රස ආහර කවලා රං කූඩුවෙ දමලා

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    රස ආහර කවලා රං කූඩුවෙ දමලා

    කට කොකියනවට

    රස ආහර කවලා රං කූඩුවෙ දමලා
    Mahinda%20Rajapaksa%20Macaw%20Parrot%20Pet.jpg


    [1]

    බූන්දි| අඟහරුවාදා, අගෝස්තු 7, 2012| 11:42:49

    මහින්දගේ ගිරවාත් පැන යයි.
    -පුවතක්


    රස ආහර කවලා රං කූඩුවෙ දමලා
    ඇති කරන්න ගත්තු මැකෝ ගිරවා
    ඉගිල ගියත් පැනලා - ගිරව් මෙහේ පිරිලා
    හිතුවද උං දාල යයි කියාලා

    මම බත් කෑවද යකුනෙ කියල ඇහුවම
    ඔව් අපි බත් කෑව කියනවා
    මම තොපිව ගිහින් කැලේ අත අරින්නද
    අනේ රජෝ එපා කියනවා

    අපි ඇති කෙරුවත් පිළිකන්නේ තියලා
    කුස පිරෙන්න රජ ආහර කවලා
    ගිරවුන් යනවලු ලැබුනොත් පැනලා
    ඔබ යනවද මටත් එහෙම ඇරලා

    වත්තෙ පොල් හැදෙන්නෙ නෑ
    මැඳුරෙ සිරියාවක් නෑ
    ඔබ නැති නම් මේ දේවල් නෑ
    ගිරවුන් හොඳ නෑ මේ ගිරවු එහෙම නෑ
    අත හැරියත් දාල යන්නෙ නෑ

    Mahinda_Rajapaksas_Parrots.jpg
    Iwarayi.jpg



    PenIcon.jpg
    Don Putha | ඩෝං පුතා
     
    • Like
    Reactions: sonicraze