රම්බොඩදී තවත් අනතුරක්: වෑන් රථයක් ප්‍රපාතයට පෙරළී 17 දෙනෙකු තුවාල

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    another-accident-in-ramboda-17-injured-as-van-falls-into-ravine

    නුවරඑළිය - නුවර මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය වාර්තා කරයි. තුවාල ලැබූ වෑන් රථයේ ගමන් ගත් පිරිස අතර කුඩා දරුවන් ද සිටින බව පොලීසිය විසින් තහවුරු කර ඇත.


    මෙම අනතුර සිදුව ඇත්තේ, කෙටි කලකට පෙර එනම් පසුගියදා පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ මාරක බස් රථ අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි ප්‍රදේශයක බව ද සඳහන් වේ.

    පොලිස් වාර්තා අනුව, රාජාංගනය ප්‍රදේශයේ සිට නුවරඑළිය බලා විනෝද චාරිකාවක ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත. අනතුර සිදුව ඇත්තේ රම්බොඩ, ගැරඬිඇල්ල ආසන්නයේ පිහිටි ඔත්තේ කඩේ ප්‍රදේශයේදී අද (14) සවස් කාලයේ බව කොත්මලේ පොලීසිය වාර්තා කරයි.

    අප වාර්තාකරු විසින් සිදුකළ විමර්ශනයට අනුව, අනතුරට ලක් වූ වෑන් රථය මුලින් පස් කණ්ඩියකට ගැටී, අනතුරුව ගසකට ගැටීමෙන් අනතුර සිදුව ඇත. පොලිසිය ප්‍රාථමික විමර්ශනවලදී සැක පළ කරන්නේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බවයි.

    තුවාල ලැබූවන් ප්‍රථිකාර සඳහා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තුවාල ලැබූවන් කීප දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොල ශික්ෂණ රෝහලට මාරු කොට යවා ඇත.

    මේ පිළිබඳව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටී. මෙම ප්‍රදේශයේ මෑතකදී සිදුවූ දෙවන මාර්ග අනතුර මෙය වන අතර, මාර්ග ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මෙමගින් යළිත් මතුව ඇත.

    gossiplanka image 1

    gossiplanka image 2


    gossiplanka image 3

    gossiplanka image 4

    gossiplanka image 5


    gossiplanka image 6

    gossiplanka image 7

    gossiplanka image 8


    gossiplanka image 9

    gossiplanka image 10
     
    • Sad
    Reactions: desh22

    Similar threads