රහස්‌_ගිවිසුම

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මචන්ලා මම එක පක්ශෙකටවත් කඩේ යන්නේ නෑ.. දේශපාලනය මට අරහං... ඒත් අද පත්තරේ තිබුන මේ ආර්ටිකල් එක කියවලා ඇගේ ලේ ටික පිච්චුනා... කාවද බන් අපි විශ්වාස කරන්නේ?? අපේ අනාගත පරපුරට නිදහසේ ජීවත් වෙන්න රටක් මුන් ඉතුරු කරයිද?

    ටැමිල් නෙට්‌ හෙළිකරන
    චන්ද්‍රිකා සම්බන්ධන් රහස්‌ ගිවිසුම

    ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර රහසිගත ගිවිසුමක්‌ ඇති කර ගත් බව මුලින්ම අනාවරණය වූයේ නෝර්වේ සිට ප්‍රකාශයට පත් වන ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියෙනි.

    මෙම ගිවිසුමේ කොන්දේසි මෙසේය

    1 13 වැනි සංශෝධනය ඉටු කිරීම (ඉඩම් හා පොලිස්‌ බලතල සමග)

    2 නැගෙනහිර පළාත් සභාවේ බලය වෙනස්‌ කිරීම

    3 උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරුන් වෙනස්‌ කිරීම

    ජනාධිපතිවරණයට පෙර අනෙක්‌ ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ද්‍රවිඩ සංධාන නායකයාගෙන් ඉල්ලා සිටි බවද එකී වෙබ් අඩවිය හෙළි කළේය.

    එහෙත් එවන් ගිවිසුමක්‌ නැතැයි සම්බන්ධන් හෝ කුමාරතුංග පැවසූවේ නැත. මෙම ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් කළ ප්‍රකාශයෙනි.

    මනෝ ගනේෂන් මෙලෙස පවසා ඇත.

    "පසුගිය කාලය තිස්‌සේ දෙමළ ජනතාවට තමන්ගේ සුන්දර සිහිනය සැබෑකර ගැනීමට නොහැකි වුණා. ජනවාරි 8 දා එකී සිහිනය සැබෑ කර ගන්නවා. ඉන්පසු දෙමළ ජනතාව පෙළ ගස්‌වනවා.

    මනෝ ගනේෂන් පවසන සුන්දර සිහිනය කුමක්‌ද? ඒ උතුරු නැගෙනහිර පාලනය මෛත්‍රිපාල සිරිසේන යටතේ ලබා ගැනීමයි.

    චන්ද්‍රිකා සහ සම්බන්ධන් අතර ඇති වූ බව කියන රහසිගත ගිවිසුම ගෝලීය ද්‍රවිඩ සංසදයද දනී.

    එකී සංසදයේ ප්‍රකාශක සුරේශ් සුරේන්ද්‍රන් පැවසූවේ ලබන ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂව ජාත්‍යන්තර අධිකරණය වෙත බාරදීමට පත්වන පාලකයන්ට සිදුවන බවයි.

    ගෝලීය ද්‍රවිඩ සංසදය ලබන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිව පරාජය කිරීමට සියලු සහය ද්‍රවිඩ සංධානය වෙත ලබා දෙන බවද සුරේශ් සුරේන්ද්‍රන් තවදුරටත් පවසා තිබේ.

    මේ අතර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. ශීsධරන් කිලිනොච්චියේ අරිවගම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙලෙස පවසා ඇත. මහින්ද ජනාධිපති පුටුවෙන් ඉවත් කළ යුතු පුද්ගලයකු බව ද්‍රවිඩ ජනතාවගේ මතයයි. ද්‍රවිඩ සංධානය ඒකාබද්ධ විපක්‍ෂය සමග ඇති කර ගත යුතු ගිවිසුම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සීමා නොවේ. ද්‍රවිඩ සංධානය තීරණ ගන්නේ ඉන්දියාව සහ බටහිර බලවතුන්ගේ ස්‌ථාවරය මතයි. ද්‍රවිඩ ජනතාවද එය අනුමත කර ඇත.

    මින් ශ්‍රීධරන් පවසන්නේ ගිවිසුමක්‌ ඇති බව නොවේද?

    මේ ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතු වී ඇත්තේ බටහිර තානාපති කාර්යාල 8 ක නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය සාකච්ඡා කිරීමයි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය රහස්‌ සාකච්ඡාවල නිරත වීමයි.

    පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්‌තරා තානාපති කාර්යාලයක්‌ රුපියල් මිලියන 10 ක්‌ ද්‍රවිඩ සංධානයට ලබා දී තිබූ බව හෙළි විය.

    මේ නිසා මේ චන්ද්‍රිකා - සම්බන්ධන් ගිවිසුමේ සැබෑ යථාර්ථය පොදු විපක්‍ෂය රටට හෙළි කර නැත.

    මෙහිදී මතුවන භයානක තත්ත්වය නම් ද්‍රවිඩ සංධානය හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමයි.

    ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කළ ප්‍රකාශයද සිහිපත් කළ යුතුය. මගේ 28 හැවිරිදි පුත්‍රයා දුරකථනයෙන් මාව අමතමින් තමා ශ්‍රී ලාංකිකයකු සහ සිංහලයකු වීම ගැන ලැජ්ජා වන බව පැවසූවා. ඔහු චැනල් 4 කිලිංෆීල්ඩ් චිත්‍රපටය බලා ඒ බව පැවසූවා. මගේ දුවත් ඒ බව කියා සිටියා.

    චන්ද්‍රිකා කුමාරතුංග කළ මේ ප්‍රකාශය ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව නගන චෝදනාවලට උපකාර වීමකි.

    එහෙත් චෙම්මිනි සමූහ මිනීවළේ සිද්ධිය සිදු වූයේ කුමාරතුංග පාලන සමයේදීය. ක්‍රිශාන්ති කුමාරස්‌වාමි සිසුවිය ඝාතනය වීමේ සිද්ධියද ඊට සම්බන්ධය.

    මේ දකින සිදුවීම අමතක කළ හැකිද?

    එම සටනේ හමුදාපති වූ ශ්‍රීලාල් වීරසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සම්මේලනයේ ලේකම් පිල්ලේ රම්සා හිටපු ජනාධිපතිනියට චෝදනා නගා නැත.

    මේ අතර සම්බන්ධන් - චන්ද්‍රිකා ගිවිසුමත් සමගම ද්‍රවිඩ සංධානය සමග කොටි හිතවාදී සංවිධාන අටක්‌ ඒකාබද්ධ වී ඇත.

    ඇමරිකාවේ පැවැති මෙම ඒකාබද්ධ රැස්‌වීමට ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී මාවයි සේනාධිරාජා සහභාගි වී තිබේ. මෙවැනි ඒකාබද්ධවීමක්‌ මින් පෙර සිදු වී නැත. එසේ නම් එය චන්ද්‍රිකා සම්බන්ධන් රහස්‌ ගිවිසුමේ තවත් ක්‍රමවේදයක්‌ද?

    මෙම තත්ත්වය මත ද්‍රවිඩ සංධානය පොදු විපක්‍ෂයට සහය දෙන්නේ ෂයිලොක්‌ නැමැති යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලා සිටි ක්‍රියාවට සමාන ලෙස බව පැහැදිලිය.

    2002 සටන්විරාම ගිවිසුම පවා ජනතාවට හොරෙන් සකස්‌ කර අත්සන් කිරීමට විපක්‍ෂයේ පිරිස්‌ ක්‍රියා කළා නම් චන්ද්‍රිකා - සම්බන්ධන් රහස්‌ ගිවිසුම ජනතාවට හෙළි කරනු ඇතැයි සිතිය හැකිද?

    ශ්‍රී ලංකාවේ උදාවී ඇති පූර්ව මැතිවරණ සමය අරබයා තමිල්නාඩුවේ ඊළම් හිතවාදී කොටස්‌ අතර පවත්නා ප්‍රබෝධය ද සුළුපටු එකක්‌ නොවන බව පෙනේ. ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළමක්‌ බිහිවන සුබ පෙරමඟ ලකුණු මතුවෙමින් පවත්නා බව දැන් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ තමිල්නාඩු නාම් නමිලර් පක්‍ෂයේ නායක චිත්‍රපට අධ්‍යක්‍ෂ සීමන්ය.

    ඔහු තම හදිසි නිවේදනය තුළින් වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ එළඹෙන කාලය ඊළාම් ජනතාවගේ වීරත්වය නැවත මතුවන වකවානුව වන අතරම එහි ප්‍රථිපලයක්‌ වශයෙන් ඊළම බිහිවීම අත ළඟටම පැමිණ ඇති බව ද වෙයි.

    tamilnet3.jpg

    tamilnet1.jpg

    Source: http://www.divaina.com/2014/12/07/politics02.html
     
    • Like
    Reactions: chathu05

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය පත්තර වල බොරු බන් තියෙන්නෙ, උන් නොකිය කියන්නෙ මහින්දට කතිරෙ ගහපන් කියලා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය නිමල් වෙල්ගමගෙ පත්තරෙ ටෙලිකොම් සභාපති වල්ගමගෙ අයිය.
    අද මයිත්‍රී ඉල්ලන්නෙ නැතිව රනිල් ඉල්ලනවනම් ඔතන නම වැටෙන්නෙ චන්ද්‍රිකාගෙ නෙමෙයි රනිල්ගෙ.
    මයිත්‍රීට කෙලින්ම ගහන්න බැරිනිසා තමයි චන්ද්‍රිකාට ගහන්නෙ.
    ඔනි දෙයක් උබ ආන්ඩුවෙ පත්තර බලල කලකිරෙනවනම්
    ඒක උබේ බුදිදියේ දැනුමෙ දිග පලල අනුව දේශපාලන තීරන ගනින්.
    හැමදාම ඇන්දිලි දෙශ්පාලනය කරන්න බැහැ
    මිනිස්සු තුන්පාරක්ම බිල්ලො පෙන්නල රවට්ටන්න බැහැ.
    ඇන්දිලි දෙසපාලනයට හොදට උත්තර හම්බ උනා ඉයෙ සටනින්
    https://www.youtube.com/watch?v=e3E5N5_jw3c&list=PL30JWK-wB21HUKlquwuiy6TD-pwPOqlrc
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ඔය පත්තර වල බොරු බන් තියෙන්නෙ, උන් නොකිය කියන්නෙ මහින්දට කතිරෙ ගහපන් කියලා

    අනේ මන්දා බන්.. මුන් හැමදාම කරේ මිනිස්සුන්ව රවට්ටපු එක.. සින්හලයාට තියෙන්නේ මේ රට විතරයි.. මේකත් නැති උනොත් මුහුදට පනින්න තමයි වෙන්නේ.. අපේ පර හැත්තම තමයි අපේ වරිගය නහන්නේ.. ඩොලර් කුට්ටිවලටයි තමන්ගේ පෞද්ගලික වාසියටයි රට පාවාදෙන සක්කිලි දේශපාලකය්යො ඉන්න මේ රටේ අනාගතයට නම් දෙය්යන්ගෙම පිහිටයි තමයි :sorry:
     
    Apr 23, 2010
    355
    41
    0
    ඔය නිමල් වෙල්ගමගෙ පත්තරෙ ටෙලිකොම් සභාපති වල්ගමගෙ අයිය.
    අද මයිත්‍රී ඉල්ලන්නෙ නැතිව රනිල් ඉල්ලනවනම් ඔතන නම වැටෙන්නෙ චන්ද්‍රිකාගෙ නෙමෙයි රනිල්ගෙ.
    මයිත්‍රීට කෙලින්ම ගහන්න බැරිනිසා තමයි චන්ද්‍රිකාට ගහන්නෙ.
    ඔනි දෙයක් උබ ආන්ඩුවෙ පත්තර බලල කලකිරෙනවනම්
    ඒක උබේ බුදිදියේ දැනුමෙ දිග පලල අනුව දේශපාලන තීරන ගනින්.
    හැමදාම ඇන්දිලි දෙශ්පාලනය කරන්න බැහැ
    මිනිස්සු තුන්පාරක්ම බිල්ලො පෙන්නල රවට්ටන්න බැහැ.
    ඇන්දිලි දෙසපාලනයට හොදට උත්තර හම්බ උනා ඉයෙ සටනින්
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    අනේ මන්දා බන්.. මුන් හැමදාම කරේ මිනිස්සුන්ව රවට්ටපු එක.. සින්හලයාට තියෙන්නේ මේ රට විතරයි.. මේකත් නැති උනොත් මුහුදට පනින්න තමයි වෙන්නේ.. අපේ පර හැත්තම තමයි අපේ වරිගය නහන්නේ.. ඩොලර් කුට්ටිවලටයි තමන්ගේ පෞද්ගලික වාසියටයි රට පාවාදෙන සක්කිලි දේශපාලකය්යො ඉන්න මේ රටේ අනාගතයට නම් දෙය්යන්ගෙම පිහිටයි තමයි :sorry:

    එක තමයි.
    අපිට තියෙන්නේ ලංකාව ව්තරයී.

    මහින්ද මොනා වුනත් ලංකාව පාවලා දෙන ජාතියේ නෙමෙයී.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    owa paththarawala dana un dannawa ban uba wage harak owa kiyawanawa kiyala

    අඩේ මම හරකෙක්ද යකො...:angry: හැම දෙයක්ම සුලුවෙන් හිතන්න එපා මචන්.. අපිට එක පාරක් නෙවෙයි දහස් පාරක් හිතලා තීරන ගන්න ඔන කාලයක් මේක.. පත්තරවල යන සීන් ඔක්කොම බයිලා වෙන්න පුලුවන්. ඒත් ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ නේද? කොහොමත් චන්ද්‍රිකාව නම් මට දිරවන්නේම නෑ.. මහින්දත් යුද්දෙන් පස්සේ සාමාන්ය මිනිහට කරපු කෙන් ගෙඩියක් නෑ.. මුන් ඔක්කොම එකයි..:eek:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය නිමල් වෙල්ගමගෙ පත්තරෙ ටෙලිකොම් සභාපති වල්ගමගෙ අයිය.
    අද මයිත්‍රී ඉල්ලන්නෙ නැතිව රනිල් ඉල්ලනවනම් ඔතන නම වැටෙන්නෙ චන්ද්‍රිකාගෙ නෙමෙයි රනිල්ගෙ.
    මයිත්‍රීට කෙලින්ම ගහන්න බැරිනිසා තමයි චන්ද්‍රිකාට ගහන්නෙ.
    ඔනි දෙයක් උබ ආන්ඩුවෙ පත්තර බලල කලකිරෙනවනම්
    ඒක උබේ බුදිදියේ දැනුමෙ දිග පලල අනුව දේශපාලන තීරන ගනින්.
    හැමදාම ඇන්දිලි දෙශ්පාලනය කරන්න බැහැ
    මිනිස්සු තුන්පාරක්ම බිල්ලො පෙන්නල රවට්ටන්න බැහැ.
    ඇන්දිලි දෙසපාලනයට හොදට උත්තර හම්බ උනා ඉයෙ සටනින්
    https://www.youtube.com/watch?v=e3E5N5_jw3c&list=PL30JWK-wB21HUKlquwuiy6TD-pwPOqlrc

    :lol::lol::lol::lol:
    uba kawadakwath divina athulata awith thiyenawanam oka kiyanne naha
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අඩේ මම හරකෙක්ද යකො...:angry: හැම දෙයක්ම සුලුවෙන් හිතන්න එපා මචන්.. අපිට එක පාරක් නෙවෙයි දහස් පාරක් හිතලා තීරන ගන්න ඔන කාලයක් මේක.. පත්තරවල යන සීන් ඔක්කොම බයිලා වෙන්න පුලුවන්. ඒත් ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ නේද? කොහොමත් චන්ද්‍රිකාව නම් මට දිරවන්නේම නෑ.. මහින්දත් යුද්දෙන් පස්සේ සාමාන්ය මිනිහට කරපු කෙන් ගෙඩියක් නෑ.. මුන් ඔක්කොම එකයි..:eek:

    uba mahindata deepan machan awulak na. mama nan maruwath denne na. eke aye bala bala inna deyakuth na
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දිවයින,මව්බිම,සිළුමිණ ඕව සීරියස් ගන්න එපා මචං :D
     
    Chuty Baby

    Member
    Dec 7, 2014
    8
    1
    0
    අනේ ඕක ලියලා තියෙන්නේ කිර්ති වර්ණකුලසූරිය මාමි නේද?:lol::lol::lol: අනේ බබාට කක්කාත් ගියා පැම්පස් එකේ,ඕක කියවලා හිනා ගිය පාර.
     
    • Like
    Reactions: PMUB

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය නිමල් වෙල්ගමගෙ පත්තරෙ ටෙලිකොම් සභාපති වල්ගමගෙ අයිය.
    අද මයිත්‍රී ඉල්ලන්නෙ නැතිව රනිල් ඉල්ලනවනම් ඔතන නම වැටෙන්නෙ චන්ද්‍රිකාගෙ නෙමෙයි රනිල්ගෙ.
    මයිත්‍රීට කෙලින්ම ගහන්න බැරිනිසා තමයි චන්ද්‍රිකාට ගහන්නෙ.
    ඔනි දෙයක් උබ ආන්ඩුවෙ පත්තර බලල කලකිරෙනවනම්
    ඒක උබේ බුදිදියේ දැනුමෙ දිග පලල අනුව දේශපාලන තීරන ගනින්.
    හැමදාම ඇන්දිලි දෙශ්පාලනය කරන්න බැහැ
    මිනිස්සු තුන්පාරක්ම බිල්ලො පෙන්නල රවට්ටන්න බැහැ.
    ඇන්දිලි දෙසපාලනයට හොදට උත්තර හම්බ උනා ඉයෙ සටනින්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015