විට වටහාගෙන ඇත...
එසේනම් කල යුත්තේ කුමක්ද..?
මෙන්න ආණ්ඩුවට කඩේ යන මංතුමාගෙන් හිතේ කහටක් නැතිව හොඳ විසඳුමක්...
පක්ෂ නායකත්වය වන වන නොසිට දයාසිරිට බාරදීමය...
දයාසිරි පක්ෂයේ ජේෂ්ඨත්ව අනුපිලිවෙලට අනුව සිටිනා තැන ගැන සිත සිතා සිටීම ඔවුන් විසින් කරගන්නා ඓතිහාසික වරදක් විය හැකි හෙයින් හැකි ඉක්මනින් මෙය කිරීම වැදගත්ය...
අනික රනිල් මේ පාර පැරදුනේ ආණ්ඩුවටත් වඩා දයාසිරිගෙනි... රනිල්ටත් ඔහුගේ නඩයටත් ආණ්ඩුව පැරදවීමට වඩා උවමනා වී තිබුනේ දයාසිරි පැරදවීමය... චන්ද සමයේ යූ ඇන්පී ප්‍රධාන කථීකයින්ගේ කතා වලින් ඒ බව මනාව පැහැදිලි විය... එහෙත් අවසානයේ ඔවුන් සියල්ල පරදා දයාසිරි ගේම දිනුවේ රනිල්ට මදි නොකියන්නට පාඩමක් කියා දෙමිනි... එසේ බැළු කල රනිල්ව අමු අමුවේ පැරදවිමට සජිත්ලාට කරූලාට වඩා දයාසිරිට හැකි විය...
copyright ctkumara.blogspot.ca/2013/10/blog-post_5.html

Last edited:
unp ya iwarai kurusa karayo hinda ekata kela wuna,,