රවි මාරුව - රවි ආව ගියා
රවි මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පිට වේ.. කිසිම නියෝගයක් නොකරන්නැයි අභියාචනාධිකරනයෙන් නියෝග..
March 13, 2020 at 5:30 pm | lanka C news
රවි මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පිට වේ.. කිසිම නියෝගයක් නොකරන්නැයි අභියාචනාධිකරනයෙන් නියෝග..
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රෙයන් පිටව ගොස් ඇත.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය.
රවී කරුණානායක , අර්ජුන් ඇලෝෂියස් ඇතුළු සිව්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමක් මේ වනවිට අධිකරණය හමුවේ සැලකිල්ලට ගනිමින් පවතියි.
අප වාර්තාකරු පැවසුවේ එම පෙත්සම විභාගයට අදාළව රවී කරුණානායක මහතා මෙලෙස අධිකරණය හමුවට පැමිණ ඇති බවයි.
එමෙන්ම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතාද අධිකරණය හමුවට පැමිණ සිටියි.
මේවනේ ඩීල් කියන්නේ. යකෝ අධිකරණේට ආව එකාව අල්ලගන්න බෑ නෙවෙයි උවමනාව නෑ. තනිකරම දේශපාලන නාටක