රසදිය එක්ක අපි කන මාළු වර්ග

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    රසදිය සහිත මත්සයන් වෙන් කර ආහාරයට ගන්නේ කෙසේද?
    කියලා පැණයක් අද මගෙන් එක් පාඨකයෙක් අහලා තිබුනා.
    ‍මේ ලිපිය වෙජිටේරියන් අයට අදාල නැති බව මුලින්ම පැවසියි යුතුයි.

    රස දිය නොමැති මත්සයන් සොයාගැනීමට නොහැකි තරම්. අපිට කල හැක්කේ රසදිය ප්‍රමාණය අඩුමත්සයන් වෙත යොමු වීමයි. කිසිම විටක එකම මාළු වර්ගය ගෙදරට ගේන්න එපා. එසේම රසදිය වැඩිම මත්ස්‍ය වර්ග නිවසට ගේන්නත් එපා. මේ අනුව රසදිය අපගේ ශරිරයට එක් වීම අවම කරගත හැකියි. එය ස්නායු රෝග බොහාමයක් වැලදීමට හේතුව අවම කරගන්නට හේතුවක් වේවි.

    රසදිය කොහෙන්ද එන්නේ?
    මත්සයින්ගේ ශරීරයේ රසදිය Methylmercury (MeHg) මෙතයිල්මර්කියුරි ලෙසට රසදිය තැන්පත් වෙලා තියෙනවා. මෙම රසදිය මෙම මත්සයින් ගේ ආහාර වලට එක් වන්නේ ගිණිකදු වල ලාවා මුහුදට එක්වීම, කර්මාන්ත ශාලා වල දුම් වලින්. ගල් අගුරු බලාගාර වලින් නිකුත් වන දුමෙන් වගේ ක්‍රම වලින්. මේවා කුඩා මාළුන්ගේ ආහාරයට මුලින්ම එකතුවී ඉන්පසු මධ්‍යම ප්‍රමාණයේ මාලුන්ට ආහාරයක් වි උන්ගේ ශරීිරවලටද එක් වෙනවා. ඉන්පසු විශාල මාලුන්ගේ ගොදුරු බවට පත් වීම නිසා තමයි මෙසේ මාළු වලට රසදිය එක්වෙන්නේ.

    රසදිය නිසා මොනවද වෙන්නේ?
    රසදිය ශරීරගත වීම නිසා ස්නායු පද්ධතියට හානි වෙනවා. විශේෂයෙන් ඝර්භණි මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන්ගේ ස්නායුපද්ධතියට සහ මොළයේ වර්ධනයට මෙවැනි මාළු බලපෑමක් කරනවා. කිරදෙන මව්වරුන්ගේ කිරි වලටද මෙම රසදිය එක් විය හැකියි. මේ නිසා කිරි දෙන අයද හැකි උපරිම ආකාරයට රසදිය අඩු මාළු ආහාරයට ගන්නට පුරුදු වෙනන.

    නමුත් මාළු කියන්නේ අද මිනිසුන්ගේ එක් ප්‍රධාන ප්‍රෝටීන් ලබාගන්නා මාධයයක්. ඒ නිසා මාළු ආහාරයට ගැනීමෙන් වැලකී සිටින්නට නොහැකියි. නමුත් අඩුම රසදිය ප්‍රමාණයක් වෙත අපට යොමු විය හැකියි. අපි ඒ ගැන සිත යොමු කරමු.
    උදාහරණයක් ලෙස හුරුල්ලන් තුල රසදිය කොටස් එකක් උන්ගේ මාළු කොටස් කෝටියක තියෙනවා.
    මෝර මාළු වල එම කොටසම මාළු කොටස් දස ලක්ෂයක තියෙනවා. මේ අනුව අපි හුරුල්ලන් සතියකට එක වතාවක් කනවා නම් මොර මාලු මාසයකට එක වතාවයි කන්න පුලුවන්. හුරුල්ලාට වඩා බොහොම අඩු ප්‍රමාණයයි තිලාපියා මත්සයා ගේ මාළු වල මේවා තියෙන්නේ. ඒ කියන්නේ තිලාපියා මත්සයා අපිව නිරෝගීව තබන්නට උපකාරීවන මත්සයෙක්. මීට දශක කිහිපයකට පෙර ලංකාවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට තිත තැබුවේ කාගේ වුවමනාවක් නිසා දැයි මේ ගැන සිතන විට අපි කල්පනා කල යුතු වෙනවා.
    ‍මෝර මාළු වලට වඩා මොර වරල් වලින් විශාල ලාභයක් ලැබෙනවා. මේ නිසා මොර මාළු වෙලද පොලට එන්නේ අතුරු ප්‍රතිඵලයක් ලෙසට. වරල් ටික කපාගෙන මාළු ටික වෙළදපලට එනවා. ඒවා ටිකක් අඩු මුදලකට ගන්නට පුලුවන්. එහෙත් මාළුවාගේ මාළු තුල ඇති රසදිය ප්‍රමාණය දැනගෙන ආහාරයට ගැනීම සුදුසු යැයි මා යෝජනා කරනවා.

    කූනිස්සා, දැල්ලා, බේල්ලා වැනි මත්සයන් තුලද රසදිය ඇත්තේ ඉතාමත් සුලු ප්‍රමාණයක්. අපි වැඩිපුරම ආහාරයට ගන්නා කෙළවල්ලාද තරමක් වැඩි කාලයක් මුහුදේ ජීවත් වන මත්සයෙක්. මෙසේ වැඩි කාලයක් මුුහුදේ ජීවත් වීම නිසා උගේ ශරිරයේ රසදිය වැඩියෙන් එක්වෙනවා. දැනට සිංගප්පූරු පෝෂණ වේදින් ගණන් බලා ඇති ආකාරයට ටූනා මත්සයන්ගෙන් තමයි මිනිස් සිරුරට වැඩිපුරම රසදිය එක්වෙන්නේ. එය 40% ක පමණ ප්‍රමාණයක්. මේ නිසාම සිංගප්පූරුවේ වෙලද පොලවල් වල ලොකු මාළු නැහැ. වැඩි කාලයක් ජීවත් නොවන කුඩා මාළු තමයි රජය විසින් ආහාර පිනිස අනුමත කරලා තියෙන්නේ. අපිටත් අපේ ආහාර වේලට කුඩා මත්සයන් යොදා ගැනීම සුදුසු යැයි මා යෝජනවා කරනවා. විශේෂයෙන් වැඩි කාලයක් ජීවත් නොවන මාළු වල රසදිය ප්‍රමාණය අඩු බව සිතේ තබා ගන්න.

    පෝෂණ වේදී
    නයන තේනුවර

    ගෙඩි පිටින් බුකියෙන් ඉස්සුවේ වැදගත් වෙන නිසා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    Huta.
    Tuna kanna hoda nadda?
    Here are the fish with the highest amounts of mercury:

    1. Tilefish (Gulf of Mexico) – Containing a whopping average 219 micrograms of mercury, the tilefish native to the Gulf of Mexico, tops the list of mercury-tainted seafood.
    2. Shark – 151 micrograms of mercury
    3. Swordfish – 147 micrograms of mercury
    4. Mackerel King – 110 micrograms of mercury
    5. Orange Roughy – 80 micrograms of mercury
    6. Marlin – 69 micrograms of mercury
    7. Tuna (Bluefin, Bigeye, & Albacore) – 54 – 58 micrograms of mercury
      Tuna (Canned White Albacore) – 40 micrograms of mercury
      Tuna (Skipjack & Yellowfin) – 31 – 49 micrograms of mercury
      Light Canned Tuna – 13 micrograms of mercury
    8. American Lobster – 47 micrograms of mercury
    9. Cod (Atlantic & Pacific) – 14 micrograms of mercury
    10. Mackerel Spanish (Atlantic & Pacific) – 8 – 13 micrograms of mercury

    https://www.healthfitnessrevolution.com/top-10-fish-highest-amounts-mercury/
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    It's a concern.. The worst case of methyl mercury poisoning was in Japan - City of Minamata - Hence termed "Minamata Disease" in 1956. A chemical plant deposited mercury into the bay and the people ate the fish. It was a huge disaster. It took the Japanese government nearly 10 years to admit it. After nearly 65 years it still lingers on.
    At least 2,000 victims have died. Even now, courts are forcing the government to recognize more victims, which some estimate at as many as 30,000. Many are confined to wheelchairs or bed, complaining that diagnosis and treatment are haphazard and inadequate. Lawsuits for further compensation continue.
    There was a movie about this too.

    FDA carries the full list of fish depending on the mercury content.
     
    • Like
    Reactions: NRTG and Tom Cat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1635398287319.jpeg


    මොනාද බන් කන්න තියෙන්නෙ මෙච්චරකල් කිව්වෙ මිරිදිය මාළු කන්න එපා උන්ගේ බැර ලෝහ මූදු මාලු කන්න කියලා.

    දැන් ඒකත් එපා කියනවා.
    ------ Post added on Oct 28, 2021 at 10:50 AM