රස්නය නිසා විදුලිබල මණ්ඩලයට අලූත් ප්රශ්න

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    රස්නය නිසා විදුලිබල මණ්ඩලයට අලූත් ප්රශ්න

    මේ දිනවල පවතින උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් විදුලි ඉල්ලූමද ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයද පවසනවා.

    සාමාන්‍ය දෛනික විදුලි ඉල්ලූමට වඩා වැඩි විදුලි ධාරිතාවක් මේ දිනවල පරිභෝජනය කෛරන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ. දිවා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීද දෛනික විදුලි පරිභෝජනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා එ් පිළිබඳ මෙලෙස අදහස් දැක්වුවා.

    "මේ දිනවල මෙගාවොට් 2300, 2350 ත් අතර ප්‍රමාණයක විදුලි ඉල්ලුමක් තිබෙනවා. මේ දිනවල උණුසුම් කාලගුණයත් එක්ක විදුලි පරිහරණයත් වැඩිවෙලා තිබෙනවා. දිවා කාලය ගත්තත් මෙගාවොට් 2000 ත් 2100ත් අතර විදුලි ඉල්ලුමක් තිබෙනවා".


    පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ප්රධාන ජලාශවල ජල මට්ටමද පහළ ගොස් ඇති බවටයි වාර්තා වුණේ. කාසල්රි සහ මාවුස්සාකැලේ යන ජලාශ එ් අතරින් ප්රධානයි. එ් අනුව ජල විදුලි උත්පාදනයද පහළගොස් තිබුණා.


    මෙම සතිය ආරම්භ වන විට ජල විදුලියෙන් සම්පූර්ණ කර තිබුණේ මෙරට විදුලි අවශ්‍යතාවයෙන් සියයට 20කට ආසන්න ප්රමාණයක් පමණයි. රටේ සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට හැත්තෑපහකට වැඩි ප්රමාණයක් සිදුකර තිබුණේ ගල් අඟුරු සහ ඉන්ධන භාවිතයෙන්.


    මේ අතර වරින්වර විදුලි බිඳ වැටීම හේතුවෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වුණා. විදුලි බිඳ වැටීමක් සිදු නොවුණද පද්ධතිය සම්පූර්ණයෙන්ම තවමත් යථා තත්වයට පත්ව නොමැති බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.


    මුන් ලැජ්ජ නැතුව කියනවනෙ ඉල්ලුමට සැපයුම දෙන්න බැහැ කියල. ආයෙත් ආතල් එකක් දෙයි වගේ. :frown:

    source: http://nethfm.com/article/101170
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    8TCpSx2.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,523
    113
    සාම්පූර් ඉක්මනටම හදන එක තමා එකම විකල්පය.ඒත් ඒක කරන්න මිනිස්සුමනේ ඉඩ දෙන්නේ නැත්තේ..නැත්නම් මෙලහකට හදලා ඉවරයි.:(