රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

$onny

Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991 ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (අගෝස්තු 7 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
    ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් සී ජී සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම එකගතාවය පළ කෙරුණි.
    මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

    එහිදී ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන කොන්දේසි කිහිපයක් යටතේ මෙම රඳවාගෙන සිටින වාහන 991 ක් මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව සඳහන් කළේය.

    ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් 3,552,909,200/- (රුපියල් බිලියන 3.6 කට ආසන්න) මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාළ වන පොලිය පෙත්සම්කාර සමාගම ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසිවල සඳහන් විය.

    මෙම වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සිදු කරන පරීක්ෂණ සඳහා පෙත්සම්කාර පාර්ශවය සහාය විය යුතු බවත් එම ලිපියේ කොන්දේසියක් ලෙස ඇතුළත්ව තිබේ.
    ඊට අමතරව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද නැතිනම් 150 ද යන්න නිගමනය කිරීම සඳහා පේරාදෙණිය හා මොරටුව විශ්ව විද්‍යාලවල තාක්ෂණික විශේෂඥයින් දෙදෙනෙකු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයෙකු , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු ඇතුළත් කමිටුවක් පත් කිරීම ද ඊට ඇතුළත් කොන්දේසියකි.

    ඊට අමතරව නීතිපතිවරයා සමග සාකච්ඡා කර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෝටර් රථ තත්ත්ව පරීක්ෂණාගාරයකින් වාර්තාවක් කැඳවීමට කටයුතු කිරීම ඇතුළු කොන්දේසි කීපයක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළ ලිපියේ සඳහන් විය.
    එම කොන්දේසි අතුරින් බොහොමයකට තමන් එකඟ බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණයට දැනුම් දුන්නාය.
    ඉන් අනතුරුව අදාළ වාහන මුදා හැරීමට අධිකරණය හමුවේ එකඟතාවය පළ විය.
    මෙහිදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර සමාගම අද දින අදාළ බැංකු ඇපකරය ඉදිරිපත් කරන්නේ නම් අදාළ වාහන ලබන සෙනසුරාදා මුදා හැරීමට හැකියාව තිබෙන බවයි.
    ඒ අනුව අදාළ බැංකු ඇපකරය අද දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණයට දැනුම් දුන්නා ය.
    ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 03 වනදා යළි කැඳවීමටද නියම විය.

    https://www.bbc.com/sinhala/articles/c1dxr3kp53zo
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,171
    1,709
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේකේ හරිම Motor capacity එක චෙක් කරගන්නේ කොහොමද දැන්? software එකෙන් limit කරලා තියෙනවා නම් කොහොමත් අවුට්පුට් එක 100kw එයි. ඕක test කරනකොට firmware එක modify කරනවද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    3.5 B ගානක්වත් නැතිහැටි බලපංකො. රේගුව ඕක පැරදිලා මුන්ට වන්දිත් ගෙවල නවතින්නෙ හැබැයි
    මේකේ හරිම Motor capacity එක චෙක් කරගන්නේ කොහොමද දැන්? software එකෙන් limit කරලා තියෙනවා නම් කොහොමත් අවුට්පුට් එක 100kw එයි. ඕක test කරනකොට firmware එක modify කරනවද?

    ඔන්න අැත්ත

    • Like
    Reactions: Spiderman.Ayya

    bball

    Well-known member
  • Jul 30, 2019
    582
    356
    63
    මේකේ හරිම Motor capacity එක චෙක් කරගන්නේ කොහොමද දැන්? software එකෙන් limit කරලා තියෙනවා නම් කොහොමත් අවුට්පුට් එක 100kw එයි. ඕක test කරනකොට firmware එක modify කරනවද?
    Hari nam electric cars Wala motor eka kiyanne hardware + software combo ekak. Ehema treat karoth 100Kw thama.

    Oka define karana widiya loke godak then walata Honda use case ekak wei study karanna.

    Limitations ayin karana kramayak nethnm, ehemath nethnm oka policy ekakata yatath wela ehema unoth remaining amount eka gewanna ona wage ekak awoth, oka Honda feasible method ekak wenawa
     
    • Like
    Reactions: silent one

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මේකේ හරිම Motor capacity එක චෙක් කරගන්නේ කොහොමද දැන්? software එකෙන් limit කරලා තියෙනවා නම් කොහොමත් අවුට්පුට් එක 100kw එයි. ඕක test කරනකොට firmware එක modify කරනවද?

    පුනුරුදය ලෝකෙට EV උගන්නලා තමයි නවතින්නේ 😆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    3.5 B ගානක්වත් නැතිහැටි බලපංකො. රේගුව ඕක පැරදිලා මුන්ට වන්දිත් ගෙවල නවතින්නෙ හැබැයි
    මේකේ හරිම Motor capacity එක චෙක් කරගන්නේ කොහොමද දැන්? software එකෙන් limit කරලා තියෙනවා නම් කොහොමත් අවුට්පුට් එක 100kw එයි. ඕක test කරනකොට firmware එක modify කරනවද?
    උඹලට නිකමට හිතෙන්නෙ නැද්ද ඕක හොයන්න පත් කරපු මොරටුවේ/පේරා ඩබල ලඟදිම කෝටිපතියො වෙයි කියලා ;) ;)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    1.5 එක 1 විදියට මොටර් එක සෙටින්ග්ස් වලින් අඩු කරලා නම් ඒක 1 වාහනයක් මිසක් 1.5 නෙමෙයි නේ . සමාන්‍ය ඇන්ජින් වගේ ඇන්ජින් සයිස් එකෙන් සිලින්ඩර් සයිස් එකෙන් මේක මනින්න බෑ.

    වාහන මාදිලි කීපයකට එකම මොටර් එක නම් භාවිත කරන්නේ මේක ලංකාවේ රේගුවේ උන් හැටියට ගෙවන්න ඕනේ වාහනේ පවර් එකට නෙමෙයි මොටර් එකේ හැකියාවට උනාම ගේන උන් කොර වෙනවනේ . 🤷
     
    රේගුවට පනත ඉක්මවා යන්න බෑ. පනතේ බලන්න කියන්නේ මෝටරය
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    රේගුවට පනත ඉක්මවා යන්න බෑ. පනතේ බලන්න කියන්නේ මෝටරය
    පණත ඒනම් යාවත්කාලීන විය යුතුයි නේද ? මොකද කොම්පැනි ලංකාවට කියලා මොටර් 4-5 හදන්න බෑනේ .
    ලීෆ් ආව කාලේ හදපු නීතියක් වෙන්න ඕනේ , මේවා හදිසි කැබිනට් පත්‍රිකා දාල වෙනස් කරන්න ඕනේ දැන් ev මාකට් එක තාක්ශනික අතින් වෙනස් නිසා .
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    පණත ඒනම් යාවත්කාලීන විය යුතුයි නේද ? මොකද කොම්පැනි ලංකාවට කියලා මොටර් 4-5 හදන්න බෑනේ .
    ලීෆ් ආව කාලේ හදපු නීතියක් වෙන්න ඕනේ , මේවා හදිසි කැබිනට් පත්‍රිකා දාල වෙනස් කරන්න ඕනේ දැන් ev මාකට් එක තාක්ශනික අතින් වෙනස් නිසා .

    එතකොට මං කෑගහනවා අන්න JVP එක වෙනුවෙන් කඩේ ගිය jk CEO ගජ මිතුරන් වෙනුවෙන් බදු පනත් වෙනස් කරා කියලා 😆
     
    Sen-lu

    Well-known member
  • උඹලට නිකමට හිතෙන්නෙ නැද්ද ඕක හොයන්න පත් කරපු මොරටුවේ/පේරා ඩබල ලඟදිම කෝටිපතියො වෙයි කියලා ;) ;)

    දැන් ඔය පනතෙ විදිහට හරිනම් ඕව ආපහු යවන්න ඕන. දැනටම පනතට උකෝගෙන තියෙන්නෙ.ඔය AG එකේ උන්ට මේවගේ company හයර් කරන High end lawyer ල එක්ක හැරෙන්නවත් බෑ. පගාවෙන් හරි නැතුව හරි මුන් මැච් එක ගහනව.

    JK ල Tea brocker කෙනෙක් විදිහට පටන් අරං දැන් ඉන්න තැනනම් සුපිරි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    දැන් ඔය පනතෙ විදිහට හරිනම් ඕව ආපහු යවන්න ඕන. දැනටම පනතට උකෝගෙන තියෙන්නෙ.ඔය AG එකේ උන්ට මේවගේ company හයර් කරන High end lawyer ල එක්ක හැරෙන්නවත් බෑ. පගාවෙන් හරි නැතුව හරි මුන් මැච් එක ගහනව.

    JK ල Tea brocker කෙනෙක් විදිහට පටන් අරං දැන් ඉන්න තැනනම් සුපිරි.
    මම හිතන්නෙ ඕකට හරිනම් කරන්න තිබ්බෙ 3rd party එකකින් කරවන්න. ලංකාවෙ උන් අනිවා ගාන අරන් ඕක 100 කියනවා.

    ඔව් corperate lawyerලා එක්ක අපෙ උන්ට හැරෙන්න බෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    බිග් කුවෙච්චන්.. motor control, inverter වගේ දේවල් වලින් බලය සීමාකරන්න පුලුවන් නිසා වෙනත් නිර්ණායක හදාගත්තා නම් හොඳයි වගේ ටැක්ස් කරන්න, උදාහරණයක් ලෙස වාහනයේ බර, බැටරි ධාරිතාවය, කාබන් විමෝචනය වගේ.