රමිත් රඹුක්වැල්ල වැඩකාරයෙක් බව පළමු තරඟය

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රමිත් රඹුක්වැල්ල වැඩකාරයෙක් බව පළමු තරඟය

    ඊයේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩා පිටියේ පැවති තරඟය ශ‍්‍රී ලංකා පිල ජය ගත්තේ තව දුරටත් 20-20 ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන රැක ගනිමිනි.

    ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලද මෙම තරඟයේ දී ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායම නියෝජනය කිරීමට මුල් වරට අවස්තාව ලද්දේය.

    රමිත් රඹුක්වැල්ල පසුගිය කාලයේ පුවත් මැවුවේ අඩි 35000ක් ඉහල අහසේදී ගුවන් යානයක කල කලබලයක් හේතුවෙනි. ඇතැමුන් චෝදනා කලේ පියාගේ දේශපාලන බලය මතින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පැමිණි බවකි.

    ඒ සියළු තැන්හිදී නිහඬව සිටි රමිත් සිය පළමු 20-20 තරඟයෙන්ම තමන් සම්බන්ධයෙන් තේරීම් කමිටුව ගත් තීරණය නිවැරදි බව කිව හැකි අන්දමේ යමක් කර ඇත.

    තුන් ඉරියවු ක‍්‍රීඩකයෙකු වූ ඔහුට පන්දු යැවීමට පමණක් ඉඩ ලැබුනද ශ‍්‍රී ලංකා සුපිරි පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන් අතින් සැලකිය යුතු ප‍්‍රහාරයකට ලක් වෙද්දී රමිත් සිය පන්දු ඕවර හතර නිමා කලේ නවසීලන්න ප‍්‍රබල මැද පෙල පිතිකරුවෙකද දවා ගනිමින් ලකුණු 19ක් පමණක් ලබා දෙමිනි. එය වරක් 20-20 ලෝක ශූරතාවය පවා දිනූ නවසීලන්තයට එරෙහිව විශිෂ්ඨ පන්දුකරණයකි. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණයට එය තීරණාත්මක නොවූයේ යයි කිසිවෙකුට කිව නොහැකිය.

    පළමු තරගයෙන්ම රමිත් රඹුක්වැල්ල තමන් වැඩකාරයෙක් බව පෙන්වූයේය.

    කෙසේ වෙතත් ඔහු සුපිරි ක‍්‍රීඩකයෙකු යයි කීමට වේලාසන වැඩිය. එය තීරණය කරනු ඇත්තේ කාලයයි. රමිත්ටද යමක් කල හැකි බව පමණක් සිතීම දැනට සාධාරණය.

    අපිත් මොනවා හරි කියමුද?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    වරක් ලෝක කුසලානේ දිනුවේ මේ කට්ටිය නෙමෙයි. දැන් ඉන්න ඔක්කොම අය අලුත් :lol::lol: අනිත් එක තමා එක මැච් එකක් හොඳට බෝල් කරා කියලා හැම මැච් එකේම ඒවගේ බෝල් කරන්න බෑ :no::no: ඒ නිසා ඊලඟට තියෙන ඒවාගේත් බලලා තමා කියන්න වෙන්නේ. පේනවානේ ඔයටත් වඩා හොඳට කරලියට ආව අජන්ත මෙන්ඩිස් වගේ අය දැන් බල්ලෙක් ගානට වැටිලා ඉන්න හැටි :dull::dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඌ බෝල් දාන්නෙ පරණ ට්‍රැක්ටර් එන්ජින් එකක් වගේ යකා වගේ පටන් අරන් ගඩ ගඩ ගාල ගැහිල එක පාර උඩ පැනල ආයෙ නැවතිලා ආයෙම හුලන් බැස්ස වගෙ හිමීට දානවා ඒකෙත් පොඩි ලල් එකක් තියනවා මොකද බැටාගෙ ඔළුව අවුල් වෙනව උගෙ දැගලිල්ල නිසා ඌව තවම අදුරන් නෑ ඒකයි සලකන්න නැත්තෙ අනික ඕක ප්ලේන් එකෙනුත් පනින්න හදපු එකා නිසා කොච්චර උනත් ටිකක් බයත් තියෙන්න ඇති කිවීලට මූ හෙන ඩයල් එකක් කියලා තව මැච් එකක් දෙකක් බලමුකො අපි
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඌ බෝල් දාන්නෙ පරණ ට්‍රැක්ටර් එන්ජින් එකක් වගේ යකා වගේ පටන් අරන් ගඩ ගඩ ගාල ගැහිල එක පාර උඩ පැනල ආයෙ නැවතිලා ආයෙම හුලන් බැස්ස වගෙ හිමීට දානවා ඒකෙත් පොඩි ලල් එකක් තියනවා මොකද බැටාගෙ ඔළුව අවුල් වෙනව උගෙ දැගලිල්ල නිසා ඌව තවම අදුරන් නෑ ඒකයි සලකන්න නැත්තෙ අනික ඕක ප්ලේන් එකෙනුත් පනින්න හදපු එකා නිසා කොච්චර උනත් ටිකක් බයත් තියෙන්න ඇති කිවීලට මූ හෙන ඩයල් එකක් කියලා තව මැච් එකක් දෙකක් බලමුකො අපි
    :yes::yes::yes:

    :D:D:D:D:D

    patta reply eka
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඌ බෝල් දාන්නෙ පරණ ට්‍රැක්ටර් එන්ජින් එකක් වගේ යකා වගේ පටන් අරන් ගඩ ගඩ ගාල ගැහිල එක පාර උඩ පැනල ආයෙ නැවතිලා ආයෙම හුලන් බැස්ස වගෙ හිමීට දානවා ඒකෙත් පොඩි ලල් එකක් තියනවා මොකද බැටාගෙ ඔළුව අවුල් වෙනව උගෙ දැගලිල්ල නිසා ඌව තවම අදුරන් නෑ ඒකයි සලකන්න නැත්තෙ අනික ඕක ප්ලේන් එකෙනුත් පනින්න හදපු එකා නිසා කොච්චර උනත් ටිකක් බයත් තියෙන්න ඇති කිවීලට මූ හෙන ඩයල් එකක් කියලා තව මැච් එකක් දෙකක් බලමුකො අපි
    :yes::yes::yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ ටිකට කීයක් ගෙව්වද දන්නෑ නවසීලන්තෙට :baffled:
    :rofl:

    :lol::rofl: