රවීව ඇමතිකමින් නෙරපයි!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රවීව ඇමතිකමින් නෙරපයි!

    Ravi-Karunanayake-6.jpg


    වත්මන් යහපාලන රජයේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක වහාම එම තනතුරින් නෙරපා හැරීමට ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
    රවි කරුණානායක නැමැති කුප්‍රකට ව්‍යාපාරික ඇමතිවරයා විසින් තම ඇමතිධුරය අවභාවිතා කරමින් අති දැවැන්ත දූෂිත ගනුදෙනු සිදුකරමින් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සහ අපකීර්තියක් සිදුකර ඇති බවටත් ජනාධිපතිවරයාට කරුණු වාර්තා වී තිබේ.

    මෙම කරුණු ජනාධිපතිවරයා එජාප නායක මෙන්ම අග්‍රමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහටද දැනුම් දී ඇති අතර අද ජනපති හා අගමැති අතර මේ සම්බන්ධයෙන් වන විශේෂ හමුවක් පැවැත්වෙන බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම රවිගෙන් මෙලෙස ඉවත්කරනු ලබන මුදල් අමාත්‍යධුරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා යටතේ තබාගැනීමටද අවධානය යොමු වී ඇතිබව සඳහන්.

    මීට අමතරව පසුගියදා ජනාධිපතිවරයා හමු වූ එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද මන්ත්‍රීවරුන් ඉල්ලා ඇති ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වත්මන් යහපාලන රජයට පිළිලයක් වූ රවී කරුණානායකව අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙසයි.

    http://sinhala.readsrilanka.com/2017/01/23/ravi-karunanayake/
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Okata daksha ekek danawa nam hodai....

    Adyapana amathi kamath hoda addekeem thiyena ekekuta denna ona.