රනිල් සහ සජිත්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රනිල්
    කැළණියෙන් 70 මැද භාගයේ දේශලාපන භූමිකාවට එන ඔහු ධනවත් පවුලක ඉපදුණු නීතීඥයකි.
    1977 මුලින්ම පාර්ලිමේන්තුවට එන ඔහු අදවෙනතෙක් පුරා වසර 40කට වැඩි ප්‍රමාණයක් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතුකරයි.

    රණසිංහ ප්‍රේමදාස සමයේ ඔහු මුලින්ම අගමැති කම ලබන්නේ 1993 වසරේදීය.
    1988 සිට 1990 දක්වා බටලන්ද කදවුර ඔහු යටතේ පැවති බවත්, ප්‍රේමදාසට ඔහුගැන අදහසක් පහළවන්නේ එම කර්තව්‍ය නියමාකාරයෙන් ඉටුකොට, කැරැල්ල සහ ජ.වී.පේ නැගිටීම නවතා දැම්මෙතේ ප්‍රතිපලයක් හැටියටය.
    තමන්ගේ එක ඇඟිල්ලක් කදවුරේ පුද්ගලයෙකු සපාකා දැන් ඔහුට එක කොට ඇගිල්ලක් උරුමවන්නේද කදවුරේ මතක ජීවිතය පුරාවටම මතක්වන්නටය.

    ප්‍රේමදාස පවුලට ඉතා ලැදිව සිටි රනිල් අදවනතෙක් එම පවුලේ සියලු කටයුතු සොයාබලන්නේ කිසිම අඩුවක් නොකොටය.

    සජිත්
    හම්බන්තොටින් 2000 වසරේ දේශලාපන භූමිකාවට එන ඔහු, හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසගේ පුතාය.
    ඉතාම වැඩි චන්ද ප්‍රතිශතයක් මුළු දිවයිනෙන්ම ලබාගන්නා මන්ත්‍රීවරයා ලෙස කීපවරක්ම ඔටුනුපලන් කෙනෙක්ය.

    අදවනතෙක් අලියා ලකුණේ නැතහොත් යූ ඇන පී පක්ෂයේ නියෝජ්‍ය නායකයාය.
    පවතින දේශපාලන රාමුව තුල ඔහු විවිධ භාදක ඔස්සේ පසුගියවර ජනපති සටනටද අතගැසුවේය.

    රනිල් යනු දේශපාලන භුමිකාවේ කපටිම පුද්ගලයෙකු බව මුළු රටටම නොරහසකි.

    මහින්ද සහ ඔහුගේ පවුලේ දේශපාලන සටන 2005 පසුව මුළු රටම වසාගෙන පැතිරෙන්නේ, ප්‍රභාකරන්ද සුන්නත් දුවිලි කරමින්ය.
    පවුල් දේශපලානය නව මුහුණුවරකට එළබෙන්නේ එලෙසිනි. කලින් බණ්ඩාරනායක, සේනානායක, ගුණවර්ධන යන ප්‍රසිද්ධ පවුල් දේශපාලන පසුබිමද සුළුවට තිබුණි.

    එයට මුහුණ දීමට නොහැකිවෙන යූ ඇන පී බලමුළුව දෙදරන්නේ, කොටස් වෙනවනම මහින්ද බිලිබාන්නට පටන්ගත්තු දා සිටය.

    රනිල් විවිධ අයුරින් තම කණ්ඩායම සමග පසු බසිමින්, වැටෙමින්, නැගිටිමින්, දගලමින් අදවනතෙක් කෙසේ හෝ ජාම බේරාගෙන සිටි.

    ගෝඨා දේශපාලනයට ගොඩවූ දා සිට ජාම බේරාගැනීම තවත් අමාරුකාර්යක් විය.
    එයට විවිධ උප්පරවැට්ටි දැමුවද චන්ද පදනම බිද වැටෙන බව මුළු පක්ෂයම හොදින් දැනගෙන සිටියේය.

    අවසාන තුරුම්පුව රනිල් එලියට අදින්නේ එවැනි පසුබිමක් යටතේය.

    පක්ෂයේ බලකණු රැස්කරන රනිල් තමන්ගේ සැලැස්ම ඔවුන්ට එළිදක්වන්නේ සියල්ලන් අන්දමන්ද කරමින.
    මෙම රැස්වීමට පක්ෂයට පසුකාලයේ එකතුවුණු අය කැදවා නොතිබිණ. ඉතා රහසි ගත ලෙස, කිරිඇල්ල, කරු, රවී, සජිත් වැනි බලකණු වලට පමණක් ඔහුගේ සැලැස්ම දිගහැරීමට වග බලාගැනුනි.

    එයින් කියවුනේ නව පක්ෂයක් සජිත්ට ගොඩනංවා ගැනීම සහ පක්ෂයේ දෙදරීමක් ප්‍රචාරය කොට යවන ලෙසය.
    රනිල්ගේ පැත්තට එක කොටසකුත්, සජිත්ගේ පැත්තට එක කොටසකුත් තෝරාගැනීමටද කටයුතු කෙරුණි.
    චන්දයට ආසන්නව මෙය තවත් බොරුවක් ලෙස නොපෙන්වීමට පක්ෂයේ සාමාජිකත්වයෙන් කොටසක් නෙරපීමටද සාකච්චා කරගනුනේය.
    එලෙස කරනවිට පක්ෂයේ වියවස්තාව අනුව බලකනුවලට කිසිදු ලෙස එම නෙරපීම බලනොපාන ලෙසද තීරනයවුනි.

    2020 පෙබරවාරි 10 නව සන්ධානයක් බිහිවන්නේ එලෙසිනි.

    මෙම ක්‍රමයෙන් රනිල්ට අකමැති අය සජිත්වටා ගොඩගස්සවා ගැනීමටත්, රනිල්ට ලැදි සෙසු ජනතාව රනිල්වටා ගොඩ ගසාගැනීමටද තීරණය වුනි.
    මහින්දගේ සහ ගෝඨා ගේ සුළග නැවතීමට හැකි එකම උප්පරවැට්ටිය මෙය බව කාටත් ලෙසටම රනිල් පහදා දුන්නේය.

    චන්දයට පසුව මෙම දෙපිරිස එකතුවෙන් නව ආණ්ඩුවක් බිහිකොට රනිල් අගමැති පුටුවේ වාඩි කරවීමට ද විශ්වාසභන්ගයක් ගෙනවිත් ගෝඨා අයින්කොට සජිත් ජනපති කරවීමටත් සියලු සැලසුම් නියමෙට සැලසුම්සහගත විය.

    තව දින කීපයකින් සියලු තතු එලියට පැමිණ ලංකික දේශපාලන භුමිකාවේ අමුතුම මානයක් නිර්මාණය වෙන සැටි බල සිටින්න.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    2lxK.gif
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අනේ මචං තව මේ වගේ රසකතාවක් කියපන්කෝ

    කවුද උඹට මේ වගේ කතා කියන්න කියලා දුන්නේ එරෝසන් ද ?