රවී කරුපයියාගේ අයවැයේ යතාර්ථය
ජනතාවට සහන ලබා දෙන බව කියමින් බලය ලබාගෙන සිරිසෙන ජනපති සමග එකතුව ව්‍යස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධිව බලයට පත්ව සිටින එජාපයේ දියාරු අය වැය මුදල් ඇමති ලෙස පෙනී සිටින පුද්ගලයා ඉදිරි පත් කල ආකාරය අප දුටුවෙමු.. අද ජනතාව වෙනුවෙන් කිඹුල් කදුලු හෙලමින් හඩා වැලපෙන මොහු එදා කල කී දෑ දෙස යලි මදක් හෝ හැරී බැලීම කාලෝචිත යැයි සිතමි.. වීරෝධාර රණ විරුවන් එකා මත එකා මැරී වැටෙමින් බිම් අගලෙන් අගල ඉදිරියට ඇදුණු දරුණු අලිමංකඩ රණ බිම පාමංකඩට උපාමා කරමින් රණ විරුවනගේ හා රටේ යුද්ධයේ සැබෑ අවසානයක් පැතූ දේශ හිතකාමි ජනතාවගේ මානසිකත්වය බිද හෙලීමේ කොන්තරාත්තුව ඉටු කිරීමට උත්සාහ ගත්තේ මොහුම නොවේදැයි ජනතාවට අමතක වී නැත.. රණ බිම වෙත යාමට නොබියව පෙරමුණ ගත් දකුණේ සුජාත ලක් පුතුන්ගේ දිරිය බිද කොටියාට අවශ්‍ය වූ ඊලම් සිහිනයට මග පෑදීමට ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ මොවුන් නොවේද?? පාර්ලිමේන්තුව තුල මිලෙච්ච කොටි ත්‍රස්ථ වාදියාට එසේ කියා ඇමතීමට ඇඹරුණු දේශපාලුවන් මොවුන් නොවේද??
පසුගිය දින වල විවිධ ස්ථාන වලට කඩා පනිමින් ව්‍යාජ වැටලීම් කරමින් හමුවන දේ මාධ්‍යට පෙන්වමින් " මේ මහජනතාවගේ මුදල් නේද මෙහෙම නාස්ති කරන්නේ" යැයි කියමින් බොරු මවා පෑම් කරන මෙහු නීති විරෝධී බදු සමාපනත ගෙනෙමින් මහා පරිමාණ මූල්‍ය වංචා සිදුකරමින් ජනතාවට අහිමි ජනතාවගේ මුදල් නොවේදැයි අප ප්‍රශ්ණ කල යුතුව ඇත... සතොස බංකොලොත් කරමින් එහි දේපල තම ගජ මිතුරන්ට කුණු කොල්ලයට කොල්ල කන්නට අවස්ථාව උදා කලේ කරමින් රාජ්‍ය දේපල විනාශ කර දැමූ දේශ පාලුවා මොහු නොවේද ?? සතොස සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස දැයට අහිමි වූ අපගේ කීර්තිමත් අමාත්‍ය වරයෙකු වූ ජෙයරාජ් මහතා කල අභියෝගය දෙවරක්ම ඔහුව මග හරිමින් එයින් පලා ගිය කැනහිලා මොහු නොවේද?? එතුමා ජීවත්ව සිටින තුරු රූපවාහිනී විවාද වලින් මග හැර සිටි මොහු එතුමාගේ මරණයෙන් පසු යලි කල එලි බසින්නට විය.. එතුමාගේ මරණයෙන් මිලෙච්ච කොටියාට වඩා මොහු සතුටු වී වග නම් අපට පැහැදිලිය.. අලිමංකඩ රණ බිම පාමංකඩටත් කොටි ත්‍රස්තයිගේ හදවත වූ කිලිනොච්චිය මැදවච්චියට උපමා කල අමන දේශපාලුවා මෙහු නොවේද?? මෙවැනි දේශපාලු නරුමයින් රටේ ජනතාව ගැන සිතා කටයුතු කිරීම ජනතාවට විහිලුවක් නොවේද??
ජනපතිවර්ණයේ දුන් පොරොන්දු ලෙස පසුගිය දා ඉදිරිපත් කල අය වැය ඉතිහාසයේ හාස්‍යජනක බඩගෝස්තර වාදීම අය වැය නොවේදැයි කාටත් පැහැදිලි වී ඇත.. ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ පිළිබදවත අවබෝධයක් නැති මොවුන්ගේ දේශපාලනය කුමකද?? ආර්ථික න්‍යාය කුමක්ද?? අතීතයේ සිට අප තුන් වේල බත් කෑ ජාතියක් ලෙස උදම් අනන්නන් නොවේද?? මේ මොහොත වන විට ඒ අභිමානයට තිත තැබීමට කාලය උදා කොට ඇත.. වී කිලෝවකට රුපියල් 50 ක සහතික මිලක් ප්‍රකාශ කිරිම ගැන සතුටු විය හැක නමුත් මෙහි පසු පස කතාව මෙලෙස වේ සාමාන්‍යයෙන් වී කිලෝ එකහමාරාක් පමණ හාල් කිලෝවක් නිපදවිමට වැයවන බව ප්‍රයෝගිකව අප දන්නෙමු.. මේ සදහා අවම ලෙස රුපියල් 75 ක මුදලක් වී සදහා පමණක් වැයවේ.. මේ විශාල වියදම දරා වී මිල දී ගත හැක්කේ කාටදැයි ජනතාව පැහැදිලිවම දනී.. රජයේ වී මිලදී ගැනීම් වලට බාදා කරමින් තමාගේ මෝලට වී කුණු කොල්ලයට ඇදගෙන යන බව ප්‍රකාශ කලේ අප නොවන බව ඔබට මතක ඇත.. මෙවරද සිදු වන්නේ එම ක්‍රියාවලියම බව පැහැදිලිය සහල් ඒකාධිකාරීය තමන් සතු කරගනිමින් ඔහුට මැතිවරණයේදී විරුද්ධ වූ මධ්‍ය හා කුඩා පරිමාණ වී මෝල් හිමියන් තවත් අසරණ කිරීම නොවේද?? මෙම රුපියල් 50 මිලට වී මිලදීගෙන ලාබ තබාගෙන හාල් ලබා දීමට මධ්‍ය හා කුඩා පරිමාණ වී මෝල් හිමියන් නොහැකි බව පැහැදිලිය.. රුපියල් 50 ට වී මිලදී ගෙන රුපියල් 100ට වත් හාල් කිලෝවක් ලබාදි හැකි දැයි අපට සැක පහල වේ බත් ලාබෙට කන්ට සිතා ජාතිය පාවා දුන් මෝඩයිට අද සිදුවන්නේ කුමක්ද?? අපගේ රජය සමග සම්බන්ධව සිටි සමයේ හාල් පිටි නිශ්පාදන රටට ගෙන ඒමට බොරුවට කෑ ගැසූ ඡන්ද පදනමක් නැති ජවිපේ නඩය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද??
එදා කන්ද උඩරට රාජ්‍ය ඇල්ලීමට පර සුද්දාට නොහැකි වූයේ අප සතුව විශාල සහල් ප්‍රමාණයක් ආරක්ෂිතව පැවතීමත් යන කරුණ වේ.. මාස ගණනාවකට යුද්ධය සදහා ආහාරවල අඩුවක් අපට නොවු හෙගින් අපගේ යුධ පෙරමුණු ඉතා ශක්තිමතව පැවතිණි, මේ තත්වය වටහා ගත් පර සුද්දන් රණ බිමට නොගොස් අපගේ ගොවි බිම් ගම්මාන පිටින් ගිණි බත් කරමින් මහා මිනිස් සංහාරයක් රුහුණේ කල වග අපගේ ඉතිහාසය සනාථ කරයි... පසුව දුර්වල වූ සිංහලයා මර්ධනය කර රට අල්ලා ගත් වග අප දන්නෙමු.. එය සිදුවී වසර 200 ක් ගතවී ඇත වෙන්ත් ස්වරූපයෙන් එකම ක්‍රියාවලිය යලි පැමිණ ඇත.. අපගේ සහල් පරිභෝජනය අවම කර ඇමෙරිකානු තිරිගු පිටි නිශ්පාදන මත යැපෙමින් ජීවත්වන යුගයක් උදාකරවීමේ යටි කූට්ටු උපාය මෙහි යොදා ඇත... මෙය අපගේ ජීවන රටාව ඉතා සූක්ෂම ලෙස විකුර්ති කරමින් ජන ජීවිත අඩාල කිරීමේ ඇමෙරිකානු උපක්රමයකි... අපට හිමි බත් පත අහිමි කරමින් අප ධීන ජාතියක් කිරීමේ මූලික පියවර ලෙස මෙය හැදින්විය හැකිය..
පාන් මිල අඩු කලා යැයි මහත් උද්දාමයෙන් කෑමොර දෙන උදවියගෙන් අප ඇසිය යුත්තේ පාන් සාදන්නේ පාන් පිටි වලින් නොවේද යන්නයි පාන් පිටි මිල අඩු කල විට ඊට සාපේක්ෂව පාන් මිලේ අඩු වීමක් පැවතිය යුතුවේ... මෙලෙස ජනතාව අත්‍යාවශ්‍ය භාණ්ඩ 13 ක මිල නොව පාන් පිටි ආශිත නිශ්පාදන් සියල්ලේම නම් ප්‍රකාශ කරමින් ඒවායේ මිල අඩු කරමින් භාණ්ඩ 100 ක මිල අඩු කලා යැයි නොකියන්නේ මන්ද?? මේ මුලා කරන්නේ තමන්ට ඡන්දය දුන් ජනතාව නොවේද?? පාන් පිටි මිල අඩු වුවත් බේකරි නිශ්පාදන් හිමියන් කියා සිටින්නේ සෑම නිශ්පාදනයකට මිල රුපියලකින් පහත හෙලිය හැකි බවයි... අද ඒ රුපියල වෙනුවෙන්ද මේ රජය ජන්තාව පත් කරනු ලැබුවේ ??? ... තවත් විශාල ලෙස ජනතාව මුලා කරන් ප්‍රචාරය ලෙස තෙල් මිල පහත හෙලීම අපට පෙන්වා දිය හැක.. ලෝකයේ සීඝ්රයෙන් පහල යන බොර තෙල් මිලට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල අඩු කලා මිස ඔවුන් පොරොන්දු වූ පරිදි සියලු බදු ඉවත් කර නොමැති බව ඉතාම පැහැදිලිවේ.. එදා මහා උගතා ප්‍රකාශ කර පරිදි ලෝක වෙළද පොළේ බොරතෙල් බැරලයක් මිල ඇමෙරිකානු ඩොලර් 85 ඇති විට ජනතාවට පෙට්ට්‍රල් හා ඩීසල් ලබාදි හැකි මිල එදා ඔහු ප්‍රකාශ කලා ඔබට මතක ඇති.. එදා ඔහු ප්‍රශ්ණ කලේ මේ මුදල් කාගේ සාක්කුවට යනවාදැයි හෙලිකර යුතු බවයි.. අද බොරතෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 45 සීමාවට් පැමිණ ඇත් ඒත් ඔහු ඇමෙරිකානු ඩොලර් 85 දී ලබා දිය ගැකී වහසි බස් දෙඩූ අගයට වත් ලාබා දෙන්නේ දැයි ජනතාව් තේරුම්ගත යුතුව ඇත... එදා අපට ඇගිල්ල දිගු කල ඔහුගෙන් අප අසනුයේ අද මේ ඉතිරිවන මුදල යන්නේ ඔබගේ සාක්කුවටද යන්නයි.... ජනතාවට දැන් ඒ මිලට දෙන්නේ බෙහෙත් තෙල් යැයි හිත හදා ගැනීමට සිද්ධ වී ඇත.. ලෝක වෙළද පොළෙහි බොර තෙල් මිල අඩු වීම මගින් ජනතාව රවටා බලය ගත් මොවුන්ට නිසැක ලෙසම ලගදීම ඒ කල කී කතාවල අදාල ප්‍රතිඵල අත් විදීමට හැකිවනු ඇත.. අධිවේගී මාරග පිළිබද පම්පෝරි ගැසූ අය ඒ වංචා කරුවන් ඇත්නම් ඇයි ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ හොරු ඇල්ලීමේ බලය අද කෙසේ හෝ ඔවුන් ලබාගෙන ඇත.. ඒත් අධිවේගී මාර්ගයේ අල්ලපු වංචාවක් මෙතෙක් නැත.. අප නාස්ති කලා යැයි කියා එම වියදමෙන් 10% න් උතුරු අධිවේගී මාර්ගය ඉදි නොකරන්නේ මන්ද ?? බලයට ඇති කෑදර කමෙන් බොරු බේගල් මවා පාමින් සිල් ජාතික ඇදුමට මුවා වී කරන සෙල්ලමට අනාගත මැතිවරණයේදී ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇත.. ප්‍රධාන ප්‍රක්ශ වලට මුක්කු නොගසා තනිව මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් අලා පාලු වන්නේ කවුරුන්දැයි ජනතාවට බලා ගත හැකිවේ...
උණ හෙම්බිරිසාවට බොන්න කොත්තමල්ලී මිල අඩු කිරීම අප අගය කල යුතුයි...නමුත් අපට ඇති ප්‍රශ්ණය උණ හෙම්බිරිස්සාවට කොත්ත මල්ලී බොන සිංහලයාට කෑ බත් පත අහිමි කිරීමයි... වමට සිග්නල දමා දකුණට හරවන මේ ක්‍රමවේදයෙන් රවටන්නේ රටේ බුද්ධිමත් ජනතාව නොවේද?.. ඉන්ධන මිල පහත හෙලා සති ගණාකට පසුව අඩුවන බස් ගාස්තුව ගැන බලමින් සිටි ජනතාවට අඩු වූ රුපියල දෙක වෙනුවෙන් කොන්දොස්තර සමග ද්වන්ධ සටනකට බැසීමට සිදු වී ඇත.. මැතිවරණයට පෙර පුද්ගලික බස් සංගම් සභාපති සමග ගැසූ ගිවිසුමට අනුව අඩු කල හැකි ගාස්තු මෙසේ දැයි අප ප්‍රශ්ණ කරන්නෙමු..?? රුපියලක වටිනාකම කොපමණ දැයි දැන් ජනතාව දන්නවා ඇත...
කිරි පිටි මිල පහත හෙලීම හා දියර කිරි නිශ්පාදන සදහා ලීටරයකට රුපියල් 10 මිල ඉහල දැමීම අප අගය කල යුතුයි.. නමුත් දේශීය කිරිපිටි කර්මාන්තය නගා සිටු වීමට මේ රජය ගත් කිසිදු පියවරක් අප අය වැයේදී නුදුටුවෙමු.. පශු සම්පත් නියෝජ්‍ය ඇමතිවරයා අඹේවෙල ගොවි පොළක හෝ දකුණේ ගව පට්ටියක අතර මැද සිටියොත් ජනතාව ඔහුව හදුනා ගැනීමේ අපහසුතාවයක් ඇතිවන බව නම් පැහැදිලිය පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් කරමින් නොන්ජල් චිත්‍රපටි නිශ්පාදනය කර ගරු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ලැජ්ජාවත් තිබේදැයි අප ප්‍රශ්ණ කරන්නෙමු.. උදු පිටි ,කව්පි, වැනිදේ වලට වඩා ජනතාවට මිල අඩු කලයුතු අත්‍යාවශ භාණ්ඩ නොදන්නේ දැයි අපට ප්‍රශ්ණයක් නැගේ... මීට පෙර අප අත්‍යාවශ්‍ය භාණ්ඩ ලෙස සලකනු ලැබුවේ හාල් ,පොල් පරිප්පු ,ලූණු ,අල වැනි දේ නොවේදැයි ජනතාවට මතක ඇත.. අප රජයට කිසි දිනක ජනතාව උදු පිටි මිල , මුං ඇට මිල , කහ මිල්, උම්බල කඩ මිල , කොත්තමල්ලී මිල අඩු කරන ලෙස උත්ඝෝෂණ කර නැත...මේ මිල අඩු කල භාණ්ඩ කවුරුන් උදෙසා දැයි ඔබ අප හොදින් හදුනන්නෙමු... පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවකයින්ගේ වැටුප 10,000 කින් ඉහල දැමීමට කටයුතු කිරීමේ මුල් පියවර ලෙස රුපියල 5,000 ක මුදලක් ලබා දීම අප අගය කරන්නෙමු.. නමුත් අප එතැනින් ප්‍රශ්ණය නිමා කිරීමට සූදානම් නැත.. අනාගතයේදී ලැබීමට නියමිට 5,000 පිළිබද රාජ්‍ය සේවකයින් පිළිබද සැකයක් ඇති බව අපට දක්නට ලැබේ ඉතිරි 5,000 යනු පසුගිය රාජපක්ෂ රජයේ අයවැයේ ලබාදුන් රුපියල් 3,000 ට අමතරව ලැබෙන රුපියල් 5,000 ක්ද නැති නම් එයට තවත් 2,000 ක් එකතු කර ලබා දෙන්නක්ද යන්න තවම පැහැදිලි නැත.. ඒ පිළිබද රාජ්‍ය සෙවකයින් අවධියෙන් සිටී... අපගේ රජය රාජ්‍ය සෙවකයින්ට රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කමකින් යුත් යතුරුපැදි රුපියල් 50,000 ක මුදලට ලබා දුන් බව ඔබට මතක ඇත.. ඒ සදහා අප අයකල 50,000 මුදල යලි ඒ අයට අයටම ලබාදෙන බව සිරිසෙන ජනාධිපති තුමා මැතිවරණ පොරොන්දුවක ලෙස ප්‍රකාශ කල බව අපට මතකය.. එහෙත් ඒ පිළිබද අද කිසි කතාවක් රජයෙන් නොඇසෙන්නේ මන්ද?? එම යතුරු පැදිවලම ගොස් හංසයාට කතිරය ගැසූ බව කියනා අමන උන්ගෙන් මම අසන්නට කැමතියි නුඹට මෙතරම් සනයක් ලබාදුන් තවත් රාජ්‍ය නායකයෙක් සිටිනවාද යන්න.. අප පක්ෂ පාට භේද නොතකා මේ සේවය කලේ මෙවැනි ගුණමකු මිනිසුන්ට දැයි හැගේ.. එජාප පාලන කාලවලදී මෙන් තම පාක්ෂිකයිනට පමණක් සහන් සැපයුවේ නම් අද අපට මේ පිළිබද කනගාටුවක් නැත..
මුං ඇට මිල පහත හෙලීමේන් දේශීය කර්මාන්තයට හානි වන බවට පැතිර යන රාවය පිළිබද මා වැඩිදුර අධ්‍යයනය කර නොමැති හෙයින් ඒ පිළිබද අදහසක් දැක්විය නොහැකිවේ...
අධ්‍යාපනයට දළ ජාතික නිශ්පාදිතයෙන් 6% ක් වෙන්කිරීම පිළිබද අප සතුටු වන්නෙමු.. ඒ වෙන්කල 6% ක මුදල වැඩි වශයෙන් යොදවන්නට බලා පොරොත්තු වන්නේ පාසැල් අධ්යාපයටද නැතිනම් උසස් අධ්‍යාපනයටද?? තවමත් හරි හැටි පංති කාමර නැති ඩෙස් පුටු නැති ගුරුවරු නැති ඉතා දුශ්කර පාසැල් රටේ ඇති බව නොරහසකි අප රජය මගින් ගෙන ගිය විද්‍යාගාර දහස මේ වන විට වැඩ නිමවා දැයේ දූ පුතුන් වෙනුවෙන් තිලිණ කිරීමට හැකි වූ බවට අප ආඩම්බර වන්නෙමු , පරිඝණක විද්‍යාගාර ,භාෂාගාර, ගණිතාගාර යන ලොව දිනන්නට රටේ සුවහසක් දැයේ දරුවනට අවස්ථාව උදාකර දීමට හැකිවීම අප රජය ලද භාග්‍යක් කොට සලකමි.. මෑතකදී බලයට පත් රජයේ අධ්‍යාපන ඇමතිවරයා එහි නම ගැලවීමට අදහස් කිරීම නීච ක්‍රියාවක ලෙස සලකමි.. එම නම ඉවත් කිරීමට 6% න් කොපමණ මුදලක් වැය කරන්නට බලාපොරොත්තු වන්නේ දැයි අප දැන ගනු කැමැත්තෙමු.. එසේ නම් ඉවත් කලද රටේ සුවහසක් දූ දරුවනට ඒ පරිත්‍යාගය කලේ කවුරුන්දැයි ඔවුන් කිසි දිනක අමතක නොකරන බව අපට සක් සුදක් සේ පැහැදිලිය.. එසේ නම් ඉවත් කරන්නේ නම් රටේ දේශපාලනයේ නිරතව සිටි අයගේ නම්වලින් ඇති සියලූම පාසැල්වල එසේ නම් ඉවත් කල යුතුයි ඒ කොතරම් ගුණමකු ක්‍රියාවක්ද ?? මේ තරම් ගුණමකු පහත් අදහස් ඇත්තෙකු අධ්‍යාපන ඇමති ධූරය දැරීම රටේ දූ දරුවන්ගේ අභාග්‍ය කොට සලකමි..
අප ප්‍රථම වතාවට නව බද්ධක් ලෙස මන්දිර බද්ද හදුනා ගන්නෙමු.. වර්ග අඩි 5,000 කට වැඩිවන සෑම නිවසක් සදහාම වසරකට රුපියල් මීලියනයක බදු මුදලක් අය කිරීමට තීරණය කර ඇති මුත් ඒ සදහා කිසිදු නිර්නායකයක් ඉදිරිපත් කොට නැති බවට දැන ගන්නට ලැබේ.. මෙය එය ඉදිරිපත් කල ඇමතිවරයාටද ගෙවීමට සිදුවන බව පොඩි මිනිසා වෙනුවෙන් කිඹුල් කදුලු හෙළන දේශපාලන අනාථයෙක් ප්‍රකාශ කල බව අප දුටුවෙමු.. හුදෙක් මෙය සුදු අලියෙක් පමණි එළබෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් නැති ජනතා වාදී ස්වරූපයක බලෙන ආරූඩ කරගනු වස් කල ප්‍රකාශයක් පමණක් බව පැහැදිලි වේ රුපියල් මිලියනයක් තමාටත් ගෙවීමට ඇති බව පෙන්නා එම මුදලින් ජනතාව රවටා ඊලග මැතිවරණය ජය ගැනීමට ජනතාව ඉදිරියේ ගසන ගැටයක් බව ඉතා පැහැදිලිවේ... මහා පරිමාණ නිශ්පාදන හිමියනගෙන් අධික ලෙස 25% බද්දක් ගැසීමටද මෙවැනි මගඩියකි බොරු ජනතාවාදී ස්වරූපය පෙන්නා දැනට ඇති සමාගම් පහල දමා තමාගේ ගජ මිතුරු ව්‍යාපාර කරුවනට පසුව සහන ලබා දීමට බලය ගැනීම සදහා කරන මුලාවකි...කෙස් වෙතත් කොළඹ කොටස් වෙළද පොළේ මුල් පෙලේ සමාගම්වල ඉතා සීඝ්‍ර කඩාවැටීමක් මේ වන විට පෙන්නුම් කරයි... මේ මගින් රටේ ආර්ථිකය පහල දමා ඒ වරද අප මත පැටවීමට වක්රාකාරලෙස එලන ලද සැලැස්මකි... මේ පිළිබද ජනතාව දැනුවතව සිටිය යුතුවේ...
කැසිනෝ බදු මුදල ඉහල දැමීම ඉතා හොද ක්‍රියාවක් ලෙස දකින අතර එයින් ප්‍රශ්ණයක් පැන නගින්නේ අපට නොවීම ගැනද අප සතුටු වන්නෙමු.. කැසිනෝ රජාට හිමි සුපිරි මෝටර් රථ මෙවැනි බදු නිසා යලි ලබාදීමට නොහැකි වන බැවින් යලි සුපිරි මෝටර් රථ දිනා ගැනීමේ අවස්ථාව අහිමි වීම ගැන අපට නම් ප්‍රශ්ණයක් නැත.. කැසිනෝ වලට විරුද්ධ නම් කැසිනෝ සම්පූර්ණයෙන්ම තහනම් කර බල පත්‍ර අහිමි නොකරන්නේ තවමත් ඔවුන්ගේ සල්ලි කාර ගජ මිතුරන්ට කැසිනෝ වලින් මිදීමට නොහැකි නිසාද යන්න අපට ප්‍රශ්න සහගත වේ...
මේ දින වල පාර්ලිමේන්තුවේ අප පක්ෂය විසින් ප්‍රශ්ණයක් නැගූවිට ඒක ඔයාලාගේ ලොක්කාගෙන් අහන්නයැයි කියමින් රනිල් ප්රමුඛ නඩය එක හඩින් කියා සිටී ඉතිහාසයේ පාර්ලිමේන්තු බහුතර බලය සහිත කිසිම පක්ෂයක් මෙලෙස කාලක්ණ්නි නින්දිත කතා වලට ලැජ්ජාවට පත් වී නැත... අද අපගේ නායක්තවය බාර ගත් පුද්ගලයා මේ කරන්නේ කුමක්දැයි අපට පැහැදිලි නැත.. මේ පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසූ විටද නිසි පිළිතුරක් ලැබුණේ නැත..පාර්ලිමේතුව තුල බලය ඇති අප මෙසේ මොවුන්ට නිවට නියාලු විය යුතුද?? මහින්ද රාජපක්ෂ නම් මහා ප්රථාපවත් නායකයාගේ රාජ්‍ය කාලය තුල අපගේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුටවත් මෙවැනි නින්දා අපහාසට අවකාශ සැලසුනේ නැත.. අපගේ පාක්ෂිකයිනට දිනෙන් දින විදින්නට සිදුවන දුක් ගැහට කියන්නට තවම ඉතිරිව සිටින්නේ ඒ මහා අසාහය නායක මහින්ද රාජපක්ෂ මහතා පමණි ඔහු මේ සියල්ල ඉතා සංසුන්ව අසා සිටී අද ඔහුට බලයක් නැත.. ඔහුගේ බලය අපයි අපට ඇති බලා පොරොත්තුව ඔහු පමණි මේ රට වෙනුවෙන් ඔහු ඔබට අවශ්‍යම මොහොතේ මේ සියලු වැට කඩුලු බාදක මඩිමින් මහා ඉන්ද්‍රකීලයක් සේ නැසී සිටිනු ඇත බලාපොරොත්තුවේ ඇස් දල්වාගෙන අදිෂ්ඨානයෙන් යුතුව සිටින්න රටට ජාතියට හදවතින ආදරය කරන ඔබට යුක්තිය ඉටුවනු ඇත...