රස්තියාදු පදනම’ යන වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදාහැර ඇති අ’සභ්‍ය ගීත හයක් හා බාල වයස්කරුවන් මත්පැ න් හා දුම්වැටි භාවිතයට නැඹුරු කරන දර්ශන වහාම ඉවත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීපා ලෝචනි අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (12 දා) එම වෙබ් අඩවියේ හිමිකරුට නියෝග කළාය.
ළමා හා කාන්තා කාර්යාංශය විසින් එකී චෝ’දනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ වෙබ් අඩවි හිමිකරු ඇතුළු සැකකරුවන් තිදෙනාටම එවැනි අ’විනීත ක‍්‍රියාවල යළි නොයෙදෙන ලෙස තරයේ අ’වවාද කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන් රුපියල් ලක්‍ෂය බැගින් වූ ශ’රීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළාය.
සැ’කකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා සහ නීතිඥ දීපිකා හෙට්ටිමුල්ල මහත්මිය කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක

