රමිත්_රඹුක්වැල්ල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රමිත්_රඹුක්වැල්ල

Keheliya-Rambukwella-Ramith-Rambukwella.jpg

ඕපන් යුනිවර්සිටි ඉංජිනේරු සිසුන්ට
පිස්තෝලයෙන් පහර දුන්

රමිත් රඹුක්වැල්ලගේ පිස්තෝලය සහ
පැමිණිල්ල අතුරුදන්වී
දවසින් ඇප ලැබුණ හැටි

නාවල විවෘත විශ්වවිද්‍යාලය ආසන්නයේදී රිය අනතුරක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේම ඉන්ජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පිස්තෝලයකින් හිසට පහරදී තුවාල කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතා නාරාහෙන්පිට පොලිසිය මඟින් ඉකුත් 09 වැනි දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් නමුත් ඉන්පසු ඇතිවූ සිද්ධිදාමය මත
ඔහුට එක්වරම ගෙදර යන්නට අවස්ථාව ලැබී තිබේ.

සිද්ධිය වූ දිනයේ රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය නරඹන්නට රාජකීය ආදි සිසුවෙකුවූ රමිත් සහභාගිවී ඇති අතර එය නරඹා නැවත නාරාහෙන්පිට, ලේක්විව් පාර ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි නිවෙසට යමින් සිටියදී එදින රාත්‍රි 8.00ට පමණ මෙම අනතුර සිදුව ඇත.

නාරාහෙන්පිට දෙස සිට නාවල දෙසට ධාවනය කළ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි රමිත්ගේ මෝටර් රථයේ ගැටී තිබේ.
යතුරුපැදියෙහි තරුණයන් දෙදෙනකු ගමන් කර ඇති අතර එම අනතුරත් සමඟ දෙදෙනා

යතුරුපැදිය සමග බිම ඇදවැටී ඇත. විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන්නාවූ බව කියන සිසුන් දෙදෙනා සහ රමිත් අතර උණුසුම් වචන හුවමාරුවක් එම අවස්ථාවේ සිදුව ඇත.

ඒ අවස්ථාවේ සිසුන් දෙදෙනා ඔවුන්ගේ ඉංජිනේරු
පීඨයේම තවත් සිසුවකුට දුරකතනයෙන් කතාකර තවත් සිසුන් දෙදෙනකුද එම ස්ථානයට යතුරුපැදියකින් ගෙන්වා තිබේ.

එම අවස්ථාවේ රමිත් ගිනි අවි පෙන්වා තර්ජනය කර ඇති අතර පසුව සිසුන් ඒ ගැන පැමිණිල්ල පොලිසියට යොමු කර ඇත.
දෙපාර්ශ්වය අතර ඇති වූ වචන හුවමාරුව අතර රමිත් රඹුක්වැල්ල සිය මෝටර් රථය ඇතුළට ගොස් පිස්තෝලයක් ගෙන එක් සිසුවකුගේ හිසට පහරදී ඇති බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.විමර්ශන ආරම්භ කළ නාරාහෙන්පිට පොලිසියේ නිලධාරීන් රාත්‍රි 11.00ට පමණ රමිත් රඹුක්වැල්ල සිටි තට්ටු නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පහරකෑමට ලක්වූ බව සඳහන් කළ සිසුවාද කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන එම රෝහලෙන් පිටව ගොස් ඇත.
සැකකාර රමිත් රඹුක්වැල්ල නාරාහෙන්පිට පොලිසිය රැගෙන විත් එදින රාත්‍රියේම බීමතින් ඇත්දැයි සොයන පරීක්ෂාව කරද්දී බීමතින් සිටි බව අනාවරණය වූ බවත් උසස් පොලිස් නිලධාරියා කීය.

කෙසෙ වෙතත් පැමිණිල්ලේ සඳහන් සැකකාර රමිත් රඹුක්වැල්ල සතුව තිබූ බව පැවසූ පිස්තෝලය සොයා ගැනීමට නොහැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.
පහරකෑමට ලක්වූ සිසුවා පෙරේදා (10දා) පස්වරුවේ රමිත් රඹුක්වැල්ල මහතාට විරුද්ධව දමා තිබූ පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන තිබෙන්නේ එක්වරමය.
එම නිසා පෙරේදා පස්වරුවේ රමිත් රඹුක්වැල්ල පොලිස් ඇප මත නිදහස් කර තිබේ.

පිස්තෝලයෙන් පහර දීම නිසා අත් අඩංගුවට පත් රමිත් රඹුක්වැල්ල පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම නිසා අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව සමාදාන වී නිරුපද්‍රිතව ගෙදර ගොස් තිබේ.

රමිත රඹුක්වැල්ල වෙනුවෙන් පොලිසියට ඉදිරිපත් වූ කාලිංග ඉන්ද්‍රතිස්ස ජනාධිපති නීතිඥවරයා පැමිණිලි පාර්ශවයට යම් වන්දි මුදලක් ගෙවීමට එකඟ වී ඇති අතර ඒ නිසා සිසුවාගේ දෙමාපියන් පැමිණිල්ල ඉල්ලා අස්කර ගෙන ඇත.
අධිකරණයට යන්නේ නම් මෙය පැහැදිලිවම ඇප ලබා ගත නොහැකි වරදක් බවද මේ වනවිටත් මේ හා සමාන සිද්ධියක් නිසා දකුණු පළාත්සභා මන්ත්‍රීවරයෙකු හා බිරිය බන්ධනාගාරයේ පසුවන බවද නීති පාර්ශ්ව පැහැදිලි කර තිබේ.

කෙසේ වෙතත් බීමත්ව රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව යටතේ රමිත් රඹුක්වැල්ලට එරෙහිව හෙට (13දා) දින අලුත්කඩේ රථවාහන අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය දන්වා ඇත.
අනතුර සිදු කළ මෝටර් රථය සහ රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන ඇත.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මාගේ මතය.

රමිත් රඹුක්වැල්ල කියන්නේ හොඳ මිනිහෙක් නොවෙයි. නමුත් මිනිහෙක් ලේසියට පිස්තෝලයක් ඇදලා රඟන්නේ නැහැ. ඕපන් යුනිවර්සිටි යන උන් හිතන් ඉන්නේ උසස් පෙළ සමත් වෙලා යන කැම්පස් වල අය වගේ කියලා. පොඩ්ඩ එහා මෙහා වෙන්න බැහැ . ඔකුන්ගේ හෙන ගෙම්බර් එක. මුන් තව මදිවට ලොකු කම පෙන්වන්න තව සෙට් එකකුත් ගෙන්නලා.

ඒ වෙලාවේ තමයි රමිත් රඹුක්වැල්ල වහනයෙන් පිස්තෝලය ඇදල අරන් තියෙන්නේ. තනි එකෙක්ට හතර පස් දෙනෙක් ගේම ඉල්ලනකොට කොහොමද. මම නම් කියන්නේ ඕපන් එකේ එකාට කනට දෙකක් ගහපු එක සිරා.
 
Last edited:

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යුනි උන්ගෙ දෙමාපියෝ බයවෙන්න ඇති බං.. අහින්සක මිනිස්සු වෙන්න ඇති..
    තක්කඩි එක්ක ගේමක් ඉල්ලනවට වඩා පාඩුවෙ ඉන්න එක හොදයි කියල හිතලා වැඩෙ ශේප් කරගත්ත වෙන්න පුලුවන්... කෙහෙලියලා අමු සක්කිලියොනේ..බලපන් ආයෙ මහින්ද ආව කියන්නේ හෙනම පිස්සුවක් කෙලිනවා ගෝල බාලයො ටික එකතු වෙලා..
    අර කොස්වත්තෙ ගැණියෙක් පිස්ටෝලයක් අරන් රැගුවෙ..
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාගේ මතය.

    රමිත් රඹුක්වැල්ල කියන්නේ හොඳ මිනිහෙක් නොවෙයි. නමුත් මිනිහෙක් ලේසියට පිස්තෝලයක් ඇදලා රඟන්නේ නැහැ. ඕපන් යුනිවර්සිටි යන උන් හිතන් ඉන්නේ උසස් පෙළ සමත් වෙලා යන කැම්පස් වල අය වගේ කියලා. පොඩ්ඩ එහා මෙහා වෙන්න බැහැ . ඔකුන්ගේ හෙන ගෙම්බර් එක. මුන් තව මදිවට ලොකු කම පෙන්වන්න තව සෙට් එකකුත් ගෙන්නලා.

    ඒ වෙලාවේ තමයි රමිත් රඹුක්වැල්ල වහනයෙන් පිස්තෝලය ඇදල අරන් තියෙන්නේ. තනි එකෙක්ට හතර පස් දෙනෙක් ගේම ඉල්ලනකොට කොහොමද. මම නම් කියන්නේ ඕපන් එකේ එකාට කනට දෙකක් ගහපු එක සිරා.

    collage.png
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් ගහල තියෙන්නේ. ඒත් පට්ට . බස් කැරියට ගහපු එකනම් පට්ට. ඕකුන් පොඩ්ඩ එහා මෙහා උනාම කුණුහරුපෙන් මිනිස්සුන්ට බනින්නේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් ගහල තියෙන්නේ. ඒත් පට්ට . බස් කැරියට ගහපු එකනම් පට්ට. ඕකුන් පොඩ්ඩ එහා මෙහා උනාම කුණුහරුපෙන් මිනිස්සුන්ට බනින්නේ.

    gahapu eka nam anumatha karanna ba.habai davasak mama bambalapitiye bus stop eke inna kota manussayek ethana navaththapu bus ekaka konda ekka ithuru salli valata bahin bas una epara konda ara manussaya eliyata thallu kala.e minihath atha ariye na kondata gahuva,epara driver pihiyak genalla ara manussaya pannuva.mattakkuliya private bus ekak.mage laga phone ekak thibune na evelave:angry::angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාගේ මතය.

    රමිත් රඹුක්වැල්ල කියන්නේ හොඳ මිනිහෙක් නොවෙයි. නමුත් මිනිහෙක් ලේසියට පිස්තෝලයක් ඇදලා රඟන්නේ නැහැ. ඕපන් යුනිවර්සිටි යන උන් හිතන් ඉන්නේ උසස් පෙළ සමත් වෙලා යන කැම්පස් වල අය වගේ කියලා. පොඩ්ඩ එහා මෙහා වෙන්න බැහැ . ඔකුන්ගේ හෙන ගෙම්බර් එක. මුන් තව මදිවට ලොකු කම පෙන්වන්න තව සෙට් එකකුත් ගෙන්නලා.

    ඒ වෙලාවේ තමයි රමිත් රඹුක්වැල්ල වහනයෙන් පිස්තෝලය ඇදල අරන් තියෙන්නේ. තනි එකෙක්ට හතර පස් දෙනෙක් ගේම ඉල්ලනකොට කොහොමද. මම නම් කියන්නේ ඕපන් එකේ එකාට කනට දෙකක් ගහපු එක සිරා.

    Kanata gahana eka neethiyata ekangada? Pistholen tharjane karana eka neethiyata anuwa harida? Open uni ewun samasthayak widihata mona oluwen hitiyath ara waradi neethiya idiriye niwaradi wenawada?

    Oya widihata hithana hinda thamai rate neethiya pawathinne naththe, anduwalata wipaksheta banala wadak na, api lesi krama hoyana ekei, ewa sadaraneeya karana ekei awula thiyenne.