රයිට්_සොහොයුරන්_-_Wright_Brothers
රයිට් සොහොයුරන් - Wright Brothers
http://upullive.blogspot.com/
විල්බර් හා ඕවිල් රයිට් අමෙරිකානු මැද පාංතික පවුලක උපන්නේ 19 වන සියවසේ මැද. විල්බර් 1867දී හා ඕවිල් 1871දී. ඔවුන්ගේ පියා බිෂෝප්වරයකු වූ නිසා කලින් කලට පදිංචිය මාරු කරන්නට සිදු වුණා. කුඩා කාලයේ දරුවන්ට සොබාවික පරිසරය මෙන් ම යාන්ත්‍රික දේවල් ගැනත් ඕනෑ තරම් ගවේෂණය කිරීමට දිරි දුන්නේ ඔවුන්ගේ මවයි. ගෙදර ඕනෑ ම බඩුවක් ගලවා ඒවා වැඩ කරන හැටි සොයා බලන්නටත්, දියුණු කිරීම් යෝජනා කරන්නටත් ඇය දරුවන් උනන්දු කළා.
රයිට් සොහොයුරන් තරුණ වියේදී මුලින් පිවිසුණේ පුවත්පත් කර්මාන්තයට. ඔහායෝ ප්‍රාන්තයේ ඬේටන් නුවර මුද්‍රණාලයක් මිළට ගෙන එය හරහා ප්‍රාදේශීය පත්තරයක් පළකිරිම ඇරඹුවා. කර්තෘ මන්ඩල මෙන්ම ව්‍යාපාරික අංශය ගැනත් පුළුල් දැක්මක් ඔවුන්ට තිබුණත් ඒ වකවානුවේ පැවති සීමිත වෙළඳපොල හා තාක්ෂණය නිසා ඒ උත්සාහය සාර්ථක වූයේ නැහැ. මේ නිසා පත්තර කර්මාන්තය නවතා දමා ඔවුන් බයිසිකල් වැඩපොළක් ඇරඹුවා.
බයිසිකලය යුරෝපයේ නිපදවා හඳුන්වා දෙනු ලැබුවේ 1817දී. එය 1890 වන විට අමෙරිකාවේ වඩා ජනාදරයට පත් නිපැයුමක් බවට පත් වුණා. මෝටර් රථ තවමත් පුළුල් භාවිතයට පැමිණ නොතිබුණ ඒ කාලයේ බයිසිකලයක් හිමි කර ගැනීම ලොකු ඉදිරි පිම්මක් ලෙස සැළකුණා. 1892දී රයිට් සොහොයුරෝ බයිසිකල් කුලියට දීම, අළුත්වැඩියාව හා වැඩි දියුණු කිරීම ඇරඹුවා. එය ටික කලකින් ඉතා සාර්ථක ව්‍යාපාරයක් වුණා.
බයිසිකලය කියන්නේ සාමුහික නිපැයුමක්. එය සියවස් ගණනක් තිස්සේ දුසිම් ගණනක් නිපැයුම්කරුවන් අතින් වැඩි දියුණු වී තිබෙනවා. එය අද දක්වා ම සිදුවන ක්‍රියාදාමයක්. රයිට් සොහොයුරෝ විවේක ඇති හැම විට ම උත්සාහ කළේ ආයාසය අඩු, ආරක්ෂාව වැඩි ආකාරයට බයිසිකලය දියුණු කරන්න. මේ ගැන ඔවුන් දෙදෙනා දිගින් දිගට අත්හදා බැලීම් කළා. ඔවුන්ගේ කිසි වැඩක් සිද්ධාන්තයට සීමා වූයේ නැහැ.
1890 දශකය අමෙරිකාවේත්, යුරෝපයේත් තාක්ෂණික හා කාර්මික නවෝදයක් මතුව ආ කාලයක්. එක් පසෙකින් මෝටර්රථය වැඩි දියුණු කරන්නටත්. තවත් පසෙකින් ගුවනින් පියාසර කළ හැකි යානයක් තනනන්නටත් නව නිපැයුම්කරුවන් රැසක් යොමුව සිටියා.
ගුවනින් යාමේ උත්සාහයන් අතර පෙරමුණේ සිටි ඔටෝ ලිලියන්තාල් (Otto Lilienthal) ග්ලයිඩරයක් කඩා වැටී මිය යාමේ පුවත ඔවුන් දැන ගත්තේ 1896 මැදදී. පක්ෂීන්ගේ පියාපත් කෘත්‍රිම ලෙස තනා ඔවුන්ගේ පියාසර කිරීම අනුකරණය කරන්නට ලිලියන්තාල් වසර ගණනක් අත්හදා බැලීම් කළා. ඔහු හා අනෙක් සමකාලීනයන්ගේ වැඩ ගැන පත්තර වාර්තා හා වෙනත් තොරතුරු රැස් කර ගත් රයිට් සොහොයුරෝ ඒ අයට හරි ගිය හා වැරදුණු තැන් ගැන දීර්ඝ වශයෙන් වාද විවාද කළා.
එරට අගනුවර වොෂිංටනයේ ස්මිත්සෝනියන් (Smithsonian) විද්‍යාත්මක පර්යේෂණ ආයතනයේ ප්‍රකට විද්‍යාඥයකු වූ සැමුවල් ලැංග්ලි (Samuel Langley) වාෂ්ප බලයෙන් ක්‍රියා කරන, මිනිසුන් රහිත ගුවන් යානයක් නිපදවන්නට දැඩි උත්සහයක යෙදී සිටියා. ඔහුගේ උගත් බව හා සමාජ තරාතිරම නිසා මේ අත්හදා බැලීම්වලට මාධ්‍යවල ලොකු ප්‍රසිද්ධියක් ද ලැබුණා. එහෙත් ඔහුගේ එක ම යානයක් හෝ සාර්ථක ලෙස පියාසර කළේ නැහැ.
1896 වන විට නාමධාරී අමෙරිකානු තාරකා විද්‍යාඥයකු වූ සයිමන් නිව්කෝම්බ් ද (Simon Newcomb) තර්කානුකූලව හා ගනිතානුකූලව “ඔප්පු කර” පෙන් වූයේ වාතයේ බරට වඩා වැඩි කිසිවක් ගුවන්ගත කිරීමට නොහැකි බවයි! ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කීවේ ගුවන් යානයක් නිපදවීම කිසිදා සාර්ථක නොවන බවයි!
ඉතින් මේ පඬිවරුන් හා දැනමුත්තන් බැරි යයි සහතික කළ දෙයක් උත්සාහ කරන්නට කුඩා නගරයක බයිසිකල් කාර්මිකයන් දෙදෙනෙකු පෙළඹුණේ ඇයි? එයට එක එල්ලේ පිළිතුරක් නැහැ. කුඩා කළ සිට හැම දෙයක් ම ප්‍රායෝගිකව කර බැලීමේ චරිත ලක්ෂණයත්, නොපසුබස්නා ධෛර්ත්, අසීමිත කුතුහලයත් නිසා රයිට් සොහොයුරෝ නිහඬව, තමන්ගේ පාඩුවේ පියාඹන යානයක් තැනීමේ පෞද්ගලික අත්හදා බැලීම් කරගෙන ගියා. ඒ ගැන දැන සිටියේ පවුලේ උදවියත්, වැඩපොළේ සේවකයනුත් පමණයි.
ඒ දක්වා ගුවන් යානා සැලසුම් කළ වෙනත් කිසිවකුට නොතිබූ දැනුමක් හා අත්දැකීම් සමුදායක් රයිට් සොහොයුරන්ට තිබුණා. එනම් බයිසිකල් සමබරව තබා ගැනීම (බැලන්ස් කිරීම) ගැන පුළුල් අවබෝධයයි. පොළොවෙන් ඉහළට එසවෙන ඕනෑ ම යානයක් සමබරව තබා ගැනීමේ වැදගත්කම ඔවුන් ඉතා හොඳින් දැන සිටියා.

Last edited: