රහසඟ වෙන්වෙන්න කපලා..

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සිය දරුවන් සමග නිවසක සිටි කාත්තාවක අපයෝජනය කිරීමට තැත් කළ පුද්ගලයකු ඇගේ ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා ඇති සිදුවීමක් ගලේවෙලින් වාර්තාවේ.
    කාත්තාව සිදුකළ ප්‍රහාරයෙන් අදාළ සැකකරුගේ ලිංගේන්ද්‍රිය කැපී වෙන්වී ඇති අතර
    ඔහුව දඹුල්ල මුලීක රෝහලේදි ශල්‍යකර්මයකට භාජනය කර තිබේ. සිය දරුවන් දෙදෙනා සහ සැමියාගේ මව හා පියා සමග නිවසේ සිටියදී නාවික හමුදා සැමියාගේ දුරකථන ඇමතුමක් ලැබෙනතුරු බිරිද මධ්‍යම රාත්‍රිය වනවිට දොරට තට්ටු කරමින් අ‍යෙකු හදිසියක් බව පවසා තිබේ.

    අසල්වැසියකුගේ කටහඩ ඇසීම නිසා නිවසේ කාන්තාව ඉදිරිපස දොර විවෘත කර ඇත. එම අවස්ථාවේ සැකකරු එකවර තියුණු අවියක් ගෙල ප්‍රදේශයට තබා එම කාත්තාව නිවස පිටුපසට ඇදගෙනගොස් ඇති අතර, පසුව සැකකරු ආයුධය බිම තබා අතවරය සිදු කරන්නට උත්සාහ කර ඇත. එම අවස්ථාවේ උපයාශීලවූ කාන්තාව බිම තිබූ තියුණු පිහිය රැගෙන සැකකරුගේ රහස් ප්‍රදේශය කැපීයන සේ පහර එල්ල කර තිබේ.

    එම අවස්ථාවේ ලේ පෙරාගෙන සැකකරු වැටී තිබේ. කාන්තාව වහාම ගෙට දිව ගොස් දෙමාපියන්ට සහ දරුවන්ට කතා කර ඇති බවත්, කෑ ගැසීමත් සමග ප්‍රදේශවාසීන් පැමිණ මෙම නිවස පිටුපස වැටී සිටි පුද්ගලයා ගලේවෙල රෝහලට රැගෙන ගොස් ඇති බවත් වාර්තා විය.
    පිහි පහර නිසා දරුණු ලෙස තුවාල සිදුවී ඇති සැකකරුගේ ලිංගේන්ද්‍රිය කැපී වෙන්වී ඇති බව රෝහල් ආරංචි හෙළි කර තිබේ.
    වැඩිදුර ප්‍රතිකාර සදහා සැකකරු දඹුල්ල රෝහලට මාරු කර යවා තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

    එස්.කරුණාරත්න.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එල වැඩේ,පව් මොනවා උනත් දැන් ඉතින් ගමෙත් ඉදලා ඉවරයිනෙ