රස්තා හෙවත් රස්තාෆාරියානුවාදය

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රස්තා හෙවත් රස්තාෆාරියානුවාදය


    රස්තා සමස්තයක් ලෙස ගතහොත් ඇතමුන්ගේ මතය අනුව එය ආගමකට වඩා ජීවන මාර්ගයකි. ජීවන ශෛලියකි. (බොබ් මාර්ලී ද මෙම අදහස දරයි.) ඊට හේතු වශයෙන් එම පිරිස් දක්වන්නේ රස්තා ආගමික නොවූ දුප්පත්කම, පීඩනය, දුෂ්ට පාලනයට විරුද්ධ වීම හා නිදහස වැනි ලෝක ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන නිසා බවය. එහෙත් රස්තලාට හැම මග පෙන්වීමක්ම බයිබලය තුළින් සිදු කරයි. එහෙයින් එය ආගමකින් සම්පූර්ණයෙන් ම මිදුනක් බව ද කිව නොහැක.



    Bob%20Marley%20Rastafarian%20JW%20MW.jpg



    රස්තා ව්‍යාපාරය ජැමෙයිකාවේ කිංග්ස්ටනයේ කාඩ්බෝඩ් හා ටකරන් වලින් තැනූ පුංචි මඩු ඇති කුණු බක්කි වැනි ප්‍රදේශ වල ජරාජීර්ණ ජීවිත ගත කළ කළු වහල් ජනතාව තුළින් ගොඩනැගුනකි. (ඩන්ගල්, ටේ‍රන්ච් ටවුන් මෙවැනි ප්‍රධාන ස්ථාන දෙකකි. මේවා "ගෙටෝ" හෙවත් මුඩුක්කු ප්‍රදේශයන් ය.) මෙලෙස ආරම්භ වී මේ වනවිට රස්තා ජැමෙයිකානු ජනතාවම වෙලා ගත් දර්ශනයක් බවට පත්වී තිබේ. රස්තා දර්ශනය තුළ රස්තා මිනිසුන් අවසානයේ දී විශේෂයෙන් ඇතිවන "කළු ජාතික ආධිපත්‍යයක්" ගැන විශ්වාස තැබූහ. දුක, අන්ත අසරණභාවය තුළින් උපද්දවන බැවින් රස්තා දර්ශනය නිර්මල හා වෛරයෙන් තොර වූත් සටන්කාමී එකක් විය. සම්පූර්ණයෙන් ආදර්ශයෙන් පිරුණු එකක් ද විය. ආත්මීය නිදහස, වහල්භාවයෙන් නිදහස හා අප්‍රිකානු නිදහස රස්තා හි ඉහළින් ම තිබුණු ඉල්ලීම් ය........

    ........ රස්තෆාරියානුවාදය දෙස බලන විට එහි පදනමට මුල් වී ඇත්තේ අතීතයේ අප්‍රිකානු, කැරිබියානු ස්වදේශීය ආගමික හා ජාතිකත්වයන් හා චාරිත්‍ර වාරිත්‍රයන් ය. එම කාලයේදී මෙම රටවල්වල "නියබින්ගි රණකාමීන්" නම් සටන්කාමීන් පිරිසක් වූහ. ඔවුන් "ඩේ‍රඩ්ලොක්ස් රස්තලා" නමින් හැඳින් වූහ. .... රස්තා වෙත ඉන්දියානු හින්දු දහමේ ආභාෂය ද ලැබී ඇති බව ඇතැම් විද්වතුන්ගේ මතය වී තිබේ. ඊට හේතු සාධක ලෙසින් දක්වන්නේ 19 හා 20 වැනි සියවස අතර කාලයේ දී හින්දු බැතිමතුන් හා ආගමික පූජකයින් දහස් ගණන් කැරිබියානු දූපත්වලට සංක්‍රමණය වීමයි. මොවුන් අතර ලණුමෙන් දිගු කරල් ද සහිත කොණ්ඩ වවාගත් (රස්තා තුළ ඩේ‍රඩ්ලොක්ස් ලෙස හඳුන්වන) ගංජා බොමින් භාවනාගතව තම ආගමික කටයුතු කළ තාපසයන් හා පූජකයින් විශාල වශයෙන් හිඳ තිබේ.......



    ගත්තේ
    http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=VIVA&ArtID=966
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Buffalo soldier, dreadlock rasta:
    It was a buffalo soldier in the heart of America,
    stolen from Africa, brought to America:


    And he was taken from Africa,
    brought to America.
    Fighting on arrival,fighting for survival.
    Say it was a buffalo soldier,dreadlock rasta.
    Buffalo soldier, in the heart of America.

    If you know your history,
    Then you would know where you coming from,
    Then you wouldnt have to ask me,
    Who the heck do you think I am.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Buffalo soldier, dreadlock rasta:
    It was a buffalo soldier in the heart of America,
    stolen from Africa, brought to America:


    And he was taken from Africa,
    brought to America.
    Fighting on arrival,fighting for survival.
    Say it was a buffalo soldier,dreadlock rasta.
    Buffalo soldier, in the heart of America.

    If you know your history,
    Then you would know where you coming from,
    Then you wouldnt have to ask me,
    Who the heck do you think I am.



    :yes::yes::yes: