රනිල්_මහින්ද_එකතුවෙලා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රනිල්_මහින්ද_එකතුවෙලා

    සිංහලයා වෙනුවෙන් නම් නෙවෙයිලු ෆෙන්ස් අහවල් සංහිදියාව රකින්නලූ
    ______________________________________________



    රට තුළ දිගුකාලීන ජාතික ආගමික සංහිඳියාව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ස්ථාපිත ‘ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම පිණිස හා ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’ විසින් මහජන අදහස් විමසීමෙන් අනතුරුව සකසා සභාගත කරන ලද නිර්දේශයන්ගේ ක්‍රියාකාරී සැලැස්ම බලගැන්වීම අරමුණු කොටගත් විශේෂ රැස්වීමක් අද දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 හි දී පැවැත්විණි.
    අද දින රැස්වීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මැතිතුමා සහ ගරු විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභික මන්ත්‍රීවරුන්ගේ නියෝජනය සහිතව පැවැත්විණි. විශේෂයෙන් මේ සඳහා අදාල රේඛීය අමාත්‍යාංශ භාර අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ ප්‍රධාන නිලධාරීහුද එක්ව සිටියහ.
    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සභාගත කරන ලද අතුරු වාර්තාවේ අඩංගු නිර්දේශ එකිනෙක පුලුල් ලෙස මෙහිදී සලකා බැලුනු අතර, දිගුකාලීන සාමය ස්ථාපිත කිරිම සඳහා මෙම නිර්දේශ ඉතාමත් සාධනීය මට්ටමක පවතින බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ඇතුළු සහභාගි වූ සියළු දෙනාගේ පොදු අදහස වීමද විශේෂත්වයකි.
    මෙම නිර්දේශ අතුරින් කිහිපයක් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් සෙසු නිර්දේශයන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් තීරණය වූ අතර ඒ සඳහා අදාල විෂය භාර අමාත්‍යවරු ඉතා යහපත් ප්‍රතිචාරයක් දැක්වූහ.
    අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිකුත් කරන ලද ‘දියවන්නා ප්‍රකාශය’ද අද දින රැස්වීමේදී විශේෂ අවධානයට ලක් විය. ජාතික වශයෙන් වැදගත් පොදු කරුණු වලදී දේශපාලන භේදයකින් තොරව ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් එක්ව තීරණ ගැනීම සඳහා දියවන්නා ප්‍රකාශය මගින් ශක්තිමත් පදනමක් සකසා ඇති බවද මෙහිදී ඇගයීමට ලක් විය.
    අද දින රැස්වීමේ කටයුතු සමාප්තියට පත්කරමින් ගරු කථානායකතුමන් සඳහන් කලේ තිරසාර ජාතික හා ආගමික සහජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ලැබීමත් ගරු අග්‍රාමාත්‍යතුමන් හා ගරු විපක්ෂ නායකතුමාගේ සක්‍රිය දායකත්වය ලැබීමත් අතිශයින් වැදගත් බවය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අද දින ඇති කරගත් එකඟතාවයන් ඓතිහාසික සන්ධිස්ථානයක් වනු ඇති අතර, ඉන් අනාගත පරපුරට ජයග්‍රහණ රැසක් අත්පත් කර දෙනු ඇති බවත් එහි ගෞරවය ඒ සඳහා පුරෝගාමී වූ සියළු දෙනාටම හිමිවනු ඇති බවත් ගරු කථානායකතුමා වැඩිදුරටත් පැවසීය.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මොනවද ඔය කියන නිර්දේශ? හැමෝටම එකම නීතියක් කියන එකත් තියෙනවා ද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එකතු වෙලා පුක දෙන්න වගේ යන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සංඝයාවහන්සේලා භේදකරලා සිංහළුන්ගෙ ඇස්වලට වැලි ගහලා, උන්ට ඇති පොදු සතුරා මර්ධනය කරලා උන් උන් උන්ගේ අනාගත පැවැත්ම උදෙසා උන් උන් එකතුවිය. මළු ටික හෝදගෙන කඩේ යන්න ලෑස්ති වෙයල්ලා
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සංඝයාවහන්සේලා භේදකරලා සිංහළුන්ගෙ ඇස්වලට වැලි ගහලා, උන්ට ඇති පොදු සතුරා මර්ධනය කරලා උන් උන් උන්ගේ අනාගත පැවැත්ම උදෙසා උන් උන් එකතුවිය. මළු ටික හෝදගෙන කඩේ යන්න ලෑස්ති වෙයල්ලා

    කඩේ යන්න නම් බෑ රුචිරයා....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කඩේ යන්න නම් බෑ රුචිරයා....
    තාම තේරෙන්නෙ නෑ. තව ටික දවසක් යන්න ගිහිල්ලා හොඳට බලහන් හිටන් ඉන්නෙ කොහෙද කියලා. එදාට ගත්ත දෙයක් අරගෙන ඉක්කන්ට ගෙදර යමන්. ලොක්කො ටික බඩගින්නෙ.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තාම තේරෙන්නෙ නෑ. තව ටික දවසක් යන්න ගිහිල්ලා හොඳට බලහන් හිටන් ඉන්නෙ කොහෙද කියලා. එදාට ගත්ත දෙයක් අරගෙන ඉක්කන්ට ගෙදර යමන්. ලොක්කො ටික බඩගින්නෙ.
    :yes::yes::yes:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:

    456773659_903731508444365_2648848084600284175_n.jpg