නිවසේදීම රසදිය එන්ජිමක් හදමු
-------------------------------
1) කාන්දමක් ගන්න.
2) එය මතින් භාජනයක් තබන්න.
3) ඒ භාජනයට රසදිය පුරවන්න.
4) වයර් දෙකක් මගින් රසදිය හරහා සරල විදුලි ධාරාවක් (DC) යවන්න. මෙය ප්‍රත්‍යාවර්ත ධාරාවකින් ක්‍රියා කරන්නේ නැත.
එවිට පහත පළමු ඡායාරූපයේ දක්වා ඇති ලෙසින් භාජනය තුළ ඇති රසදිය කැරකෙන අයුරු ඔබට දැක ගත හැක.
5) දැන් මේ කැරකෙන රසදිය තුළට ටර්බයිනයක් දමන්න. එවිට රසදිය සමග ටර්බයිනයත් කැරකේ.
6) මේ ටර්බයිනය ඩයිනමෝවක් හෝ වෙනත් විදුලි බල උත්පාදකයට සවි කරන්න.
7) ඒ මගින් ඔබට විදුලිය ලබා ගත හැක.
හෝ...........
රසදිය භාජනයට විදුලිය සපයන්නේ නැතුව ඒ විදුලිය කෙළින්ම භාවිතා කරන්න. ඒ වැඩේ ලේසියි.
ඒ වුනත් මේක ගෙදරම කරලා දෙවෙනි ඡායාරූපයේ ඉන්න බොරුකාරයා වගේ අයට රැවටෙන්නේ නැතුව ජීවත් වෙන්න.
රසදිය යනු ලෝහයකි. ලෝහයක් හරහා විදුලිය ගමන් කරන විට ඇති වන චුම්භක ක්ෂේත්‍රය විසින් කාන්දම මගින් ඇති කරන චුම්භක ක්ෂේත්‍රය ආකර්ෂණය හෝ විකර්ෂණය කිරීම මත භාජනය තුළ ඇති රසදිය භ්‍රමණය වේ. විදුලි මෝටරයක් තුළ සිදු වන්නේත් මේ ක්‍රියවමයි. එකම වෙනස එහි ඇත්තේ ඝන තත්වයේ පවතින ලෝහයි.
විද්‍යාවේ සරල මූලධර්ම යොදා ගෙන විද්‍යාව නොදන්න මිනිසුන්ව රවටන මෙවැනි බොරුකාරයින්ව සමාජයෙන් කොන් කිරීමට මෙම පෝසට් එක ෂෙයාර් කිරීම තුළින් ඔබටත් දායක් විමට පුළුවනි.
අවවාදයි! - රසදිය ශරීරගත වීම ඔබගේ මොළයට, හදවතට, වකුගඩුවලට, පෙණහළුවලට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අහිතකර ලෙස බලපායි. අධික ප්‍රමාණයක් ශරීරගත වීම විෂ සහිත වේ.