රනිලා බයියන්ව රට පටවන්න යන්නේ..

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113

    මෙරට රිළවුන් චීනයට​

    1681212682-rila-hh-L.jpg



    ශ්‍රී ලංකාවේ ඉහළයන රිළා ගහනය ට විසඳුමක් ලබාදෙමින් මෙරට රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවය.

    මෙම ඉල්ලීම අනුව මෙරට රිළවුන් 100,000ක් පළමු අදියර යටතේ ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (11) දින බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්වී ඇත.

    මෙම සාකච්ඡාව අනුව මෙරට රිළවුන් විදේශ රටක් සඳහා ලබාදීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    දැනට අප රටේ රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබේ. මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිළවාය. රිළා ගහනය අවම කරගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇති පසුබිමක මෙම ඉල්ලීම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසයි.

    රිළවුන්ගෙන් සිදුවන වැඩිම හානිය වාර්තා වන්නේ වයඹ පළාතෙනි.

    ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රිළවුන්ගෙන් මෙරට වගාවන්ට සිදුවන හානිය දෙස බලනවිට රිළවුන් ලබා ගැනීම සඳහා වෙනත් රටක් ඉදිරිපත්වීම ම සතුටට කාරණයක් බවට මෙම සාකච්ඡාවේදී අවධානයට ගත් බවය.

    Source
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සත්තු ලක්ෂයක් එකම වර්ගෙකින් සත්තු වත්තකට ගන්න ලෝකේ පලවෙනි වතාව.... ලංකාව කියන්නේ සතෙක් වෙලාවත් ඉපදෙන්න සුදුසු නැති රටක් බන්... :dull: :dull:

    ඕස්ට්‍රේලියාවේ බොන්න වතුර නැති වෙනවා කියලා සත්තු මරද්දී මරහඩ දීපු එවුන් කොහේ ඉන්නවද කියලා බලා ගන්න පුළුවන් ඔන්න මේකෙන් දැන්...
     
    • Like
    Reactions: shenat

    Similar threads