රඹුක්කනදී වෙඩි තිවුවේ විරෝධතාකරුවන් තෙල් බවුසරයක් ගිනි තියන්න හැදු නිසා..

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    රඹුක්කන දී පොලීසිය විසින් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව අදහස් පළ කරයි.

    ඔහු සඳහන් කරන්නේ විරෝධතාකරුවන් විසින් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ ගත් බවත් එය වැළැක්වීම සඳහා පොලිසිය බලය පාවිච්චි කරන ලද බවත්ය.

    එහිදී කරන ලද වෙඩි තැබීමකින් එක් අයෙකු මරණයට පත්ව තවත් තුවාල ලැබූ 12 දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කර සිටී.

    මේ වන විට රඹුක්කන ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා ඇත.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    අනේ උත්ත. සිරස news වලට කිව්වා ගල් ගැහුවලු දැන් ඒ පාර bowser එකක් ගිනි තියන්න ගියාලුද. ITN එකේ කියයි nuclear missile එකක් launch කරන්න ගියා කියලා පොන්න පොලිස්.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රඹුක්කන දී පොලීසිය විසින් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව අදහස් පළ කරයි.

    ඔහු සඳහන් කරන්නේ විරෝධතාකරුවන් විසින් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ ගත් බවත් එය වැළැක්වීම සඳහා පොලිසිය බලය පාවිච්චි කරන ලද බවත්ය.

    එහිදී කරන ලද වෙඩි තැබීමකින් එක් අයෙකු මරණයට පත්ව තවත් තුවාල ලැබූ 12 දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කර සිටී.

    මේ වන විට රඹුක්කන ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා ඇත.
    මොන බූරුවද තෙල් ටැන්කි ගාව වෙඩි තියන්නෙ😅
     
    • Haha
    Reactions: ewijesekara

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    කෑගලු වෙඩි තැබීමට අදාල නඩුව.
    **************************************
    කෑගල්ල ප්‍රදේශයේ 2022.04.19. දින සිදු වූ උද්ඝෝශනයක් අතරතුරදී තරුණයෙකු මිය යාම පිරිසක් තුවාල ලැබීම හා දේපලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඊයේ දින එනම් 2022.01.20 දින බී වාර්තා දෙකක් මගින් කෑගල්ල ගරු මහේස්ත්‍රාත් වාසනා නවරත්න මැතිනිය වෙත කරුණු වාර්තා කළේය.

    ඉන් එක් බී වාර්තාවක් මගින් දේපල හානි කිරීමට අදාලව සැකපිට වයස අවුරුදු දහ අටක පාසල් ශිෂ්‍යයෙක් ඉදිරිපත් කර පොදු දේපල පනත ඇතුලුව චෝදනා කීපයක් යටතේ කරුණු වාර්තා කර තිබින. ඔහු වෙනුවෙන් ජෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ඉදිරිපත් වෙමින් ඇප ලබා ගත්තේය.

    අදාල ගැටුම සම්බන්ධව සියලු ස්ථාන පරීක්ෂණ ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් සිදු කෙරිණ. මේ සදහා පොලිස් නිළධාරින් හා සීයයකට අධික නීතීඥවරුන් සහභාගි වූ අතර ස්ථාන පරීක්ෂණය රාත්‍රී හත පමණ වන තෙක් පැවැත්වින. සිද්ධි මාලාවේ විවිධ අවස්ථා ඇසින් දුටුවන් කීප දෙනෙක් ස්ථාන පරීක්ෂණයේදී ගරු මහේස්ත්‍රාත්තුමිය වෙත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දෙන ලදී.

    අදාල ගැටුම සිදු වූ ස්ථානයන්හි සීසීටීවී කැමරාවන්ට අලාභහානි සිදු වී තිබූ බව මහේස්ත්‍රාත්තුමියගේ නිරීක්ෂණයට භාජනය විය. විසිරී තිබූ ලේ පැල්ලම්ද, කෝලහාල ස්ථානද, ගින්නට බදුන් වී තිබූ ත්‍රී රෝද රථයද ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් වැඩිදුර නිරික්ශණයට ලක් කරන ලදී.

    ස්ථාන පරීක්ෂණය සදහා ඉල්ලීමක් කරමින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වූ වරදක් කරන ලදැයි වූ චෝදනාව ( නොසැළකිලිමත් ලෙස සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද- උපරිම දණ්ඩනය වසර පහක බරපතල වැඩ සහිත සිර දඩුවමකි) ගරු මහේස්ත්‍රාත්තුමිය ස්ථාන පරීක්ෂණයේ යෙදී සිටිමින් සිටින අතරවාරයේ පොලිසිය විසින් ටිපෙක්ස් කර මකා දමා තිබෙනු ගරු අධිකරණයේ නිරීක්ෂණයට භාජනය විය.

    අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය පොලිසියේ එම ක්‍රියාව සම්බන්ධයෙන් එල්ල විය. අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අධිකරණයේ අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය ගරු අධිකරණයෙන් සමාව අයැද සිටින ලද අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා බවට පොරොන්දු වෙන ලදී.

    එසේම මෙහිදී නීතීඥවරුන් කරුණු දක්වා සිටියේ මුලින් ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් වෙනස් කිරිමට අවශ්‍ය නම් එය කල හැක්කේ වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවත් එය අපරාධ නඩුවක මූලික සිද්ධාන්තය
    බවත්‍ ය. එසේම මෙම මූලික සිද්ධාන්ත හෝ නොදන්නා පොලිස් නිළධාරීන් මෙතරම් බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් අපක්ශපාතී පරීක්ෂණයක් කරන්නේදැයි යන්න තමන්ට සැක සහිත බව ප්‍රකාශ කරමින් දැනට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමෙන් මෙම පරීක්ෂණ ඉවත් කොට වෙනත් පොලිස් කණ්ඩායමක් වෙත මෙම පරීක්ෂණ පැවැත්වීමට නියෝග කරන ලෙසත් නීතීඥවරු ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

    අදාල සිද්ධිය සම්බන්ධයෙන් වූ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අද (2022.04.21) දින කෑගල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගැනීමට නියමිත අතර මෙකී සිද්ධිය සම්බන්ධව දන්නා යම් පුද්ගලයෙකු වේ නම් 2022.04.21 දින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී නීතිඥවරුන් මාර්ගයෙන් කරුණු දක්වා සාක්ෂි ලබා දීමේ අවස්ථාව ලබා කර ගත හැක.

    එසේම අදාල සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලික රූපවාහිනී නාලිකාවක් තම ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය වන ලද වීඩියෝ පට වල සංස්කරණය නොකරන ලද දර්ශන එම ආයතනය භාරයේ සුරක්ෂිතව තබා ගැනීමට නියෝගයක් හා එකී වීඩියෝ පට එම ජනමාධ්‍ය ආයතනය වෙත ඉදිරිපත් කරන ලද පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ නියෝගයක්ද නීතිඥවරු ඉල්ලා සිටියහ.

    තවද දැනටමත් අදාල සිද්ධියේදී පොලිසිය අවම බලය පාවිච්චි කර ඇති බව පිලිගෙන ඇති නිසා වෙඩි තැබීමේ නියෝගය නිකුත් කල පොලිස් නිළධාරියා හා වෙඩි තැබීම කල පොලිස් නිළධාරින් මරණකරු සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස ඇතුලත් කරන ලෙසද නීතීඥවරු ඉල්ලූහ.

    අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ස්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න, උපුල් ජයසූරිය, උපාලි මොහොට්ටි හා ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද අතුකෝරාල මහත්වරුන් සමග තවත් නීතිඥවරුන් සීයයකට ආසන්න සංඛ්‍යාවක් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව පෙනී සිටියහ.

    ප්‍රදේශයේ පොලිස් ඇදිරි නීතිය පනවා දැඩි ආරක්ශාවක් යොදවා තිබුණු අතර අධිකරණ කරයුතු රාත්‍රී 11.00 පමණ වන තෙක් පැවැත්විණ.

    නඩුවේ ඉදිරි දිනය 2022. 04. 21 එනම් අද දින වේ. අද දිනයේදී වැඩිදුර මරණ පරීක්ෂණ සාක්ෂි සටහන් කර ගැනීම හා පෙර දිනයේ ඉල්ලීම් වලට අදාල නියෝග නිකුත් කිරීමට නියමිතය.

    නීතීඥ අරවින්ද හබක්කල.
    අනුරාධපුර සිට.