රහසක් තියනවා නම් ගැනියෙක්ටම කියපපියව් එල ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    urubokka-incident

    මවක ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු සමග එක්වී මීට වසර තිස් තුනකට පමණ ඉහත දී පියා ඝාතනය කර සිරුර ගෙවත්තේ පිහිටි වැසිකිළි වළකට දමා සඟවා ඇති බව කියමින් එම කාන්තාවගේ පුතකු මාතර, ඌරුබොක්ක පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

    පියා මරා සැඟ වූ වැසිකිළි වළ මත පොල් පැළයක් මව සහ ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයා විසින් එම වකවානුවේදීම සිටුවන ලද බවත් එම පොල් පැළය සරුවට වැවී දැනටත් තිබෙන බවත් පැමිණිලිකරු පොලිසියට පවසා ඇති බව දැන ගැනීමට ඇත. ඒ අනුව එම ඝාතනය සොයා පරීක්ෂණයක් අරඹා තිබේ.
    දොලමුල්ල අන්නාසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කපුගේ ජිනදාස නමැති තම පියා මෙසේ ඝාතනය කර ඇති බවට ඔහුගේ පුතකු වන කපුගේ සුනිල් නමැත්තා ඌරුබොක්ක පොලීසියට ඉකුත් 12 වැනිදා මෙම පැමිණිල්ල කර ඇතැයි වාර්තා විය.


    අනියම් සැමියා බව කියන පුද්ගලයා සමග එක් වී සිය සැමියා මරා වැසිකිළි වළට දමා සැඟ වූ බව කියන කාන්තාව මේ වන විට අසූ පස් හැවිරිදි (85) වියේ පසුවන තැනැත්තියක යැයි පොලීසිය සඳහන් කරයි. මෙම වයෝවෘද්ධ කාන්තාව අංශභාගය රෝගය වැළඳී එක්තැන්ව සිටින බව ද පොලිසිය කියයි.

    ඇය අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන එම පුද්ගලයා ද තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු ද එම කාන්තාවගේ වයසේම පසුවන බවත් කියති. සිය පියා ඝාතනය කර වැසිකිළි වළට දමා සැඟ වූ බව කියන වකවානුවේ පැමිණිලිකරු අවුරුදු 16ක පමණ වයසේ පසුවූ පාසල් සිසුවකුව සිට ඇතැයි පොලිසිය කියයි. වසර තිස් තුනක පමණ කාලයක් සඟවාගෙන සිටි බව කියන, සිය සැමියා මරා දැමීමේ රහස මෙම කාන්තාව ඇයගේ නැගණිය සමඟ මෑතක දී පවසා ඇති බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය. සැමියා මරා දමා ඔහුගේ සිරුර සඟවා දැමූ බව කියන මෙම සිද්ධිය තමන්ගේ හිතට නිතර වද දුන් නිසා මරණයට පත් වීමට කලින් හිත නිදහස් කර ගැනීමට ඇය සිය නැගණිය සමඟ ඒ බව පවසා ඇති බව ද කියති.


    රහසක් වශයෙන් තබා ගන්නා ලෙස පවසමින් සිය නැගණියට පැවසූ රහස ඇය පැමිණිලිකරුගේ බිරිය සමග පවසා ඇතැයි පොලීසිය සඳහන් කරයි.ඇය මේ බව සිය සැමියාට දැනුම් දීමෙන් පසු ඔහු මේ බව පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට කතා කර ඉකුත්දා 10වැනිදා දැනුම් දී ඇත.පොලිස් හදිසි ඇමතුම් අංශය මේ බව ඌරුබොක්ක පොලීසියට දැනුම් දීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් ගැන හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාට දැනුම් දීමෙන් පසුව ඔහුගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    මෙම අබිරහස් ඝාතනය ගැන ඌරුබොක්ක පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වාරයේ පොලිස් හදිසි ඇමතුම් අංශයට කතාකර මේ බව දැනුම් දුන් පුද්ගලයාගේ පුතා ඌරුබොක්ක පොලීසියට ද ඉකුත් 12 වැනි දා පැමිණ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළි කරමින් පැමිණිල්ලක් කර ඇත. සිය පියා ඝාතනය කර මීට වසර තිස් තුනකට පමණ ඉහත දී වළ දැමූ ස්ථානය පෙන්වාදිය හැකි බව පැමිණිලිකරු පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.
    ඌරුබොක්ක පොලිසිය මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර අධිකරණ නියෝගයක් ලබා ගෙන අදාළ ස්ථානයේ කැණීම් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි. කැණීම් කටයුතු කරන තෙක් අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයා ඇත.
    ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
    510gossiplanka640x353.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    karma-karma-is-a-bitch.gif



    අනියම් සැමියා බව කියන පුද්ගලයා සමග එක් වී සිය සැමියා මරා වැසිකිළි වළට දමා සැඟ වූ බව කියන කාන්තාව මේ වන විට අසූ පස් හැවිරිදි (85) වියේ පසුවන තැනැත්තියක යැයි පොලීසිය සඳහන් කරයි. මෙම වයෝවෘද්ධ කාන්තාව අංශභාගය රෝගය වැළඳී එක්තැන්ව සිටින බව ද පොලිසිය කියයි.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    අරූ ඕක අදින්නෙ තාත්තාට ආදරේකට නම් නෙමෙයි. දේපල සීන් එකක් හෝ අම්මා බලාගන්න වගකීමකින් මොකක් හරි පැනයෑමකට කියල මට හිතෙන්නෙ.
    correct
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    මම එක පාරක් කෙල්ලෙක්ට රහසක් කිව්වා කාටවත් කියන්න එපා කියලා. ඔය රහස හෙන කෙල්ලෝ අතරේ වටයක් ගිහිල්ලා මට දවසක් ඇවිල්ලා වෙන කෙල්ලෙක් කිව්වා කාටවත් කියන්න එපා කියලා මම කියපු රහස මට කියනවා. ඒ අස්සේ මට ඇහුනා ඒ රහස කාටවත් කියන්න එපා කිය්ලා තව දෙතුන් දෙනෙකුට ඒකිම කියනවා. :sorry:

    සරදියල් කෙල වුනේ ගෑනිට රහස කියන්න ගිහින් කියනවනේ :yes:

    මේ වගේ ගේම් කොච්චර ඇතිද හිතපන් කව්රුවත් දන්නේ නැති.
    එකපාරක් ඉන්දියාවේ මිනියක් මරලා බිත්තියට තියලා කපරාදු කරලා තිබ්බේ. අවුරැදු ගානකට පස්සේ ගේ ගත්තු එකෙක් ගේ Repair කරනකොට තමයි බිත්තිය අස්සෙන් ඇටසැකිල්ල මතු වුනේ.
    ------ Post added on May 16, 2023 at 4:50 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එකපාරක් ඉන්දියාවේ මිනියක් මරලා බිත්තියට තියලා කපරාදු කරලා තිබ්බේ. අවුරැදු ගානකට පස්සේ ගේ ගත්තු එකෙක් ගේ Repair කරනකොට තමයි බිත්තිය අස්සෙන් ඇටසැකිල්ල මතු වුනේ.
    හම්මට.. ඉතින් බලහන්. ලන්ක්වෙත් ඇති ඔය වගේ දීපු ගේම් කෙළියට මොනවා උනාද කියල හිතාගන්නවත් බැරි රහස්.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    karma-karma-is-a-bitch.gif



    අනියම් සැමියා බව කියන පුද්ගලයා සමග එක් වී සිය සැමියා මරා වැසිකිළි වළට දමා සැඟ වූ බව කියන කාන්තාව මේ වන විට අසූ පස් හැවිරිදි (85) වියේ පසුවන තැනැත්තියක යැයි පොලීසිය සඳහන් කරයි. මෙම වයෝවෘද්ධ කාන්තාව අංශභාගය රෝගය වැළඳී එක්තැන්ව සිටින බව ද පොලිසිය කියයි.
    Baduma thamai itin :yes:

    මේ වගේ ගේම් කොච්චර ඇතිද හිතපන් කව්රුවත් දන්නේ නැති.
    Aniwa bn ayye matath kochcharwath hithena deyak
    Minisunge hith kiywanna puluwan power ekak hamba wenwa nam :)
    ------ Post added on May 16, 2023 at 4:56 PM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    ගැනියෙක්ට රහසක් හන්ගන් ඉන්නව කියන එක බල්ලෙක්ට ගූ නොකා ඉන්න කියනව වගෙ වැඩක්
    බල්ලට ගු නොකැවොත් ඔලුව පැලෙනවලු කන්නම ඔනෙලු එ වගෙ තමා ගැනියෙක්ටත් රහස කාටවත් කියනකන් නින්ද යන්නෙ නැ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Lasantha wickramathunga wageda
    ඒවා නම් කරපු උන් දන්නවා. මරනෙත් තියනව නේ බන්. මම කියන්නේ මේ වගේ මනුස්සය අතුරුදහන්ම වෙන සින් කිසිම සැක කාරයෙක් නැතුව.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    ගැනියෙක්ට රහසක් හන්ගන් ඉන්නව කියන එක බල්ලෙක්ට ගූ නොකා ඉන්න කියනව වගෙ වැඩක්
    බල්ලට ගු නොකැවොත් ඔලුව පැලෙනවලු කන්නම ඔනෙලු එ වගෙ තමා ගැනියෙක්ටත් රහස කාටවත් කියනකන් නින්ද යන්නෙ නැ
    @Solo Rider එක්ක තියන ඇයි හොදය්ය අදම නතර කරන්න ඕනේ.........🤢🤢