රමණීය ඇලස්කාව

mic

Member
Nov 24, 2006
1,333
553
0
රමණීය ඇලස්කාව
IMG_0494.JPG


1867දී රුසියාවේ දෙවන ඇලෙක්සැන්ඩර් සාර් රජු, එවක මුදල් වලින් ඩොලර් මිලියන 7.2කට ඇමරිකාවට විකුණා දැමූ ඇලස්කාව ඇමරිකා එක්සත් ජනපදයේ ස්වාභාවික සම්පත් (බොරතෙල්, ගෑස්, ලොව විශාලතම පිරිසිදු මිරිදිය ජල සම්පත, ඛණිජ වර්ග) වලින් අතිශයින්ම පොහොසත් වූත්, ස්වභාව සෞන්දර්‍යයෙන් අනූනවූත් භූමි ප්‍රදේශයකි. අමෙරිකාවේ අඩුම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය වූ ඇලස්කාව වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයටයි.

AlaskaMap.jpg


ලොකු කුඩා මිරිදිය විල් මිලියන 3කට අධික ප්‍රමාණයකුත්, ගංගා 3000කට අධික ප්‍රමාණයකුත්, ග්ලැසියර ලෙස හැඳින්වෙන දැවැන්ත හිම ගංගා 100,000කට අධික ප්‍රමාණයක් ඇති ඇලස්කාව ශ්‍රී ලංකාව වැනි කුඩා රටක ජීවත් වන අපට සිතාගත නොහැකි අන්දමේ අති විශාල දේශයකි. අක්කර මිලියන 365ක භූමි ප්‍රමාණයකින් යුතු ඇලස්කාවේ ජනගහනය ලක්ශ 8කට මදක් අඩු බැවින් ඉතා අඩුම ජන ඝණත්වයක් ඇති ප්‍රදේශ වලින් එකකි. 1867සිට අමෙරිකාවට අයිතිවුනද එය නිළවශයෙන් ප්‍රාන්තයක් බවට පත්වූයේ 1957දීය.

ස්වභාව සෞදර්යයෙන් හා සම්පත්වලින් ගහන ඇලස්කාව අනාගත පරම්පරාවන් සඳහා ආරක්ශාකර ගැනීම සඳහා දූරදර්ශීව ක්‍රියාකල ඇමරිකානු රජයන් හා කලින් කලට පත්වුනු ජනාධිපතිවරුන් එහි භූමි ප්‍රමාණයෙන් අක්කර මිලියන 54ක් ජනතාවට දැකබලාගත හැකි ආරක්ශිත ජාතික වනෝද්‍යාන බවට පත් කොට ඇත. ග්ලැසියර් බේ ජාතික වනෝද්‍යානය, ඩෙනාලි ජාතික වනෝද්‍යානය, කෙනායි ෆියෝඩ ජාතික වනෝද්‍යානය, ගේට්ස් ඔෆ් ආක්ටික් ජාතික වනෝද්‍යානය, කෝබුක් නිම්න ජාතික වනෝද්‍යානය, කට්මායි ජාතික වනෝද්‍යානය, ලේක් ක්ලාක් ජාතික වනෝද්‍යානය යන වනෝද්‍යාන 7ක් ඇලස්කාව තුල සංචාරකයින් සඳහා පිහිටුවා ඇත.

මීට අමතරව තවත් අක්කර මිලියන ගණනක ප්‍රදේශ මිනිසුන්ට ඇතුලුවීම තහනම් කරන ලද අධි ආරක්ශිත වනාන්තර බවට පත් කොට ඇත. විශාල මෙන්ම ඉතා දුර්ලභ රාජාලි විශේෂයක් වන හිස සුදු රාජාලියන් 3000කට අධික ප්‍රමාණයක් නිජබිම කරගත් හයිනෙස් ප්‍රදේශය මෙවන් අධි ආරක්ශිත කලාපයකි.

ඇලස්කාව නිජබිම කරගත් වන සතුන් අතර, ගෝනුන් (moose), පිනිමුවන්, Dall sheep නම් කඳුකර බැටළුවන්, කඳුකර එළුවන් (mountain goats), දුඹුරු වළසුන්, කළු වළසුන්, වෘකයින්, musk ox නම් ගව විශේෂය දැක ගත හැකිය. මීට අමතරව පක්ශි වර්ග 430ක් වාසය කරන අතර ඇලස්කාව අවට මුහුදු තීරයේ, විශේෂයෙන්ම ප්‍රින්ස් විලියම්ස් සවුන්ඩ් ලෙස හඳුන්වන මුහුදු ප්‍රදේශයේදී තල්මසුන් දැක ගත හැකිය. මීට අමතරව මුහුදු සිංහයින්, දිය බල්ලන් (sea otter), තල්මසුන් වර්ග 16ක්, සීල් මත්සයින් හා වර්ලස් දැකගත හැකිය.



z11111111111111111111111.jpg


source
http://vidya-gaweshana.blogspot.com/2012/11/blog-post_5588.html
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රටක් සල්ලි වලට ගැනීම හෝ විකිනීම අතිශයින්ම දූෂිත සදාචාර විරෝදී වැඩක්.මේක ආපහු රුසියාවට දෙන්න ඕන ඇමරිකාවට විලි ලැජ්ජාවක් තියෙනවනම්.
 

mic

Member
Nov 24, 2006
1,333
553
0
රටක් සල්ලි වලට ගැනීම හෝ විකිනීම අතිශයින්ම දූෂිත සදාචාර විරෝදී වැඩක්.මේක ආපහු රුසියාවට දෙන්න ඕන ඇමරිකාවට විලි ලැජ්ජාවක් තියෙනවනම්.

ehma karanwa nam hodhayi ehma karanne naene ban.