රවීට සහ ඇලෝසියස්ට ඇප!

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    arjunRavi.jpg



    අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමූහ අධ්‍යක්ෂ අර්ජුණ ඇලෝසියස්ට කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා.

    ඉන් අනතුරුව ඔවුන්ව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ නියෝග කළේ.

    2016 වසරේ පෙබරවාරි 12 වන දා සහ එම වසරේ සැප්තැම්බර් 30 වන දා දක්වා කාලසීමාව තුළ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් නඩුවේ දෙවන විත්තිකරු වන අර්ජුණ ඇලෝසියස්ගේ නමට ලබාගෙන තිබූ මොනාර්ක් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවටයි හිටපු මුදල් අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.