රනිල්_අස්වීමට තීරණය කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රනිල්_අස්වීමට තීරණය කරයි

    රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි !




    පසුගිය පළාත් සභා මැතිවරණයේ ඇතිවූ පරාජයත් සමග විපක්ෂනායක වරයා සිය ධුරයෙන් ඉවත්වී නායකත්වය සම්බන්ධ වගකීම් තරුණයන් හට ලබාදීමට කටයුතු කිරීමට සුදානමින් පසුවෙතැයි වාර්තා වේ.

    එම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පක්ෂයේ ජේෂ්ඨයන් සමග සිදු කල සාකච්චාවකින් අනතුරුවය. එහිදී කරු ජයසූරිය නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුලත්කිරීමට එකඟ වී ඇත.

    පසුගිය පැවති මැතිවරණය රනිල් වික්‍රමසිංහ යටතේ පරාජය වූ 27 වන පරාජය වේ. පසුගිය දෙදින පුරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කලේ රනිල නායකත්වයෙන් ඉවත්වන ලෙස බලකරමිනි.

    පවතින රජයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් බොහෝදෙනා ජන්දයේදී අපේක්ෂා කලත්එය එසේ නොවීම හේතුවෙන් බොහෝදෙනා විපක්ෂය කෙරේ කලකිරී ඇත.

    මෙම සියලු කරුණු සලකා බලා නායකත්වයේ වැඩි වගකීම් කොටසක් තරුණ පරපුර වෙත පවරා ඔවුන් අධීක්ෂණය කිරීමට ජේෂ්ඨ නායක වැනි තනතුරක් පමණක් දැරීමට විපක්ෂ නායකවරයා තීරනයකොට ඇතැයි අප වෙත වාර්තා වී ඇත.

    මහත්මා දේශපාලනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට හොඳ ඉතිහාසයක් පැවතියත් වර්තමානයේදී "රනිල්ට දිනන්න බෑ" යන මතය ගැඹුරින්ම සමාජ ගත වීම හේතුවෙන් විපක්ෂය පසුගිය කාලයේ දිගින් දිගටම පරාජය විය.




    33000
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    james-van-der-beek-clapping-gif-dawson-b7279382-sz624x350-animate1.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chanaka says: September 25, 2013 at 1:19 pm
    අපි නොදන්න රනිල්! මේක මේ දැන් තියෙන විරෝධය ටිකක් අඩු වෙනකන් කරපු පොඩි ට්‍රික් එකක් විතරයි. ඔහොම ටිකක් කල් මරල පස්සෙ තව මොකක් හරි කියනවා. රුවන් විජේවර්ධන තැනට එනකන් මෙයා යන්නෙ නෑ.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම නම් හිතන්නෙනෑ රනිල්ට විපක්ශ නායකකමින් අයින් වෙන්න මහින්ද ඉඩ තියයි කියලා.:lol::lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,211
    113
    Ohio, USA
    ඇත්තටම "රනිල්ට බෑ" කියල සමාජයේ මතයක් ඇතිකරලා එක්සත් ජාතික පක්ෂය එකදිගටම පරාජය උනේ.. එරෝසාන් වගේ උන් රනිල් නිසයි unpය පරදින්නේ..... :(
    ඒ නිසා රනිල්ව ගෙදර යවන්න ඕනේ කියල කියන්නේ ඇත්තටම රනිල්ට බැරි කමකට නෙවෙයි.. රනිල්ගේ පුලුවන් කම එලියට එන්න නොදී තියාගන්නයි...
    ආන්ඩුවේ උන්ගේ කටුකන උන් රනිල්ව ගෙදර යවන්න ඕනේ කියල කියන්නේ රනිල් ගියම එන එකා තියලා unpය ආන්ඩු බලය අරගෙන රට දියුනුකරන්න ඕනේ කියන උවමනාවට නෙවෙයි රනිල්ට තියෙන බයටයි... හොරකන් නොකරන නායකයෙක් පත්කරගන්න මේරටේ මිනිස්සුන්ට බෑ...:dull:
     
    • Like
    Reactions: poorna1

    aruna47

    Well-known member
  • රනිල් ගියාට පස්සේ නිදන් හාරලා මොංගල් උන පුතාද බන් නායකයා කරන්නේ? උව ඔතනට දානවට වැඩිය හොදයි අපේ නිගාව එතනට දානවා. පක්ෂයේ කරු දැම්මොත් තිබ්බ චන්දත් නැති වෙනවා කරු කියන්නේ කොන්ද පන තියෙන එකෙක්ද බන්.. වෙන දානවා නම් කව්ද දාන්නේ කව්රුත් නෑ වගේ.. රුවන්ලාට කලින් විපක්ෂ නායක කම දෙන්න ඕන සජිත්ට. මොකද ඔකේ මුල් තමයි සජිත්ලා.. අද අලියා අච්චාරු වෙලා තියෙන්නේ. මහින්ද වගේ හොරෙක් ගේ හොරකම් නවත්තන්න පුළුවන් එකෙක් තුන් වෙනි නෙම දෙවෙනි බලවේගය වෙලා හරි එනවා නම් මම නම් චන්දෙ දෙනවා. මහින්දගේ ගු කන උන් කියන්නේ මහින්ද හොදයි ගසා කන්නේ නැහැ. එතකොට ඉන්ධන මිල කෑම එහෙම වැඩි වෙන්නේ ඉබේම වෙන්න ඇති.:lol:
     
    • Like
    Reactions: poorna1

    Similar threads