ප‍්‍රශ්නය – ඔබ සඳහන් කරන පරිදි පාස්කු ප‍්‍රහාරය සඳහා ෂාෆි වෛද්‍යවරයාගේ සම්බන්ධයක් තිබෙනවා නම්, ඒ සඳහා වෙනම පරීක්ෂණයක් සිදු කළ යුතු වෙනවා. ෂාෆි සහ ඉස්ලාම් ත‍්‍රස්තවාදය අතර තිබෙන සම්බන්ධය පිළිබඳ සැකයක් ගොනු වෙන්නේ කොහොමද…?
පිළිතුර – සාහරන් සහ වත්කම් කියන චෝදනා දෙක අපි එකට ගත යුතුයි. සහරාන්ගේ සම්බන්ධය හෙළිවෙන්න අවුරුදු දාහතරක්, වෛද්‍යවරයෙක් විදිහට සේවය කරලා, මේ තරම් ධනස්කන්ධයක් උපයාගන්නේ කොහොමද…? ඒ ප‍්‍රශ්නය සඳහා පිළිතුරක් දෙන්න නම් ෂාෆි සහ ඔහුගේ වත්කම් සඳහා සිටින හවුල්කාර පාර්ශ්ව පිළිබඳව සොයා බැලිය යුතුයි. මේ සියලූ දෙනාගේ දුරකතන විශ්ලේෂණ වාර්තා, ෂාෆිගේ පවුලේ සියලූ දෙනාගේ දුරකථන වාර්තා ආදිය විශ්ලේශනය කළ යුතු වෙනවා. එම කිසිදු දුරකථන වාර්තාවක් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කරලා නැහැ. රහස් පොලිසිය කටයුතු කරන්නේ එහෙමයි. කුරුණෑගල පොලිසිය විසින් මේ ගැන ඉදිරිපත් කරලා තියෙන වාර්තා රාශියක් තිබෙනවා. එම වාර්තා යටගහලා, ෂාෆි තමන් ළඟ තියාගෙන රහස් පොලිසිය විසින් අමුතුම නාට්‍යයක් රඟ දක්වන්න පටන් ගත්තා.
https://www.lankaleadnews.com/?p=38052#